SLT-MOBITEL eChannelling මෙවර SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ රන් සම්මානයෙන් ඇගයීමට ලක්වේ

ශ්‍රී ලංකාවේ විශාලතම චැනලින් ජාලය මෙන්ම SLT-MOBITEL හි අනුබද්ධ සමාගමක්වන eChannelling PLC, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing – SLIM) මගින් සංවිධානයකරන ලද 2023 SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ ලෙස ඇගයීමට ලක්විය. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

 



 

වාර්ෂිකව පැවැත්වෙන SLIM Brand Excellence සම්මාන උළෙලේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම අලෙවිකරණ ප්‍රයත්න සහ සන්නාමවල සාර්ථකත්වය ඇගයීමට ලක්කිරීම ය. ‘Logic Behind the Magic’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙවර සම්මාන උළෙලට අයදුම්පත් 175 ක් ඉදිරිපත් වී තිබූ අතර, ඒ අනුව එම සම්මාන උළෙල එහි ඉතිහාසයේ වඩාත්ම තරගකාරී සම්මාන උළෙලක් බවට පත් විය.

පසුගිය වසරේදී පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය වෙනුවෙන් මෙම සම්මාන උළෙලේ ‘Online Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය දිනාගන්නා ලද්දේ eChannelling විසිනි. eChannelling හි විශිෂ්ට අලෙවිකරණ ප්‍රයත්න, කාර්යසාධනය, සන්නාමයේ ශක්තිය, වෙළඳපොළ සවිඥානිකත්වය සහ ඵලදායී අලෙවිකරණ ක්‍රියාකාරකම් යනාදී සාධක එහිදී සැලකිල්ලට ගන්නා ලදී.වෙළදපොළ තුළ විශිෂ්ටත්වය හා නවෝත්පාදනය වෙනුවෙන් eChannelling දක්වන උනන්දුව හා කැපවීම මෙම ජයග්‍රහණය තුඩුදුන් තවත් ප්‍රධානත ම හේතුවක් විය.

මෙම සම්මානය, වෙළඳපොළේ ශක්තිමත් සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම නැවතත් තහවුරු කරයි. එමෙන්ම එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ යහපත් පරිවර්තනයක් ඇතිකිරීම සඳහා eChannelling දරන උත්සාහයට ලැබුණු ප්‍රමුඛ පෙළේ පිළිගැනීමක් ලෙසද සැලකිය හැකි අතර, එය මෙරට ඩිජිටල් සෞඛ්‍ය සේවා තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා eChannelling දිරිගන්වන සාධකයක් වනු නිසැක ය.

2023 වසරේදී සිය විසිවන සංවත්සරය සැමරූ eChannelling, ඉදිරියටත් නවීනතම නිෂ්පාදන හා සේවා හඳුන්වා දෙමින් මෙරට සෞඛ්‍ය සේවා හා ජීවන රටා වැඩිදියුණු කිරීම සඳහා කැප වී සිටී.

eChannelling බලගන්වනු ලබන්නේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL මගිනි. SLT-MOBITEL හි තාක්ෂණය සහ සේවා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට සහ ඩිජිටල්කරණය කිරීමට සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබේ.

2004 වසරේදී මුල්ම වරට වෛද්‍යවරුන් චැනල් කිරීමේ සේවා ආරම්භ කළ eChannelling මේ වනවිට රටේ දිස්ත්‍රික්ක 25 හිම සෞඛ්‍ය සේවා ආයතන සහ ඖෂධ අලෙවිසැල් සිය ගණනක් සමග අත්වැල් බැඳගෙන සිටී. විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලසීමාවේදී කඩිනමින් ආරක්ෂක විධිවිධාන හඳුන්වා දීමට සහ ජනතාව දැනුවත් කිරීමට ඉටුකළ මෙහෙවර නිසා eChannelling සේවාව රටේ බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්විය.

මෙම සම්මානය, නවීනතම තාක්ෂණ භාවිතා කරමින් සෞඛ්‍ය සේවා ඔස්සේ ජනතාවට විශිෂ්ට සේවාවක් සලසන සන්නාමයක් ලෙස eChannelling සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව

Error: Contact form not found.