SLT-MOBITEL වෙතින් මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට 5G විප්ලවය අත්විඳීමේ අවස්ථාව

SLT Telecom logo (LBN)

 



 

 

10 GB දක්වා 5G trial data නොමිලේ

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම අතිනවීන 5G අත්හදා බැලීමේ ජාලය ඔස්සේ 5G තාක්ෂණය අත්විඳීමට මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට අගනා අවස්ථාවක් උදාකර දී තිබේ. නවතම iOS 17 යාවත්කාලීන කිරීම සහිත 5G compatible iPhone දුරකථන හිමි පාරිභෝගිකයන්ට SLT-MOBITEL 5G  අත්හදා බැලීමේ කලාපයකදී මෙම අත්දැකීම විඳගැනීමට හැකි වනු ඇත.

5G යනු දැවැන්ත පෙරළියක් සිදුකරන තාක්ෂණයක් බව කල්තබාම වටහාගත් SLT-MOBITEL, 2018 වසරේදී දකුණු ආසියානු කලාපයේ 5G තාක්ෂණය අත්හදා බැලූ ප්‍රථම සේවා සම්පාදකයා බවට පත් විය. එදා පටන්ම SLT-MOBITEL මෙරට 5G විප්ලවයේ ඉදිරියෙන්ම සිටීමට සමත් වී ඇත. මෑතකදී තම 5G අත්හදා බැලීමේ ජාලය කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, එම නිසා දැන් රට පුරා බොහෝ දෙනෙකුට 5G තාක්ෂණය අත්විඳීමට හැකියාව ලැබී තිබේ.

මේ ආකාරයට අධිවේගී 5G තාක්ෂණයේ විශිෂ්ටත්වය අත්විඳිම සඳහා පාරිභෝගිකයන්ට 10 GB දක්වා 5G trial data නොමිලේ ලබාදීමටද SLT-MOBITEL පියවර ගෙන ඇත. මෙය මූලික ගාස්තුවකින් තොරව 5G තාක්ෂණයේ හැකියා වටහා ගැනීමට Apple iPhone භාවිතා කරන්නන්ට ලැබෙන අගනා අවස්ථාවකි.

තම දුරකථනයේ iOS යාවත්කාලීනකර මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්නා මෙන්, 5G භාවිතා කිරීමේ හැකියාව සහිත iPhone 12 සහ ඊට ඉහළ මට්ටමේ උපාංග භාවිතා කරන්නන්ට SLT-MOBITEL ආරාධනා කර සිටී.

වැඩිදුර තොරතුරු සඳහා 1717 අමතන්න. නැතිනම් www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව