
පාසල් දෙකකට අත්යවශ්ය උපකරණ සමඟින් නවීනතම Smart Classroom පහසුකම් හිමි වේ.
SLT-MOBITEL මෙවර ලෝක ළමා දිනය නිමිත්තෙන් කලවාන ගාමිණී ප්රාථමික විද්යාලය සහ වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්යාලය යන පාසල්වලට අත්යවශ්ය අධ්යාපනික උපකරණ සහ නවීන තාක්ෂණික පහසුකම් පරිත්යාග කරන ලදී. මෙම පාසල්වල සිසු සිසුවියන් දහසකට අධික සංඛ්යාවක් අධ්යාපනය ලබති. මෙවැනි ප්රජා සත්කාරයන් ඔස්සේ රටේ දරුවන් සියලුම දෙනාට අධ්යාපනයේදී සමාන අවස්ථා හිමි වන බව සහතික කරන අතරම ඔවුන්ට නවීන තාක්ෂණික පහසුකම් සමඟින් ඔවුන්ගේ අධ්යාපනය ජයගැනීමට අවශ්ය පසුබිම සකස් කිරීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.
විශේෂයෙන් ග්රාමීය පාසල්වල ඩිජිටල් අධ්යාපන පහසුකම් නැංවීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, කලවාන ගාමිණී ප්රාථමික විද්යාලයට නවීනතම Smart Classroom පහසුකම් පරිත්යාග කිරීමට SLT-MOBITEL කටයුතු කළේය. මේ යටතේ අධිවේගී SLT-MOBITEL Fibre සම්බන්ධතාවක් සමඟ උසස් තාක්ෂණයෙන් යුත් Smart Board පිරිනමන ලද අතර, මෙමඟින් සිසුන්ට මාර්ගගත අධ්යාපනික මූලාශ්ර භාවිතා කරමින්, වඩාත් කාර්යක්ෂම හා ඵලදායී අධ්යාපනයක් ලබාදීමට එම පාසලේ ගුරුවරුන්ට හැකි වනු ඇත. මෙය ඉගෙනුම වඩාත් ප්රසන්න අත්දැකීමක් බවට පත්කරන අතරම ඩිජිටල් පරතරය අවම කිරීමටද කැපීපෙනෙන දායකත්වයක් දක්වනු නිසැකය.
මීට අමතරව SLT-MOBITEL විසින් වත්තල, වැලිකඩමුල්ල සිද්ධාර්ථ විද්යාලයේ සිසුන් 150 දෙනෙකුට අත්යවශ්ය පාසල් උපකරණ පරිත්යාග කරන ලදි. විවිධ ප්රජාවන්ට අයත් සිසුන් ඉගෙනුම ලබන මෙම පාසල, සියලු දරුවන්ට සමාන අධ්යාපන අවස්ථා පිරිනැමීම සඳහා සුවිශාල මෙහෙවරක් ඉටුකරයි. මේ ආකාරයට අත්යවශ්ය පාසල් උපකරණ හිමි වීම මඟින් සිසුන්ගේ දෛනික අධ්යාපන අවශ්යතා සපිරෙන අතරම ඔවුන් අධ්යාපන කටයුතු සඳහා වඩාත් උනන්දු වනු ඇතැයි SLT-MOBITEL විශ්වාස කරයි.
මෙබඳු ප්රජා සත්කාර මඟින් මෙම පාසල්වල පවතින අඩුපාඩු යම්තාක් දුරකට සපිරුණද, ඒවායෙහි අධ්යාපන කටයුතු අඛණ්ඩව ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගැනීමට නම් පරිත්යාගශීලීන්ගේ අඛණ්ඩ සහය අවශ්ය ය. රටේ සිසු පරපුරට දීර්ඝකාලීන තිරසාර අනාගතයක් උදාවන්නේ එබඳු සාමූහික දායකත්වයන් තුළිනි.
මෙබඳු වැඩසටහන් ඔස්සේ අධ්යාපන අවස්ථා පුළුල් කරමින් සහ අත්යවශ්ය අධ්යාපන පහසුකම් පරිත්යාග කරමින්, රටේ දරු පරපුරේ අනාගතය වඩාත් යහපත් කරන අතරම වැඩි පිරිසක් වෙත නවීන ඩිජිටල් තාක්ෂණ සමීප කරවීම සඳහා SLT-MOBITEL කැප වී සිටී.


