SLT-MOBITEL වාර්ෂික වාර්තාවට TAGS 2023 රන් සම්මාන හිමි වේ

slt

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency, Accountability, Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC)  2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

 



 

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා විසින් සම්මානය පිළිගන්නා ලදි. මෙම අවස්ථාවට සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා සහ සාමාන්‍යාධිකාරී/අලෙවිකරණ සේවා අනුරුද්ධ සූරියාරච්චි මහතා ඇතුළුව SLT-MOBITEL හි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලට වසර 56 කට අධික සාඩම්බර ඉතිහාසයක් ඇත. මෙරට මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් මෙන්ම මහා පරිමාණ හා බහුජාතික සමාගම්ද ඇගයීමට ලක්කරමින්, එම වාර්තාකරණ සම්බන්ධ ප්‍රධාන සංකල්ප ප්‍රවර්ධනය කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ.

‘The Future at our Core’ යන තේමාව යටතේ ප්‍රකාශයට පත් වූ 2022 ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC) වාර්ෂික වාර්තාව මගින්, විනිවිදභාවය, විශිෂ්ටත්වය සහ කාර්යක්ෂම ලෙස තම පර්ශ්වකරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා සමාගම දක්වන කැපවීම මැනැවින් නිරූපණය වෙයි. පුළුල් ලෙස තොරතුරු අනාවරණය කිරීම, ව්‍යුහගත ලෙස කරුණු ඉදිරිපත් කිරීම, ප්‍රමිතීන්ට අනුකූල වීම සහ ප්‍රධාන පාර්ශ්වකරුවන් ඉලක්කකර ගනිමින් බලපෑම්සහගත ලෙස තොරතුරු සන්නිවේදනය කිරීම යන ලක්ෂණ ඔස්සේ, ආයතනික වාර්තාකරණය, විශ්වාසය ශක්තිමත් කිරීම සහ ආයෝජකයින්, හවුල්කරුවන් හා මහජනතාව හොඳින් දැනුවත් කිරීම සඳහා SLT-MOBITEL දරන ආදර්ශමත් ප්‍රයන්තන මෙමගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම TAGS 2023 හිදී හිමිකරගත් මෙම සම්මානය, මෙරට දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ මෙන්ම මෙහෙයුම් සහ මූල්‍ය අංශයන් සම්බන්ධයෙන් ඉදිරියෙන්ම සිටීමට SLT-MOBITEL සමත් වී ඇති බවට සාක්ෂි දරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව