SLT-MOBITEL ක්‍රීඩා විකාශන කටයුතු සඳහා 5G තාක්ෂණය හඳුන්වා දෙයි

SLT-MOBITEL NEGC (LBN)

 


 

 

86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය 5G තාක්ෂණයෙන් බලගන්වයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමග එක් වී 86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය සිය අතිනවීන අත්හදා බැලීමේ 5G තාක්ෂණය මගින් බලගැන්වීමට පියවර ගෙන තිබේ. මෙය ගොල්ෆ් ක්‍රීඩකයන්ට මෙන්ම තරගාවලිය සජීවීව නැරඹු ප්‍රේක්ෂකයන්ටද සුවිශේෂී අත්දැකීමක් විය.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය හෙවත් NEGC තරගාවලිය යනු රටේ දක්ෂ ගොල්ෆ් ක්‍රීඩකයන් තරග වදින සුවිශේෂී තරගාවලියකි. මෙම තරගාවලියට ලොව නවීනතම තාක්ෂණයක්වන 5G තාක්ෂණය හඳුන්වා දෙමින් ක්‍රීඩාව සහ තාක්ෂණය අතර පවතින පරතරය තවදුරටත් අවම කිරීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

මේ යටතේ මෙම ගොල්ෆ් තරගාවලියේ උද්වේගකර අවස්ථා සියල්ලම සුපැහැදිලි දර්ශන සහිතව high-definition ආකාරයට සජීවීව විකාශය කරන ලදි. මෙය ක්‍රීඩා විකාශන කටයුතුවල අනාගත පෙරළියක් සඳහා තබන ලද සුවිශේෂී මුල් පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයට ලොව නවතම ප්‍රවණතා හඳුන්වා දෙමින්, එහි බලය ඔස්සේ මෙරට ක්‍රීඩාව ඩිජිටල් සංවර්ධනයේ මීළඟ පියවර වෙත රැගෙන යාම සඳහා SLT-MOBITEL අඛණ්ඩව කැප වී සිටී.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව