SLT වෙතින් Kaspersky අන්තර්ජාල ආරක්ෂාව සමග තෑගි රැසක්

PR image _Kaspersky

අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින නූතන ජීවන රටාවේදී “අන්තර්ජාල ආරක්ෂාව” සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙමින් අන්තර්ජාල ආරක්ෂාව කෙරෙහි මහජනතාව වඩාත් නැඹුරු කරවීමේ අරමුණෙන් යුතුව දියත් කළ “Internet Security Week” ප‍්‍රවර්ධන කාල සීමාවේදී ලොව ප‍්‍රකට Kaspersky අන්තර්ජාල ආරක්ෂණ මෘදුකාංග සමාගම සමග එක්ව අගනා තෑගි රැසක් ලබා දෙයි. වෙනස්වෙන ලෝකයේ අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දිය හැකි බලසම්පන්න පරිගණක ආරක්ෂණ මෘදුකාංග සැකසීමෙහිලා නිරන්තරයෙන් වෙහෙසෙන සයිබර් ආරක්ෂණයේ දැවැන්තයා Kaspersky විසින් ඉදිරිපත් කරනු ලබන නවතම “Internet Security Week” සමග ඔබේ පරිගණකයේ දෘඩාංග ආරක්ෂාව සඳහා Device security” ආරක්ෂිත අන්තර්ජාල බැංකු ගනුදෙනු හා අන්තර්ජාල මිලදීගැනීම්, දත්ත සොරාගැනීම වළක්වන password management” දරුවන්ගේ අන්තර්ජාල ක‍්‍රියාකාරකම් පාලනය සඳහා වන parental control වැනි විශේෂාංග රැසක් අන්තර්ගතය.

2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා පැවැත්වෙන “SLT Internet Security Week” මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුලදී වසරක් සඳහා හෝ මාසික යාවත්කාල කිරිමේ පදනමට SLT වෙතින් මිලදීගත් සෑම Kaspersky මෘදුකාංගයක්ම මෙම දිනුම් ඇදීමට ඇතුලත්වන අතර දිනුම් ඇදීම 2021 ජනවාරි මස 31 වැනිදා පවත්වනු ලැබේ. ජයග‍්‍රාහකයන්ට අගනා ස්මාර්ට් ජංගම දුරකතනයක්, TeDiSmart Robot Vacuum Cleaner, TeDiSmart Indoor Cameras 5ක් සහ Silicon Power Hard Disks 3ක් පිරිනැමේ.

 




 

වත්මන් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන්ට මෙන්ම නව පාරිභෝගිකයන්ටද මෙම Kaspersky  සේවාව ලබාගත හැකි අතර SLT සේවා අතර Value Added Servic එකක් ලෙසද මෙය ලබාගත හැකිය. MySLT App, internetvas.slt.lk වෙබ් අඩවියෙන් හෝ 1212 ඔස්සේ පාරිභෝගික සේවා අංශය ඇමතීමෙන් මාසික දායකත්වයන් අඩුම මිලකට මාසික SLT බිල්පතට එක් කරගත හැකිය. මාසික දායකත්වයන් යටතේ Kaspersky මෘදුකාංග මිලදීගත් SLT බ්‍රෝඞ්බෑන්ඞ් පාරිභෝගිකයන් Kaspersky VAS solution සක‍්‍රීය කිරීමේදී දින 30 ක නොමිලේ සේවා කාලයක් හිමිකරගත හැකිය.

SLT හා SLT නොවන පාරිභෝගිකයන්ට SLT වෙබ් අඩවියේ e-teleshop සේවා අංශය වන www.slt.lk/en/e-teleshop වෙත පිවිසීමෙන් Kaspersky වාර්ෂික දායකත්වය ලබාගත හැකිය.

තොරතුරු සන්නිවේදනය, දැනුම, විනෝදය සඳහා වර්තමානයේ අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින අන්තර්ජාලයේදී ශ්‍රී ලාංකිකයන් වඩාත් සුරක්ෂිත කිරීමේ SLT ජාතික මෙහෙවරේ තවත් එක් පියවරක් ලෙස මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව