SLIM “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය අති සාර්ථකව පැවැත්විණ.

420A1070 - Copy

ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක වන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM),  සාක් ගෘහාශ‍්‍රිත ව්‍යවසායක සංගමය හෙවත්  SABAH (SAARC Business Association of Home – Based Workers) සමග එක්ව සංවිධානය කරන ලද සුළු පරිමාණ ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන්ගේ නිෂ්පාදන ඇතුලත් “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනයචෙඩ්, පසුගියදා අති සාර්ථක ලෙස කොළඹ 07, BMICH, පරිශ‍්‍රයේදී පැවැත්විණ.

“Restart Sri Lanka” ජාතික වැඩපිළිවෙල යටතේ සංවිධානය කරන ලද “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය 4Ever Skin Naturals ආයතනයේ සභාපතිනි ප‍්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් විවෘත වූ අතර එම අවස්ථාවට මෙරට කීර්තිමත් අලෙවිකරණ හා කළමනාකරණ වෘත්තිකයන් වන රුවන් ලියනගමගේ, වසන්ත මල්ලිකාරච්චි, සුරංජිත් ස්වාරිස්, සරත් ප‍්‍රනාන්දු, නිශාන් නවරත්න, උපුල් අධිකාරි හා නලින් ආටිගල යන මහත්වරුන් සහභාගී වූහ. SLIM හිටපු සභාපතිවරුන් රැසක් මෙන්ම SABAH ශ්‍රී ලංකා සභාපති ආචාර්ය පේ‍්‍රමසිරි ගමගේ මහතා දින 3 පුරා ප‍්‍රදර්ශනය වෙත සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ජාතික අලෙවිකරණ පද්ධතිය ලෙස ක‍්‍රියාත්මක SLIM ස්වෙච්ඡ ක‍්‍රියාකාරීන්ගේ දායකත්වයෙන්  “Restart Sri Lanka” වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ජාතික වගකීමක් ලෙස සලකා සංවිධානය කළ “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය ග‍්‍රාමීය ප‍්‍රදේශයන්හි සරල වෙළෙඳපොලක ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන් හට කොළඹ කේන්ද්‍රීයව ක‍්‍රියාත්මක වන තරගකාරී වෙළෙඳපොළ දක්වා තමන්ගේ නිෂ්පාදන රැගෙන එන්නට මහඟු අත්වැලකි. “ලියක මහිම”  වෙළෙඳ ප‍්‍රදර්ශනය සඳහා සුළු පරිමාණ ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන් 66 දෙනෙකුගේ නිෂ්පාදන ඇතුලත් විය. මෙවැනි කොළඹ කේන්ද්‍රීය වෙළෙඳ ප‍්‍රදර්ශනයක් අරමුණු කරගනිමින් නිෂ්පාදන ඉදිරිපත් කිරීමේදී හා එම පාරිභෝගිකයන් සමග කටයුතු කිරීමේදී කාන්තා ව්‍යවසායිකාවන් හට තමන්ගේ නිෂ්පාදනයන් අලෙවි කළමනාකරණ මූලධර්ම අනුව වැඩිදියුණුකරගැනීමේ අවස්ථාව හිමිවේ.

ශ්‍රී ලාංකීය කාන්තාවන්ට සාම්ප‍්‍රදායික ගෘහණියකගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් පවුලට ශක්තියක් වන දිරිය ව්‍යවසායිකාවන් බවට පත්වන්නට දිරිමත්කරවමින් ආර්ථික සංවර්ධනයට ඔවුන්ගේ සක‍්‍රීය දායකත්වය එක්කරගැනීම මේ වනවිට කාලීන අවශ්‍යතාවක් බවට පත්ව ඇත. SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතාගේ සංකල්පයක් මත “ලියක මහිම” වෙළෙඳ ප‍්‍රදර්ශනය නිර්මාණය වන්නේ එකී කාලීන අවශ්‍යතාව සපුරාලමින් ගෘහාශ‍්‍රිත ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරිවය.

SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතා ලියක මහිම වෙළෙඳ ප‍්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් “කාන්තා ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් යොමුකරමින් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා මිත‍්‍රශීලී පරිසරයක් – සාර්ථක වෙළෙඳපොලක් නිර්මාණය කිරීම මෙම වෙළෙඳ ප‍්‍රදර්ශනයේ අරමුණයි. දිවයින පුරා විසිරී සිටින දක්ෂ කාන්තා ව්‍යවසායිකාවන් හඳුනාගනිමින් ඔවුන්ගේ ව්‍යාපාර ශක්තිමත් කරන්නට මෙවැනි වෙළෙඳ ප‍්‍රදර්ශන උපකාරීවනවා.” යැයි පැවසීය.

ලියක මහිම ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතා කාන්තා ව්‍යවසායිකාවන්ගේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් —COVID-19 වසංගතය සමග අප රටේ ජාතික ආර්ථිකය යළි පණගන්වන්නට නායකත්වය ගත් දිරිය කාන්තාවන්ගේ දායකත්වය ඉතා වැදගත් මෙහෙවරක් ඉටුකරමින් සිටිනවා. SLIM ජාතික වගකීමකට නායකත්වය දෙමින් අප රටේ දළ දේශීය නිෂ්පාදනයට (GDP) කාන්තා ව්‍යවසායක දායකත්වය වඩාත් හොඳින් ලබාගන්නට මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම ඉතා ප‍්‍රසංසනීයයි. මෙවැනි දැවැන්ත කටයුත්තක් පසුපස සිටින දැවැන්ත ශක්තියවන . SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතාටත් . SLIM ඉසව් සංවිධානය පිළිබඳ සභාපතිනිය වන තිලංකා අබේවර්ධන මහත්මියටත් මා බෙහෙවින් ස්තූතිවන්ත වනවා. SABAH ශ්‍රී ලංකා සභාපති ආචාර්ය පේ‍්‍රමසිරි ගමගේ මහතාටත් SABAH ශ්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී දිනූෂ රාජරත්න මහතාටත් මේ කටයුත්තට සහයෝගය දැක්වීම පිළිබඳ ස්තූතිවන්ත වනවා.” යැයි පැවසීය.

4Ever Skin Naturals ආයතනයේ සභාපතිනි ප‍්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී චාන්දනී බණ්ඩාර මහත්මිය වෙළෙඳ ප‍්‍රදර්ශනය පිළිබඳ අදහස් දක්වමින් ”රටට අවශ්‍යම මොහොතක මෙවැනි වෙළෙඳ ප‍්‍රදර්ශනයක් සංවිධානය කිරීමට SABAH  සමග එක්ව මූලිකත්වය ගත් SLIM තවත් ජාතික වගකීමකට පණ දී තිබෙනවා. කාන්තා ව්‍යවසායිකාවක් විදිහට මෙවැනි කාන්තාවන් මුල්කරගත් වෙළෙඳ ප‍්‍රදර්ශනයකට සහභාගීවන්නට ලැබීම මා ලද ගෞරවයක්. SLIM සභාපති රොෂාන් ප‍්‍රනාන්දු මහතාටත් ලියක මහිම ව්‍යාපෘතියේ සභාපති ආචාර්ය දිල්හාන් ජයතිලක මහතාටත් SABAH කළමනාකාරීත්වයටත් අපේ රටේ කාන්තාවන්ට ශක්තියක් වන්නට මෙවැනි වැඩසටහනක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මා හදවතින්ම ස්තූතිවන්ත වනවා. ” යැයි පැවසීය.

####

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) 1970 වසරේ සිට ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත්කිරීම උදෙසා වෘත්තීයවේදී අලෙවිකරණ වෘත්තිකයන් බිහිකිරීමේ ජාතික ආයතනය ලෙස ක‍්‍රියාත්මක වේ. SLIM ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (NCCSL), ශ්‍රී ලංකා වෘත්තික සංගම් සංවිධානය (OPA) ශ‍්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL), ලංකා සේවා යෝජකයන්ගේ සංගමය (EFC) සහ ආසියානු අලෙවිකරණ සම්මේලනය (AMF ) යන දෙස් විදෙස් ව්‍යාපාර සංගමයන්ගේ සාමාජිකත්වය ලබා ඇත. එමෙන්ම SLIM අලෙවි සමීක්ෂණ සඳහා ලොව ප‍්‍රකට ESOMAR සහ Federation of Marketing Research Industries  ආයතනයන්ගේ සාමාජිකත්වයද ලබා ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව