SLT-MOBITEL වෙතින් Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට

SLT Telecom logo (LBN)

අතිනවීන fibre සම්බන්ධතා පහසුකම්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, Windsta City Apartments නිවාස ව්‍යාපෘතියට අතිනවීන fibre සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සඳහා පසුගියදා Hestia Engineering (පුද්.) සමාගම සමග ගිවිසුම්ගත විය. මෙම නිවාස ව්‍යාපෘතිය අංක 04, වින්සර් ඇවිනියු, දෙහිවල යන ස්ථානයෙහි පිහිටා තිබේ. මෙම එකඟතාව තුළින් Windsta City Apartments හි පදිංචිකරුවන්ට SLT-MOBITEL පිරිනමන නවීනතම ඩිජිටල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පහසුකම් අත්විඳීමට හැකියාව ලැබෙනු ඇත.

මෙම ගිවිසුමට SLT සමාගම වෙනුවෙන් එහි සාමාන්‍යාධිකාරී (පාරිභෝගික ව්‍යාපාර සහය) සුගත් ආර්. ද සිල්වා මහතා විසින්ද, Hestia Engineering (පුද්.) සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂතුමන් විසින්ද අත්සන් තබන ලදී. දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
 



 

නවීන ලෝකයේ ඩිජිටල් නිවාස සංකල්පයට ගැළපෙන නවතම අධ්‍යාපනික හා විනෝදාස්වාද පහසුකම් මෙන්ම නිවෙස්වල සිටම රාජකාරී කිරීමට අවශ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පහසුකම් මෙරට ජනතාවට පිරිනැමීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි. ශ්‍රී ලංකාවට නවීනතම fibre තාක්ෂණය හඳුන්වා දෙන ලද්දේ මෙම උත්සාහයෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මෙබඳු ගිවිසුම් හරහා එම තාක්ෂණය රටේ වැඩි පිරිසක් වෙත සමීප කරවීමට SLT-MOBITEL සමත් වී තිබේ.

Windsta City Apartments ව්‍යාපෘතිය නිවාස 10 කින් සමන්විත වන අතර, මෙම ගිවිසුම යටතේ SLT-MOBITEL විසින් එම නිවාස 10 ටම අතිනවීන අන්තර්ජාල, දුරකථන සහ PEOTV පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය fibre තාක්ෂණික යටිතල පහසුකම් ස්ථාපිත කරනු ඇත. SLT-MOBITEL මෙන්ම Hestia Engineering (පුද්.) සමාගමද රටේ ජනතාවට නවීනතම සුහුරු ජීවන රටාවන්ට අත්‍යවශ්‍ය ඩිජිටල් තාක්ෂණික පහසුකම් පිරිනැමීම සඳහා කැප වී සිටින අතර, මෙම ගිවිසුම තුළින් එම කැපවීම මැනැවින් පිළිබිඹු වේ.

Windsta City නිවාස සංකීර්ණය දෙහිවල ප්‍රදේශයේ, දේපළ ගැනුම්කරුවන් අතර විශාල ඉල්ලුමක් සහිත ප්‍රදේශයක පිහිටා තිබේ. නවීනතම ගෘහ නිර්මාණ ශිල්පීය සැලසුම්වලට අනුකූලව ඉදිකර ඇති එම නිවාස, නවීන හා සුවපහසු ජීවන රටාවන්ට අවශ්‍ය සියලු පහසුකම්වලින් සමන්විතය. එමෙන්ම එම නිවාස SLT-MOBITEL පිරිනමන නවීනතම ඩිජිටල් සේවාවන් භාවිතා කිරීම සඳහා හොඳින් ගැළපෙන ආකාරයට ඉදි කර තිබේ.

Windsta City නිවාස සංකීර්ණය සඳහා ඇතිකරගත් මෙම ගිවිසුම, SLT-MOBITEL සහ Hestia Engineering අතර අත්සන් තබන ලද තුන්වැනි ගිවිසුමයි. එබැවින් දෙපාර්ශ්වය අතර පවතින මෙම හවුල්කාරීත්වය, නවෝත්පාදනය හා විශ්වාසය මූලික කරගත් ශක්තිමත් හා දීර්ඝකාලීන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකි වේ.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව