SLIM සහ VoiceD එකමුතුවෙන් 2020 නොවැම්බරයේ පැවැත්වූ Certificate of Direct Sales & Network Marketing පාඨමාලාව සාර්ථකව අවසන් !

Officials exchanging the agreement (1)

ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM)               ශ්‍රී ලංකාවේ සෘජු අලෙවිකරණ (Direct Marketing) ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන VoiceD Marketing Services  සමග එක්ව, VoiceD කාර්ය මණ්ඩලයේ අලෙවිකරණ කුසලතා වැඩිදියුණු කිරීමෙහිලා ආයතනික අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ලෙස පවත්වනු ලැබූ “Certificate of Direct Sales & Network Marketing” සහතික පත‍්‍ර පාඨමාලාව පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. 2020 නොවැම්බර් 19 වනදා පැවැති එම සහතිකපත‍්‍ර ප‍්‍රදාන උත්සවය සඳහා SLIM වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක, සහකාර සාමාන්‍යාධිකාරී (ව්‍යාපාර සංවර්ධන) මිහිරිනී ෆොන්සේකා, ආයතනික විකුණුම් කළමනාකාර අසංක සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන් සහභාගී වූ අතර VoiceD වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ නදීක හෙට්ටිආරච්චි, ප‍්‍රධාන වාණිජ නිලධාරී තරිඳු බණ්ඩාරනායක,  සහකාර මානව සම්පත් කළමනාකාරිනී නිශානි සිල්වා යන මහත්ම මහත්මීන් එක්වූහ.

වසර 30කට ආසන්න Direct marketing  ක්ෂේත‍්‍රයට අඩුපාඩුවක්ව පැවැති වෘත්තීය සුදුසුකම් සහතික පත‍්‍ර පාඨමාලාවක් දිවයිනේ ප‍්‍රථම වතාවට VoiceD ආයතනය හා SLIM ආයතනය එකතුව හඳුන්වා දීමට කටයුතු කර ඇත. Certificate of Direct Sales & Network Marketing පාඨමාලාව Direct marketing  ක්ෂේත‍්‍රය වෙනුවෙන්ම නිර්මාණය වූ සුවිශේෂී පාඨමාලාවකි. එම ක්ෂේත‍්‍රය තුල එල්ලවන අභියෝග ජයගනිමින් අලෙවිකරණ ඉලක්ක සම්පූර්ණ කරගනිමින් ක්ෂේත‍්‍රයේ රැකියා වල නිරතවී සිටින්නන්ට මහඟු අවස්ථාවක් ලෙස සැලකිය හැක. තවද මෙම පාඨමාලාව VoiceD Marketing Services (Pvt) Ltd  ආයතනයෙන් පමණක් විශේෂයෙන් ලබාගත හැකි සහතික පත‍්‍රයක් වේ

SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් COVID-19 වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලාංකීය ආර්ථිකයට එල්ල වූ අභියෝග ජයගැනීමට ශ්‍රී ලංකාවේ අලෙවිකරණ වෘත්තිකයන් සවිබලගැන්වීම ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇතැයි පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “Restart Sri Lanka” ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලාංකීය අලෙවිකරණ වෘත්තිකයන් හා ව්‍යාපාර ආයතන සවිබල ගැන්වීමෙහිලා මෙවැනි සුවිශේෂීකරණය වූ අලෙවිකරණ පුහුණු වැඩසටහන් රැසක් ඉදිරියේදීත් SLIM මෙහෙයවීමෙන් පවත්වන්නට සැලසුම් කොට ඇතැයි පැවසීය.

VoiceD වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ නදීක හෙට්ටිආරච්චි මහතා  “ඩිරෙක්ට් මාකටින් ක්ෂේත‍්‍රයේදී වෘත්තීය සුදුසුකම්ලත් කාර්යශූර කාර්ය මණ්ඩලයක් සිටීම ආයතනයකට ඉතාමත් වැදගත්. අලෙවිකරණ ක්ෂේත‍්‍රය අභියෝග පිරුණු වෘත්තීය ක්ෂේත‍්‍රයක්. නිරන්තරයෙන් වෙනස්වෙන ව්‍යාපාර ලෝකයේ සාර්ථක අලෙවිකරුවෙක් බවට පත්වෙමින් ආයතනය සාර්ථකත්වයට රැගෙන යාමේදී මෙවැනි පුහුණු වැඩසටහන්වලින් ලැබෙන පන්නරය බොහෝ උපකාරීවෙනවා.               ශ්‍රී ලාංකීය අලෙවිකරණ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන SLIM සමග ඉදිරියේදීත් මෙවැනි වෘත්තීය අධ්‍යාපන අවස්ථා රැසක් අපේ කාර්ය මණ්ඩලයට ලබාදෙන්නට අප බලාපොරොත්තු වෙනවා.”                  යැයි පැවසීය.

SLIM  උප සභාපති නුවන් ගමගේ මහතා අදහස් දක්වමින්, පසුගිය කාලය මුළුල්ලේම ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළ ව්‍යාපාර ආයතන සමග අත්වැල් බැඳගනිමින් අලෙවිකරණ වෘත්තීය පුහුණුව එම ආයතනික කාර්ය මණ්ඩල වෙත ලබාදීම කෙරෙහි SLIM ක‍්‍රියාකාරී වූ බව පැවසීය. දිනෙන් දින වෙනස්වන ව්‍යාපාරික ලෝකයට ගැලපෙන ආකාරයෙන් අලෙවිකරණ වෘත්තිකයන් සවිබල ගැන්වීම උදෙසා නිරන්තර යාවත්කාල වන වෘත්තීයවේදී අලෙවිකරණ අධ්‍යාපන ක‍්‍රමවේදයක් පවත්වාගෙන යන්නට කැපව සිටින SLIM සමග අත්වැල් බැඳගත් VoiceD අලෙවිකරණ වෘත්තිකයන්, තරගකාරී අනෙකුත් ආයතනයන්ට සාපේක්ෂව වෙනස් ආකාරයෙන් සිතන කාර්යශූර ආකාරයෙන් කටයුතු කරන කණ්ඩායමක් බවට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 




 

 

SLIM වෙනුවෙන් එහි ප‍්‍රධාන විධායක නිලධාරී / විධායක අධ්‍යක්ෂ සනත් සේනානායක මහතා                       “ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතන SLIM වෙතින් ලැබෙන අලෙවිකරණ වෘත්තීයවේදී පුහුණුව පිළිබඳ විශ්වාසය තබා තිබෙන්නේ අපගේ අලෙවිකරණ අධ්‍යාපන ක‍්‍රමවේදය හරහා වෙනස්වන ව්‍යාපාර පරිසරයක අභියෝගයන්ට මුහුණදිය හැකි සාර්ථක අලෙවිකරණ වෘත්තිකයන් නිර්මාණය කෙරෙන නිසාවෙනි. අප විසින් VoiceD ආයතනයේ අවශ්‍යතා අනුව විශේෂයෙන් සකස් කළ විෂය නිර්දේශයක් ඔස්සේ Certificate of Direct Sales & Network Marketing පාඨමාලාව සකස් කොට තිබෙනවා. SLIM සැමවිටම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයත් අදාල ආයතනයේ ව්‍යාපාරික සමෘද්ධියත් යන දෙපාර්ශ්වයම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙමින් අලෙවිකරණ අධ්‍යාපන සේවාව ක‍්‍රියාත්මක කරනු ලබනවා.” යැයි පැවසීය.

දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ප‍්‍රමිතිගත අලෙවිකරණ අධ්‍යාපනයක් ශ්‍රී ලාංකිකයන්ට උරුමකරදෙමින් ගෝලීය අභියෝගයන්ට මුහුණදිය හැකි සාර්ථක අලෙවිකරණ වෘත්තිකයන් පිරිසක් ගොඩනැංවීමේ ජාතික මෙහෙවරෙහි නියැලි SLIM පසුගිය කාලයේ අප රටට බලපෑ COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප‍්‍රජාව ශක්තිමත් කිරීමේ ජාතික මෙහෙවරටද උරදී සිටියි.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) 1970 වසරේ සිට ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වෘත්තීයවේදී අලෙවිකරණ වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික ආයතනය ලෙස ක‍්‍රියාත්මක වේ. SLIM  ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (NCCSL), ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානය (OPA),  ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ලංකා සේවායෝජකයන්ගේ සංගමය (EFC)  සහ ආසියානු අලෙවිකරණ සම්මේලනය (AMF) යන දෙස් විදෙස් ව්‍යාපාර සංගමයන්ගේ සාමාජිකත්වය ලබා ඇත. එමෙන්ම SLIM අලෙවි සමීක්ෂණ සඳහා ලොව ප‍්‍රකට ESOMAR සහ Federation of Marketing Research Industries ආයතනයන්ගේ සාමාජිකත්වයද ලබා ඇත. SLIM ආයතනික තත්ත්ව කළමනාකරණ ක‍්‍රියාවලිය වෙත ජාත්‍යන්තර ISO 9001:2015 තත්ත්ව සහතිකය හිමිව ඇති අතර අධ්‍යාපන සේවා සැපයුම්කරුවෙකු (LSP) ලෙස අලෙවිකරණ ක්ෂේත‍්‍රය හා බැඳුණු වෘත්තීය අධ්‍යාපනික පාඨමාලා හා පුහුණු වැඩසටහන් උසස් තත්ත්වයෙන් පවත්වාගෙන යාම උදෙසා ISO 2990:2010 තත්ත්ව සහතිකය හිමිකරගැනීමට සමත්ව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව