SLT-MOBITEL වෙතින් නවතම MySLT App

My SLT App

 




 

 

අලුතින් බාගත කර ලියාපදිංචි වන්නන්ට වැඩිපුර 5GB You Tube Data

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම සේවාවන් ඒකාබද්ධ කරමින් පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, MySLT App වැඩිදියුණු කර නැවත හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම නව වැඩිදියුණු කළ MySLT App මගින් ඕනෑම SLT-MOBITEL පාරිභෝගිකයෙකුට, තමන්ට අවශ්‍ය සේවාවන් සියල්ලම පාහේ එකම තැනකින් ලබාගත හැකි වේ.

MySLT යෙදුමේ සුවිශේෂී අංග අතරට, පරිශීලකයෙකුට ඔවුන්ගේ Google Logins හරහා පිවිසිය හැකි වීම, සියලුම SLT-MOBITEL ප්‍රවර්ධන දීමනා පිළිබඳ තොරතුරු සහ වෙනත් දැනුම්දීම් ලබා ගත හැකි වීම, සහ අන්තර්ජාල, දුරකථන සහ PEOTV සම්බන්ධතා සියල්ල පහසුවෙන් කළමනාකරණය කළ හැකි වීම ආදිය ඇතුළත් වේ. එමෙන්ම පාරිභෝගිකයන්ට අවශ්‍ය පරිදි තම සේවා පැකේජ සමාලෝචනය කර යාවත්කාලීන කළ හැකි අතර, අමතර GB මිලදී ගැනීම, Streaming සේවාවන් හරහා Over-The-Top විනෝදාස්වාද අංග සහ තවත් බොහෝ අගය එකතු කළ සේවාවන් ද ලබා ගත හැකි ය. එපමණක් නොව, කෙනෙකුට අවශ්‍ය නම් තම පවුලේ අයට හෝ හිතමිතුරන්ට Data තෑගි දීමට ද හැකියාව ලැබේ.

MySLT App හි ඇතුළත් ස්වයං සේවා විශේෂාංග ඔස්සේ සිය පාරිභෝගිකයන්ට පෙරටත් වඩා සමීප වීමට තමන්ට හැකිවනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි. තවදුරටත් පෝලිම් වල රැඳී සිටීමින් කාලය අපතේ යැවීම වෙනුවට දැන් ඔවුන්ට MySLT App හරහා ඉතාමත් පහසුවෙන් බිල්පත් සහ වෙනත් ගෙවීම් සිදුකළ හැකි වේ. දෝෂ වාර්තා කිරීම හා පැමිණිලි ඉදිරිපත් කිරීම ද ඉතාමත් ඉක්මනින් සිදුකළ හැකි අතර, E-bill සේවාව සඳහා ලියපදිංචි වී තම මාසික බිල්පත මෙන්ම, අවශ්‍ය නම් පෙර මාස 3 ක බිල්පත්ද තම විද්‍යුත් ලිපිනයට ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

තවද MySLT App භාවිතා කිරීම මගින් පාරිභෝගිකයන්ට SLT-MOBITEL eTeleshops හරහා ලබාදෙන සුවිශේෂී දීමනාවන් පිළිබඳව එසැණින් දැනුවත් වීමට අවස්ථාව ලැබේ. නව MySLT App හි ඒකාබද්ධ කරන ලද අතුරු මුහුණත සහ සුවිශේෂී සන්නිවේදන අත්දැකීම පාරිභෝගිකයන්ට වාසි රැසක් සලසනු නොඅනුමාන ය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව