SLT-MOBITEL පිටුබලය සමගින් ANANKE IoT Services සමාගම Globee® සම්මාන දිනයි

1

 




 

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, සිය හවුල්කරුවෙකු වන ANANKE IoT Services (පුද්.) සමාගම 2021 IT World සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබූ බව සතුටින් දන්වා සිටී. වාර්ෂිකව පැවැත්වෙන මෙම සම්මාන උළෙල මෙවර පවත්වන ලද්දේ 16 වන වරට වන අතර, එහිදී ‘වසරේ නව ව්‍යාපාරය – තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ  ANANKE IoT Services වෙත මෙම සම්මානය හිමි විය. ලොව ප්‍රමුඛතම ව්‍යාපාරික සම්මාන සහ ව්‍යාපාරික ශ්‍රේණිගත කිරීම් වැඩසටහනක් වන The Globee®සම්මාන උළෙලේ සංවිධායක වරුන් විසින් මෙහිදී ANANKE සමාගම විසින් ක්‍රියාවට නංවන ලද Smart Bins ව්‍යාපෘතිය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදි. මෙම ව්‍යාපෘතිය මෙරට IoT සේවාවන් සහ ඒ සම්බන්ධ ඩිජිටල් පරිවර්තනයේ නියමුවා වන SLT-MOBITEL හි NB-IoT තාක්ෂණය සමගින් ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘතියකි. 

SLT-MOBITEL හි NB-IoT ජාලය නිසා Smart Bins ව්‍යාපෘතියේ සියලුම උපාංග එකිනෙක හා සම්බන්ධ වන ජාලයක් ගොඩනැංවීමට හැකිවී තිබෙන අතර, එය ශ්‍රී ලංකාවේ එම වර්ගයේ එකම ව්‍යාපෘතියයි. NB-IoT යනු ‘Low-Power-Wide-Area Internet of Things‘ සම්බන්ධතාව සඳහා වන GSMA ප්‍රමිතිය වන අතර එය සංවේදකයේ බැටරි ආයු කාලය වසර 10 ක් දක්වා දීර්ඝ කිරීමට උපකාරී වේ. ශ්‍රී ලංකාවේ මෙම දියුණු තාක්ෂණය පිරිනමන එකම විදුලි සංදේශ සමාගම SLT-MOBITEL වූ බැවින් ANANKE IoT Services සමාගමේ මෙම ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාවට නැංවීම සඳහා සුදුසුම සහකරුවා වූයේ SLT-MOBITEL ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම NB-IoT තාක්ෂණය සහිත දෘඪාංග ව්‍යාපෘතිය වන මෙහිදී භාවිතා වන්නේ ANANKE IoT විසින්ම නිර්මාණය කරන ලද පදනමකි. 

“ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය ලෙස අප සෑම විටම උත්සහ කරන්නේ පාරිභෝගිකයන් කේන්ද්‍ර කරගත් තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමටයි. වසංගත රෝග ව්‍යාප්තියත් සමග අපගේ හවුල්කරුවන් කිහිප දෙනෙකුම ඩිජිටල් සේවාවන් වෙත යොමුවනු අප දුටුවා. මෙහිදී විශේෂයෙන්ම සිදුවුණේ අවශ්‍ය නොවන මිනිස් මැදිහත් වීම් අවම කිරීම සඳහා IoT සහ Automation තාක්ෂණයන් භාවිතයට ගැනීමයි. වෙළඳපොළ ඉල්ලුම ඇතිවීමටත් පෙර සිටම NB-IoT ජාලයක් ක්‍රියාත්මක කිරීමට අප ගත් පුරෝගාමී උත්සාහයන් නිසා ANANKE IoT වැනි නිර්මාණශීලී සමාගම් වලට අත්වැලක් වීමට අපට හැකියාව ලැබුණා. ඒ ඔස්සේ ඔවුන්ට NB-IoT Smart Bins ව්‍යාපෘතිය ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට හැකි වූවා.” Mobitel (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා පැවසී ය. 

ප්‍රාදේශීය බලධාරීන් හා පාසල් සමග අත්වැල් බැඳගෙන මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත් වල PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කර ප්‍රතිචක්‍රීකරණය කිරීම Smart Bins ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ. මෙහිදී සමාජ සත්කාර වැඩසටහනක් වශයෙන් අදාළ ප්‍රදේශ වල PET ඇසුරුම් වල චක්‍රීයතාව තහවුරු කරන ලදි. මෙම කසළ බඳුන් වල එක්රැස් වන කසළ රැගෙන යාමට සුදුසු කාලය පැමිණි විට මෙහි ඇති සංවේදක මගින් ඒ බව අදාළ බලධාරීන් වෙත ස්වයංක්‍රීයව දැනුම් දෙනු ලැබේ. 

SLT-MOBITEL ඇතුළුව අපගේ ප්‍රධාන පෙළේ හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය, මෙම මහා පරිමාණ දීපව්‍යාප්ත වැඩසටහන සාර්ථක කරගැනීමට බෙහෙවින් ඉවහල් වුණා.” ANANKE IoT Services සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චරිත් විතානගේ මහතා පැවසී ය. 

“අපගේ සම්බන්ධතා සහකරු වන SLT-MOBITEL මෙන්ම නවෝත්පාදනයට සහ පාරිභෝගිකයන්ට මුල්තැන දෙමින් කටයුතු කිරීම නිසා මෙවැනි සුවිශේෂී සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකියාව ලැබුණා. Globee® Awards හිදී අපට ලැබුණු මෙම ඇගයීම, අපගේ පාරිභෝගිකයන් සහ ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සම්බන්ධයෙන් අප දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන සාධකයක් වනු ඇතැයි කියා අප සිතනවා.” ANANKE IoT Services හි මවු සමාගම වන Effective Solutions (පුද්.) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කීර්ති කොඩිතුවක්කු මහතා පැවසී ය. 

 

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව