ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය වෙළඳපොළ තවදුරටත් පුළුල් කරගනිමින් වෘත්තීය විශිෂ්ටත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමය (International Marketing Graduates in Sri Lanka – AIMGSL) සමග විශේෂ ආයතනික ගිවිසුමකට පසුගියදා අත්සන් තැබී ය.
අලෙවිකරණ ක්ෂේත්රයේ ප්රමුඛ පාර්ශව ද්විත්වයක හවුල්කාරීත්වයක් වන මෙම ගිවිසුම, සන්නාම අනන්‍යතාවන් තවදුරටත් ශක්තිමත් කරමින් දෙපාර්ශ්වයටම ප්රතිලාභ රැසක් උදාකිරීමට හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. “රටේ ප්රමුඛ සමාගමක් වශයෙන්, මෙවැනි හවුල්කාරීත්වයන් අපගේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට දායකත්වය සපයන බව අපගේ විශ්වාසයයි. එමෙන්ම මෙමගින් අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමට අපට හැකියාව ලැබෙනවා. එම නිසා, AIMG වැනි වෘත්තීය අලෙවිකරණ සංගමයක් සමග හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම සතුටට කරුණක්. මෙය අපගේ පාරිභෝගික පිරිස තවදුරත් ශක්තිමත් කරගැනීමට උපකාරී වනු ඇතැයි අප සිතනවා.” SLT-MOBITEL සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.
වසර 165 කට වැඩි ඉතිහාසයක් සහිත SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ථාවර දුරකථන, ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සහ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ සේවා සැපයුම් සමාගම වේ. තවද එමඟින් නවීන ලෝකයේ ඩිජිටල් ජීවන රටාවන්ට ගැළපෙන ආකාරයේ දුරකථන සේවා, අන්තර්ජාල සේවා, ආයතනික විසඳුම්, Cloud තාක්ෂණික විසඳුම්, ජාත්‍යන්තර සේවා සහ IPTV වැනි සේවාවන් රාශියක් ලබාදෙයි. Fibre, ADSL සහ 4G LTE ඇතුළු සම්බන්ධතා විසඳුම් රාශියක් මෙන්ම PeoTV සහ eChanneling වැනි අනෙකුත් සේවාවන් රාශියක්ද SLT-MOBITEL මගින් මේ වනවිට හඳුන්වා දී ඇත. ඊට අමතරව SLT-MOBITEL මානව සම්පත් විසඳුම්, නාමාවලි සේවා, ඩිජිටල් අලෙවිකරණ විසඳුම් සහ තෘතීයික අධ්‍යාපන සේවාද සපයයි.
“SLT-MOBITEL අපගේ ආයතනික හවුල්කරුවෙකු වීම අපට මහත් සතුටක්. ව්‍යාපාරික හා අලෙවිකරණ ප්‍රජාව අතර වෘත්තීයභාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් ලබාදෙන සහයෝගය වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. එමෙන්ම SLT-MOBITEL වෙතින් ලැබෙන සහයෝගය නිසා අපගේ සංගමය මෙන්ම එහි ක්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමට අපට හැකියාව ලැබේ යැයි අප විශ්වාස කරනවා.” ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති සුජිත් සිල්වා මහතා පැවසී ය.
ජාත්‍යන්තර අලෙවිකරණ සුදුසුකම් සහිත වෘත්තීය සංගමයක් නිර්මාණය කිරීම, වැඩමුළු, වැඩසටහන් සහ වෙනත් විවිධ ක්‍රියාකාරකම් හරහා දැනුම හුවමාරු කර ගැනීම පදනම් කරගත් වේදිකාවක් තුළින් අලෙවිකරණ ක්ෂේත්රයේ තරුණ සහ ජ්‍යෙෂ්ඨ සාමාජික සාමාජිකාවන් සම්බන්ධ කරගැනීම මුලිකව අරමුණු කරගනිමින්, අලෙවිකරණ ක්ෂේත්රයේ දශක තුනකට අධික පළපුරුද්දක් හිමි ප්‍රවීණ වෘත්තිකයන් පිරිසක් විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර අලෙවිකරණ උපාධිධාරීන්ගේ සංගමය ආරම්භ කරන ලදි.තවද ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තිකයන්ට තම වෘත්තිය හා වෙළඳපොළ තුළ පෙරමුණේ රැඳීමට අත්වැලක් වීම එහි අරමුණු අතර වේ.