SLIM Digis 2.5 සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වය වෙනුවෙන් DFCC බැංකුව ඇගයීමට පත්‍රවෙයි.

SLIM Digis 2.5 DFCC

DFCC බැංකුව 2025 SLIM Digis 2.5 සම්මාන උළෙලේදී ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ඇගයුමට පාත්‍ර විය. AI තාක්ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම වෙනුවෙන් කුසලතා සම්මානයක් (Merit Award) සහ ‘හොඳම SEO/SEM ව්‍යාපාරය’ වෙනුවෙන් රිදී සම්මානයක් (Silver Award) හිමි කරගනිමින්, DFCC බැංකුවේ නව්‍යකරණ ඩිජිටල් උපායමාර්ගික ගමන් මගේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.

 



 
මෙලෙස SLIM Digis 2.5 හීදී දිනාගත් සම්මාන, හුදෙක් ව්‍යාපාරික ජයග්‍රහනයකට වඩා පුළුල් අර්ථයක් ගෙන එයි. වඩාත් බුද්ධිමත් හා පෞද්ගලීකරණය කළ අත්දැකීම් ලබා දීම සඳහා කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීමෙන් සහ මැනිය හැකි ප්‍රතිලාභ සඳහා ඩිජිටල් වේදිකා ප්‍රශස්තකරණය කිරීමෙන්, DFCC බැංකුව ශ්‍රී ලංකාවේ පාරිභෝගික-කේන්ද්‍රීය සහ ඩිජිටල් අනාගතයට වඩාත් සූදානම් මූල්‍ය ආයතනයක් බවට පත්වීමේ සිය දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යයි.

දශක හතක විශ්වාසනීයත්වයක් සමඟ ඒකාබද්ධ වූ නවයකරණයවූ ඩිජිටල් නවෝත්පාදනයන් සමඟ, DFCC බැංකුව, අඛණ්ඩ ඩිජිටල්කරණය වන ව්‍යපාරික පරිසරයක් තුළ ගනුදෙනුකාරභවතුන්ට බැංකුකරණ කටයුතු වඩාත් සරල, ප්‍රතිලාභදායක සහ පහසු ක්‍රියාවලියක් බවට පත් කරයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව