SLT-MOBITEL ‘සිප් නැණ දායාද’ ඔස්සේ දිවයින පුරා සිසු සිසුවියන්ට නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව

2

 




 

 

2021 අගෝස්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, මෙරට මාර්ගගත (Online) ක්‍රමයට අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ‘සිප් නැණ දායාද’ වැඩසටහන ඔස්සේ නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම සඳහා, ශ්‍රී සම්බෝධි පදනම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ්‍රී සම්බෝධි පදනම සිසු සිසුවියන්ට නොමිලේ ටැබ්ලට් උපකරණ ලබාදීම සිදුකරන අතර, SLT-MOBITEL නොමිලේ අන්තර්ජාල සම්බන්ධතාව ලබාදෙයි. පවතින තත්ත්වය හේතුවෙන් පාසල් වසා දමා තිබුණද, සිසු සිසුවියන්ට බාධාවකින් තොරව තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට මෙම සත්කාරය මහෝපකාරී වනු ඇත.

මෙම වැඩසටහන යටතේ පිරිනමන ලද, සිම්පත් (SIM) යෙදූ පළමු ටැබ්ලට් උපකරණ තොගය වයඹ පළාතේ සිසු සිසුවියන් පිරිසක් වෙත ලබාදීම පසුගියදා සිදුකෙරිණි. එම පිරිස අතරින් බහුතරයක් එම පළාතේ ග්‍රාමීය පාසල් වල ඉගෙනුම ලබන සිසු සිසුවියෝ වූහ. ශ්‍රී සම්බෝධි පදනමේ නියෝජිතයන් පිරිසක් සහ SLT-MOBITEL හි ප්‍රාදේශීය කළමනාකාරවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම උත්සවයෙන් අනතුරුව, පුත්තලම, නිකවැරටිය සහ අම්පාර යන ප්‍රදේශ වල සිසු සිසුවියන් පිරිසක් වෙතද, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට අත්වැලක් වීමේ අරමුණින්, අන්තර්ජාල සම්බන්ධතාවන් ලබාදෙන ලදි.

අන්තර්ජාල සම්බන්ධතාව නොමැති වීම සහ ආර්ථික දුෂ්කරතා වැනි හේතු නිසා බරපතළ ගැටලු වලට මුහුණ දී සිටින සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට සහය වීමේ අරමුණින්, ශ්‍රී සම්බෝධි පදනම සමග එක්වී මෙම සුවිශේෂී ප්‍රජා සත්කාරය ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL කටයුතු කර තිබේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව