
සුවහසක් ශ්රී ලාංකේය දුවා දරුවන්ගේ නැණ නුවණ සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් දක්වන කැපවීම සහ දායකත්වය අගය කිරීමේ අරමුණින් සංවිධානය කරන ‘Atlas ගුරුගරු’ ගුරු උපහාර වැඩසටහන පසුගිය ඔක්තෝබර් 13 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. ශ්රී ලංකාවේ ප්රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas සහ බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරනු ලැබූ එම උපහාර වැඩසටහන සඳහා ගුරුවරුන් 250කට අධික පිරිසක් සහභාගී වූහ.
ගුරු ප්රජාව සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන යාමට ඇට්ලස් ඇක්සිලියා සමාගම දක්වන කැපවීම මෙන්ම, දුවා දරුවන්ට සතුටින් පිරි ඵලදායී අධ්යාපනයක් ලබා දීමේ පරමාර්ථය ද මෙම වැඩසටහන හරහා මැනවින් පිළිබිඹු කෙරේ. දරුවන්ට ප්රශ්න ඇසීමට, අලුත් අදහස් ගවේෂණය කිරීමට සහ ආත්මවිශ්වාසයෙන් යුතුව ඉගෙනුම් කටයුතුවල නිරත වීමට හැකි පන්තිකාමර පරිසරයක් නිර්මාණය කිරීමේදී ගුරුවරුන් ඉටු කරන කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් කෙරිණි. එමෙන්ම, අධ්යාපනික ජයග්රහණවලින් ඔබ්බට යමින් දරුවන්ගේ හැකියාවන් හඳුනා ගැනීමටත්, ඉගෙනීම කෙරෙහි ධනාත්මක ආකල්පයක් ගොඩනඟා ගැනීමටත් මඟ පෙන්වීම තුළින් ගුරුවරුන් විසින් දරුවන්ගේ අනාගතයට ලබා දෙන බලපෑම ද මෙහිදී අවධාරණය විය.
ගුරුවරුන් සිය වෘත්තීය කාර්යභාරය ඉටු කිරීමේදී දක්වන සැලකිල්ල, ඉවසීම සහ කැපවීම වෙනුවෙන් කෘතඥතාව පළ කිරීමට මෙම ‘ගුරුගරු’ වැඩසටහන මනා තෝතැන්නක් වූයේ ය. එමෙන්ම දරුවන්ගේ අධ්යාපනික දිවිසැරිය සාර්ථක කර ගැනීම සඳහා දෙමාපියන් සහ ගුරුවරුන් දක්වන සහයෝගීතාවයේ දී තම තමන්ගේ කාර්යභාර්යන් මැනවින් හඳුනා ගැනීමට ද අවස්ථාව සැලසුණි. ඒ අනුව මෙකී වැදගත්කම හොඳින් අවබෝධ කරගත් Atlas Axillia සමාගම, දරුවන්ගේ ඉගෙනුම් අවශ්යතා හඳුනාගෙන ඒවාට ප්රතිචාර දැක්වීම සඳහා මෙම ප්රජාව සමග සමීප සබඳතාවයක් පවත්වාගෙන යනු ලබයි.
මෙවර වැඩසටහනේ තේමාව ලෙස සූරියකාන්ත මල යොදාගෙන තිබූ අතර, එමඟින් ගුරුවරුන් සහ සිසුන් අතර පවතින බැඳීම සංකේතවත් කෙරිණි. දරුවන්ගේ වර්ධනයට අවශ්ය දැනුම, මඟපෙන්වීම සහ දිරිගැන්වීම ලබා දෙන ගුරුවරුන් සූර්යයාට සමාන කර තිබූ අතර, හිරු එළියෙන් පෝෂණය වී වැඩෙන සූරියකාන්ත මල් ලෙස දරුවන් සංකේතවත් කර තිබිණි. Atlas හි සූරියකාන්ත කහ පැන්සල (sunflower yellow pencil) ද මෙම තේමාව සමගින් එක්කොට පන්තිකාමරයේ නිතර භාවිත වන හුරුපුරුදු උපකරණයක් සහ දරුවන්ගේ මුල්කාලීන ඉගෙනුම් අත්දැකීම්වලට මඟපෙන්වන ගුරුවරුන් අතර සම්බන්ධතාව මැනවින් නිරූපණය කළේ ය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් Atlas Axillia සමාගමේ මෙරට ප්රධානී ඉන්ද්රජිත් බින්දුහේවා මහතා මෙසේ පැවසීය. “ගුරුවරයෙකුගේ බලපෑම බොහෝ විට අපට දැකගත හැක්කේ එදිනෙදා ජීවිතයේ අවස්ථාවන් තුළින්ය. දරුවෙකුට යමක් පළමු වරට අවබෝධ කර ගැනීමට උපකාර කිරීම, තම අදහස් නිර්භයව ප්රකාශ කිරීමට දිරිමත් කිරීම හෝ නැවත නැවතත් උත්සාහ කිරීමට අවශ්ය ආත්මවිශ්වාසය ලබා දීම ඒ අතරින් කැපී පෙනේ. එවැනි සෑම අවස්ථාවක් පිටුපසම ඇති ගුරුවරුන්ගේ ඉවසීම සහ කැපවීම අගය කරමින් ඔවුන්ට ස්තුතිය පළ කිරීම අපගේ ‘ගුරුගරු’ වැඩසටහනේ අරමුණයි. සතුටින් ඉගෙන ගැනීම අරමුණු කරගත් සන්නාමයක් ලෙසින් අපි එම අත්දැකීම දරුවන්ට සමීප කරවන ගුරුවරුන්ව ඉහළින් අගය කරන්නෙමු.
ඇට්ලස් සමාගම අඛණ්ඩව ක්රියාත්මක කරන ගුරු උපහාර වැඩසටහන් මාලාවේ කොටසක් ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන, බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව සමඟ සමාගම පවත්වාගෙන යන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළේය. අනාගත පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී සේවය කරන ගුරුවරුන්ගේ දායකත්වය ඇගයීම සඳහා දෙපාර්ශ්වය දරන පොදු උනන්දුව ද මෙම සහයෝගීතාව තුළින් අවධාරණය විය. ‘ගුරුගරු’ වැඩසටහන ඔස්සේ Atlas Axillia සමාගම සිය ප්රජාවන් වෙනුවෙන් සක්රීයව දායක වීමේ කැපවීම යළිත් තහවුරු කරමින්, මෙරට අධ්යාපනය නඟාසිටුවීම උදෙසා දක්වන සහයෝගය ද මැනවින් ඔප්පු කිරීමට සමත් වූයේ ය.


