SLT-MOBITEL රොටුන්ඩා ටවර්ස් හි Drive-through පහසුකම් සහිත නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

SLT

 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේ ය.  මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි.

අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, SLT සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ, MOBITEL (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක සහ MOBITEL (පුද්.) සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයෝ පිරිසක් එක්වූහ.

SLT-MOBITEL සේවාවන් තවදුරටත් රට පුරා ව්‍යාප්ත කරමින්, පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් ස්ථාවර දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාල හා PEO TV සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදීම සඳහා ක්‍රියාවට නැංවෙන පුළුල් වැඩපිළිවෙළක එක් අදියරක් වශයෙන් මෙම නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කර තිබේ. අතිනවීන පහසුකම් හා විශේෂාංග රාශියකින් සමන්විත නව මධ්‍යස්ථානය, SLT-MOBITEL පාරිභෝගිකයන්ට වඩාත් කාර්යක්ෂම ලෙස තම සේවා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇත.

Drive-through සේවා අංශයේදී පාරිභෝගිකයන්ට තම වාහන තුළ සිටම අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වන අතර, නොපමාව එම සේවාවන් ලබාදීමට SLT-MOBITEL නියෝජිතයෝ සූදානමින් සිටිති. එමෙන්ම මෙම මධ්‍යස්ථානයේදී ඉරිදා දිනවල සහ නිවාඩු දිනවල විශේෂ Web Portal සේවාවක්ද ලබාගත හැක. මෙහිදී පාරිභෝගිකයන්ට මෙම සේවා මධ්‍යස්ථානයට පැමිණ තම අවශ්‍යතාව Web Portalඑකට ඇතුළත් කළ හැකි අතර, එම අවශ්‍යතාව ඊළඟ රාජකාරි දිනයේදී ඉටුකිරීමට SLT-MOBITEL කාර්ය මණ්ඩලය කටයුතු කරනු ඇත. නව සම්බන්ධතා පහසුකම් තම නිවෙස් හෝ කාර්යාල වෙතටම ගෙන්වා ගැනීමද මෙම ක්‍රමයට සිදුකළ හැකි වේ.

නවීනතම තාක්ෂණය සහ මනා පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් සමගින්, ශ්‍රී ලාංකිකයන්ට අඛණ්ඩව උසස් සේවාවක් ලබාදෙමින්, මෙරට සන්නිවේදන සේවා ක්ෂේත්‍රයන්ගේ උන්නතිය උදෙසා දිගින් දිගටම පෙරමුණ ගැනීම SLT-MOBITEL හි අපේක්ෂාව වී ඇත.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 20 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව