SLT-MOBITEL වෙතින් කටුවන ප්‍රදේශයට නව 4G කුලුනක්

image 1

 




 

 

2021 අගෝස්තු 04, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන, බූකෙන්දයාය ප්‍රදේශයේ ස්ථාපිත කළ නව 4G කුලුන පසුගිය ජූලි 30 වන දින විවෘත කෙරිණි. ග්‍රාමීය ප්‍රදේශ වල සන්නිවේදන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් මෙම කුලුන ස්ථාපිත කරන ලදි.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සහ SLT-MOBITEL සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා ඇතුළුව ආයතන ද්විත්වය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

2022 වසර අවසානය වන විට මෙරට සමස්ත ජනගහනය ආවරණය වන පරිදි සන්නිවේදන පහසුකම් පුළුල් කිරීම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ඉලක්කය වී ඇති අතර, SLT-MOBITEL ඒ සඳහා තම දායකත්වය පුළුල් මට්ටමින් ලබාදෙමින් සිටී. ඉදිරියේදී ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ තවත් ප්‍රදේශ රැසක මෙවැනි සන්නිවේදන කුලුනු ස්ථාපිත කිරීමට SLT-MOBITEL අපේක්ෂා කරයි.

සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් තාක්ෂණයන් භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් හිමි වන අනාගතයක් උදාකර දීම SLT-MOBITEL හි පරමාර්ථය වී තිබේ. ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග අත්වැල් බැඳගැනීම මගින්, රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල ව්‍යුහය ශක්තිමත් කිරීමටත්, ජනතාව සවිබල ගැන්වීමටත්, ඩිජිටල් පරිවර්තනය ඔස්සේ රටේ සෞභාග්‍යය උදාකිරීම උදෙසා දායක වීමටත් SLT-MOBITEL සමත් වී ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව