
ඡායාරූප විස්තරය: ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සත්තාර් කාසිම් මහතා
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය සිය 30 වැනි සංවත්සරය සමරමින් ඔවුන්ගේ ව්‍යාපාරික වර්ධනය සහ විවිධාංගීකරණය පිළිබඳ මෙන්ම දශක තුනක් පුරාවට ආයතනය ගොඩනැංවීමේදී ශක්තියක් වෙමින් සිටි පුද්ගලයන් පිළිබඳව ද ආවර්ජනය කළේය. 1995 වසරේ මාර්තු මාසයේදී ආරම්භ කරන ලද ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය, අද වන විට සේවකයින් 1,800 කට අධික පිරිසකගේ ශක්තියෙන් යුතුව, ක්ෂේත්‍ර 7 ක් ඔස්සේ සමාගම් 18 කට වඩා ක්‍රියාත්මක වන විවිධාංගීකරණය වූ මහා පරිමාණ ව්‍යාපාරික ජාලයක් දක්වා විකාශනය වී ඇත.
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාර්ථකත්වය යනු ආයතනයක කැපී පෙනෙන ජයග්‍රහණයක් වුවද ඇබර්ඩීන්හි නායකත්ව අවධාරණය කරන්නේ සමූහයේ සැබෑ ශක්තිය රැඳී ඇත්තේ දීර්ඝකාලීන හා අඛණ්ඩ, ස්ථාවර පැවැත්ම මත බවයි. වෙනස් වන වෙළඳපොළ සහ ආර්ථිකය හමුවේ ආයතනයට ස්ථාවරත්වයක් ලබා දුන්නේ එහි සේවකයින්ගේ දිගුකාලීන කැපවීම බව ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරයි.
ආයතනයේ දිගුකාලීන පැවැත්ම වෙනුවෙන් කැප වූ සේවකයන්ට ගෞරව කිරීම වෙනුවෙන් ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය විසින් “Decades of Dedication” නමින් වැඩසටහනක් හඳුන්වා දී ඇත. එමගින් සමූහයේ ප්‍රගතිය සමඟ තම වෘත්තීය ජීවිතය සමීපව බැඳී පවතින දිගුකාලීන සේවකයින් ඇගයීමට ලක් කෙරේ. සේවකයින් 550 කට වැඩි පිරිසක් වසර පහකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර, බොහෝ දෙනෙක් දශකයකට වඩා වැඩි කාලයක් ආයතනය වෙනුවෙන් දායක වී ඇත. ඔවුන්ගේ අත්දැකීම් සහ ආයතනික දැනුම, මෙහෙයුම් විශිෂ්ටත්වය, නායකත්ව සංවර්ධනය සහ ආයතනික දිගුකාලීන පැවැත්ම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.
මෙම සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති සත්තාර් කාසිම් මහතා මෙසේ පැවසීය:
“වසර තිහක අඛණ්ඩ වර්ධනය යනු කිසි විටෙකත් එක් මොහොතක හෝ එක් නායකයෙකුගේ පමණක් ජයග්‍රහණයක් නොවේ. එය ගොඩනැගී ඇත්තේ ආයතනය කෙරෙහි විශ්වාසය තබා ඒ සමඟම වර්ධනය වීමට තෝරාගත් පුද්ගලයින්ගේ නොසැලෙන කැපවීම මතය. ‘Decades of Dedication’ හරහා ඇගයීමට ලක්වන්නේ ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ හි පදනම සැකසූ එම පුද්ගලයින්වයි”.
මෙම වැඩසටහන මගින් සේවා කාලය අනුව Bronze, Silver, Gold, Platinum, Ruby, Emerald, සහ Diamond ලෙස අදියර කිහිපයක් යටතේ සේවකයින් ඇගයීමට ලක් කරන අතර, එය කාලයත් සමඟ ශක්තිමත් වූ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය සංකේතවත් කරයි. විධිමත් ඇගයීමකට එහා යමින්, මෙමගින් පක්ෂපාතීත්වය, අත්දැකීම් සහ දිගුකාලීන දායකත්වය අගය කරන සංස්කෘතියක් ගොඩනැගීම ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ අපේක්ෂාවයි.
“අපගේ සේවකයින් මෙම සමූහයේ ආයතනික මතකය රැගෙන යමින් එහි වටිනාකම්, විනය සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව පවත්වාගෙන යයි. ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය හතරවන දශකයට පිවිසෙන මේ අවස්ථාවේ, අපගේ අනාගතය ගොඩනැගීමේ කේන්ද්‍රීය සාධකය වනුයේ ද මෙම අඛණ්ඩතාවයි” යැයි කාසිම් මහතා පැවසීය.
අනාගතයට ගමන් කරන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය, සිය තිරසාර සාර්ථකත්වයේ ශක්තිය හුදෙක් ව්‍යාපාරික ව්‍යාප්තිය සහ කාර්ය සාධනය පමණක් නොව, සෑම පරිච්ඡේදයකම හදවත ලෙස සිටින සේවකයින් සමඟ ඇති අඛණ්ඩ සහ විශ්වාසනීය සබඳතාවය බව තහවුරු කරයි.


