SLT-MOBITEL ග්‍රාමීය ප්‍රදේශ ඩිජිටල් බලයෙන් සවිමත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දරන උත්සාහයට අත්වැලක් වෙයි

image 2 (2)

 




ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ

2021 ජූලි 05, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂධ සේනානායක මහතා සහ SLT-MOBITEL සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න මහතා, Mobitel වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ මහතා ඇතුළුව SLT-MOBITEL දෙපාර්ශ්වය හා රජය නියෝජනය කරන පිරිසක් සහ තවත් විශේෂ ආරාධිතයන් පිරිසක් එක්වූහ.

ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ විවෘත කරන ලද ප්‍රථම 4G කුලුන මෙය වන අතර, සබරගමුව පළාතේ සම්බන්ධතා පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමට විශාල දායකත්වයක් දක්වනු ඇත. SLT-MOBITEL සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අතර හවුල්කාරීත්වය, පෞද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද යටිතල පහසුකම් අවශ්‍යතා සපුරාලමින් සහ, රටේ ග්‍රාමීය ප්‍රජාවන් ඩිජිටල් සම්බන්ධතා වලදී මුහුණ දෙන බාධාවන් අවම කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින්, රටට 100% ක් 4G LTE සම්බන්ධතාව ලබාදීම යන මූලික දැක්ම සාක්ෂාත් කරගැනීමට උපකාරී වනු නිසැක ය. එමෙන්ම, SLT-MOBITEL මෙම ව්‍යාපෘතියට දායක වී සිටීම, ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය කරා යන ගමනට විශාල ශක්තියක්ද වනු ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව