SLT-MOBITEL වෙතින් 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් 75GB YouTube data නොමිලේ

images

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, රටේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයන්ට 75GB YouTube ඩේටා නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත.

තම පාරිභෝගිකයන්ට විවිධ වාසි සහ දීමනා පිරිනැමීමට SLT-MOBITEL සෑම විටම කටයුතු කරන අතර, මෙම YouTube ඩේටා දීමනාව එහි තවත් පියවරකි. තම සේවාවන් කෙරෙහි විශ්වාසය තබන පාරිභෝගිකයන් අගය කිරීමක් වශයෙන්, රටේ 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් මෙම දීමනාව පිරිනැමීමට SLT-MOBITEL කටයුතු යොදා තිබේ.

2023 පෙබරවාරි 01 දින සිට 2023 පෙබරවාරි 04 දින දක්වා වලංගු වන මෙම දීමනාව, සක්‍රීය කිරීමෙන් පසු දින 7 ක් දක්වා වලංගු වනු ඇත. මෙය ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් කළ යුතු වන්නේ MySLT App/Portal වෙත ගොස් සක්‍රීය කරගැනීම පමණි. ප්‍රධාන මෙනුවේ Data Add-Ons යටතේ Independence Day Free offer ලෙස මෙය දක්වා ඇත. YouTube සම්බන්ධ සියලුම ක්‍රියාකාරකම් සඳහා මෙම දත්ත භාවිතා කළ හැකි වේ.

දේශීය සමාගමක් වශයෙන්, තම පාරිභෝගිකයන් සමග නිරන්තරයෙන් සමීප සම්බන්ධතාවක් පවත්වාගත යුතු බව SLT-MOBITEL විශ්වාස කරයි. මෙවැනි දීමනා හඳුන්වා දීමට SLT-MOBITEL කටයුතු කරනුයේ එබැවිනි. ඒ අනුව, www.sltmobitel.lk වෙත පිවිසීමෙන් පාරිභෝගිකයන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව