SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ මෙහෙයුම වේගවත් කරමින් ‘Fibre of the Nation’ වැඩසටහන දියත් කරයි

Image

 




 

 

පෙරළිකාරී නව තාක්ෂණයන්, ගමනාගමන විසඳුම්, නැණවත් සම්බන්ධතා ක්‍රම සහ සුහුරු උපකරණ රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වී ඇති මෙවන් යුගයක, ක්‍රමයෙන් දියුණුව කරා යන ඩිජිටල්කරණ ප්‍රවණතාවක් පවත්වාගෙන යාමට නම්, අධිවේගී දෘශ්‍ය තාක්ෂණයන් සහිත සාර්ථක නවෝත්පාදන සම්ප්‍රදායක් අත්‍යවශ්‍ය වේ. එය පුරවැසියන් සවිබල ගන්වමින්, ව්‍යාපාර වලට දියුණුව කරා යාමට මංපෙත් විවර කර දෙමින්, රටේ ආර්ථිකය සහ ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට මහෝපකාරී වන සාධකයකි.

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ජාලය වන SLT-MOBITEL, රට පුරාම සිය Fibre සම්බන්ධතාව ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටිනුයේ මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම වෙනුවෙනි. මෙම උත්සාහය, සැමට ඩිජිටල් තාක්ෂණ පහසුකම් හිමි වන ශ්‍රී ලංකාවක් තුළ සුහුරු ජීවන විලාසිතාවන් ප්‍රචලිත කිරීමට විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇත.

Fibre of the Nation’ වැඩසටහන

ශ්‍රී ලංකාව තුළ වෙනම රැහැන් ජාලයක් ඔස්සේ පරිපූර්ණ Fibre සම්බන්ධතාව ලබාදෙන එකම සමාගම SLT-MOBITEL වේ. Internet of Things (IOT), Smart home, Ultra HD TV, Gaming සහ අනෙකුත් තාක්ෂණික ප්‍රවණතාවන් ඔස්සේ, මේ වනවිට 100 mbps සිට 1000 mbps දක්වා Bandwidth ඉල්ලුම් සපුරාලීමට SLT-MOBITEL පියවර ගෙන ඇත.

අධිවේගී SLT-MOBITEL Fibre ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ වඩාත්ම වේගවත් සහ ස්ථාවර සම්බන්ධතා ජාලය ලෙස සැලකේ. සාගර පතුල හරහා දිවෙන ජාත්‍යන්තර කේබල් 84 ක් ඔස්සේ එය අවම දත්ත සංචරණ කාලයක් සමගින් සෘජු ජාත්‍යන්තර සම්බන්ධතාවක් සහතික කරයි. එමෙන්ම දිවයින පුරා කිලෝමීටර් 60,000 කට වැඩි Fibre ජාලය නිසා SLT-MOBITEL පාරිභෝගිකයන්ට දැනටමත් ප්‍රතිලාභ රාශියක් අත්වී තිබේ.

SLT-MOBITEL Fibre නිසා පාරිභෝගිකයන්ට සිය වෘත්තීය කටයුතු සහ පෞද්ගලික කටයුතු ඇතුළුව තම ජීවිත වල සියලුම පැතිමානයන් ඒකාබද්ධ කිරීමට අවස්ථාවක් උදා වී ඇත. ඔවුන්ට Uultra HD මට්ටමේ රූපවාහිනී නාලිකා සහ වීඩියෝ නැරඹීමේ අවස්ථාව ලබාදෙන PEOTV පහසුකම්, අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව, DATA සේවාවන්, Wi-Fi, VoIP, Live feeds සහ streaming, මාර්ගගත අධ්‍යාපනය, විද්‍යුත් ක්‍රීඩා, දුරස්ථ ක්‍රමයට රාජකාරි කිරීමේ පහසුකම්, වීඩියෝ සම්මන්ත්‍රණ ඇතුළු විද්‍යුත් සේවාවන් මෙන්ම තවත් සේවාවන් රාශියක් ලබාගැනීමට මේ වනවිට අවස්ථාව හිමි වේ.

එමෙන්ම SLT-MOBITEL Fibre ඔස්සේ ලැබෙන Smart Living විසඳුම් රට පුරා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ප්‍රතිලාභ රාශියක් සලසයි. මේ ඔස්සේ ඔවුන්ට ක්ලවුඩ් පරිගණක පහසුකම්, විද්‍යුත් අයදුම්පත් සේවා පහසුකම් සහ දැනුම් හුවමාරු හා සංවර්ධන අවස්ථා ඇතුළු පහසුකම් රැසක් හිමි වේ. එමෙන්ම SLT-MOBITEL Fibre හි අතිනවීන තාක්ෂණය හේතුවෙන් විනෝදාස්වාද, අධ්‍යාපන, පාරිභෝගික විකුණුම් සහ ජීවන විලාසිතා ක්ෂේත්‍රයන්හිද සුවිශාල පෙරළියක් ඇතිවනු නොඅනුමාන ය.

COVID-19 හමුවේ අධිවේගී සම්බන්ධතා සඳහා ඇති ඉල්ලුම සපුරාලීම

COVID-19 රෝග ව්‍යාප්තියේ ආරම්භයේ සිටම පාරිභෝගිකයන්ට මෙන්ම සමාගම්, ආයතන හා ව්‍යාපාර වලට නව ආකෘතීන්ට ඉක්මනින් අනුගත වීමට සිදුවූ අතර Broadband සේවාවන් සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියේ ය. මෙම තත්ත්වය මත, ජාල සම්බන්ධතාවන් ස්ථාවරව පවත්වාගැනීම මෙන්ම, එම සම්බන්ධතාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අන් කවරදාටත් වඩා වැදගත් වී තිබේ.

මෙම අවශ්‍යතාව සපුරාලිය හැකි අඛණ්ඩ සම්බන්ධතාවක් ලබාදෙන අතරම නව ඩිජිටල් නිෂ්පාදන, විසඳුම් හා සේවාවන් හඳුන්වා දෙමින්, ශ්‍රී ලාංකිකයන්ට නවතම සන්නිවේදන විසඳුම් හා අත්දැකීම් පිරිනැමීමට SLT-MOBITEL සමත් වී ඇත.

ඩිජිටල් ආර්ථිකයක් උදෙසා රජයේ දැක්ම

රජය මේ වනවිට ඩිජිටල් තාක්ෂණයෙන් පන්නරය ලබන ආර්ථිකයක් සහ නවෝත්පාදනය, දැනුම සහ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් බිහිකිරීම සඳහා ඩිජිටල්කරණය වෙත පරිවර්තන ගමනක් ආරම්භ කර තිබේ. කෙසේ වුවත්, සියලුම පුරවැසියන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ අත්විඳීමට හැකි වීමට නම්, රටේ දුෂ්කර ප්‍රදේශ වල වෙසෙන ජනතාව ඇතුළුව සියලුම දෙනාට සහනදායී මිලගණන් යටතේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවන් හිමි විය යුතු බව රජය විශ්වාස කරයි.

‘සියල්ලන්ට ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ හිමිවන සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම’ රජයේ දැක්ම වේ. පුරවැසියන් කේන්ද්‍ර කරගත් එවැනි සමාජයක් තුළ තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කෙරෙන අතර, ඒ ඔස්සේ ශ්‍රී ලංකාව, ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රයක් ලෙස ස්ථානගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කිරීමේදී උසස් තත්ත්වයෙන් යුත් සන්නිවේදන හා අන්තර්ජාල පහසුකම් සහනදායී මිලගණන් යටතේ ලබාදිය හැකි පසුබිමක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබේ.

ශ්‍රී ලංකාව පුරා අධිවේගී Fibre සම්බන්ධතාව

ශ්‍රී ලංකාව තුළ මෙම තාක්ෂණික පරිවර්තනය සිදුකිරීම සඳහා පෙරමුණ ගෙන සිටින්නේ, රටේ Broadband තාක්ෂණයේ පුරෝගාමියා වන SLT-MOBITEL ය. රටේ Broadband ධාරිතාව පුළුල් කරමින්, අන්තර්ජාල භාවිතයේ පෙරළියක් සිදුකිරීම සඳහා SLT-MOBITEL පුරෝගාමී මෙහෙවරක් ඉටුකරමින් සිටී.

SLT-MOBITEL හි පරමාර්ථය වී ඇත්තේ සියලුම දෙනාට විවෘත ඩිජිටල් අනාගතයක් නිර්මාණය කිරීම යි. මෙම ක්‍රමෝපායික දැක්ම යථාර්ථයක් බවට පත්කිරීමට අවශ්‍ය සංකීර්ණ ජාත්‍යන්තර හා දේශීය ජාල යටිතල පහසුකම් සහ අනෙකුත් පද්ධති වෙනුවෙන් SLT-MOBITEL දැනටමත් රුපියල් බිලියන ගණනින් ආයෝජනයන් සිදුකර ඇත.

වර්තමානය වනවිට SLT-MOBITEL Fibre ජාලය රටේ විවිධ ක්ෂේත්‍ර සහ සමාජ-ආර්ථික කාණ්ඩ තුළ ඵලදායීතාව නංවමින් සහ නව රැකියා අවස්ථා නිර්මාණය කරමින්, රටේ ආර්ථික සංවර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දක්වමින් සිටී.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව