සෙලාන් බැංකුව ‘සමනොළසිරි හරිත වන්දනා’ සමඟ එක්වෙයි

Capture

සෙලාන් බැංකුව පසුගියදා ‘සමනොළසිරි හරිත වන්දනා’ ව්‍යාපෘතිය සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කළේය. ‘සමනොළසිරි හරිත වන්දනා’ යනු ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ පූජනීය ශ්‍රී පාදස්ථානයේ ස්වභාව සෞන්දර්යය යථා තත්ත්වයට පත්කිරීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘතියකි. මෙය පාරිසරික හා සංස්කෘතික වගකීම් එක්තැන් කරමින්, අනාගත පරපුර වෙනුවෙන් ශ්‍රී ලංකාවේ උරුමය සංරක්ෂණය කිරීම සඳහා සෙලාන් බැංකුව දරන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ සෙලාන් බැංකුවේ සහයෝගය ඇතිව, ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් ගමන් කරන ප්‍රධාන මාර්ග තුනෙහි එක්රැස් වී තිබූ පොලිතීන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කරන ලදී. මේ සඳහා ස්වේච්ඡාවෙන් දායක වූවන් භාවිතා කළ අත්වැසුම් 3,000 ක් සඳහා සෙලාන් බැංකුවේ අනුග්‍රහය හිමි විය.




“රටේ සංස්කෘතික හා පාරිසරික සෞන්දර්යය ආරක්ෂා කරගැනීම වැදගත් බව අප දැඩිව විශ්වාස කරනවා. සුවිශාල ඓතිහාසික හා පාරිසරික වැදගත්කමක් සහිත ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය තුළ ‘සමනොළසිරි හරිත වන්දනා’ වැනි උදාර අරමුණක් සහිත වැඩසටහනක් ක්‍රියාවට නැංවීම ප්‍රශංසනීයයි. මෙවැනි වැඩසටහන් සමඟ අත්වැල් බැඳගැනීම මඟින්, පාරිසරික වගකීම සහ ජාතික සංවර්ධන ඉලක්ක සඳහා ප්‍රමුඛත්වය දෙන තිරසාර වැඩසටහන් දිරිගැන්වීමට මෙන්ම, අපගේ ආගමික උරුමයන් ආරක්ෂා කරගැනීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා.” සෙලාන් බැංකුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ශනුක ජයරත්න මහතා පැවසීය.

ශ්‍රී පාදස්ථානය රැකගැනීමේ පාරිසරික සහ සදාචාරත්මක වගකීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණ මූලික කරගෙන ක්‍රියාත්මක වූ මෙම මහා පරිමාණ ව්‍යාපෘතිය,  වඩාත් පුළුල් පාරිසරික සංරක්ෂණ සැලසුමක එක් අදියරකි. මෙම අදියරට රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ස්වේච්ඡා කණ්ඩායම් නියෝජනය කරමින් 3,000 කට අධික පිරිසක් සහභාගී වූහ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව