SLT-MOBITEL වෙතින් පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි මහා සෑය දුරස්ථව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වැඳපුදා ගැනීමට සුවිශේෂී අවස්ථාවක්

image 1

 




 

 

2021 ජූනි 25, කොළඹ : ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන SLT-MOBITEL සමාගම නිර්මාණය කරන ලද රුවන්වැලි මහා සෑයේ ත්‍රිමාණ ප්‍රතිනිර්මාණයක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතින් විවෘත විය.

SLT-MOBITEL සමාගම පසුගිය වසරේදී ද මේ ආකාරයෙන්ම බැතිමතුන් වෙනුවෙන් මිහින්තලය පුද බිම ත්‍රිමාණරූපිව නිර්මාණය කළ අතර, මෙවර බෞද්ධ ජනතාව පොසොන් පොහොය නිමිත්තෙන් රුවන්වැලි සෑය වන්දනාමාන කිරීමට දක්වන විශාල උනන්දුව සලකා බලමින්, COVID-19 රෝග ව්‍යාප්තිය නිසා පැනවි තිබෙන සංචරණ සීමා තුළදී පවා සුරක්ෂිතව තම නිවෙසේ සිටම රුවන්වැලි සෑය වන්දනා කළ හැකි වන ලෙස මෙම ඩිජිටල් ත්‍රිමාණ ප්‍රතිනිර්මාණය සිදු කර තිබේ. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ poson.sltmobitel.lk යන ලින්ක් එක හරහා එම ඩිජිටල් අවකාශය වෙත පිවිසීම පමණි.

මෙම ඩිජිටල් අත්දැකීම වඩාත් යථාරූපී අත්දැකීමක් බවට පත්කිරීම සඳහා සැබෑ පරිසරයට සමාන විවිධ ශබ්ද මෙන්ම මෙරට ජනතාව COVID-19 රෝගී තත්ත්වයන්ගෙන් මුදවා ගැනීම උදෙසා සෙත් ප්‍රර්ථනා කිරීමේ අරමුණින් සජ්ජායනය වන රතන සුත්‍රය සදහා සවන්දිමටද බැතිමතුන්ට අවස්ථාව උදා වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව