
සෙලාන් බැංකුව සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් ක්‍රියාවට නැංවූ ‘Swipes & Surprises’ ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත් විය. 2025 නත්තල් ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහන, සෙලාන් බැංකුව සිය ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් අගයමින් ඔවුන්ට අර්ථවත් ප්‍රතිලාභ තිළිණ කිරීම සඳහා දරන නිරන්තර උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
‘Swipe and Surprises’ ප්‍රවර්ධන වැඩසටහන 2025 නොවැම්බර් 13 දින සිට 2025 දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වූ අතර, සති 7 ක කාලයක් පුරා සතිපතා දිනුම් ඇදීම් තුළින් සෙලාන් කාඩ්පත් හිමියන් 7 දෙනෙකුට iPhone 17 Pro දිනාගැනීමට අවස්ථාව හිමි විය. සෙලාන් ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන් සියලුම දෙනා සඳහා විවෘත වූ මෙම තරගයේදී අවම වශයෙන් රු. 5,000 ක ගනුදෙනු සිදු කළ කාඩ්පත් හිමියන්ට ත්‍යාග සඳහා සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමි වූ අතර, තරග කොන්දේසි සපුරාලන ගනුදෙනු සංඛ්‍යාව අනුව දිනුම් අවස්ථා වැඩි ගණනක් හිමි විය.
පී. ආර්. එල්. වීරසිංහ, සී. ආර්. දොඩන්ගොඩ, එම්. එච්. එම්. තරීක්, අයි. ජයවික්‍රම, පී. සංකල්ප, එච්. එෆ්. එස්. ආර්. ෆොන්සේකා සහ එල්. ඩී. එස්. පී. සිරිවර්ධන යන සෙලාන් කාඩ්පත් හිමියෝ ‘Swipe and Surprises’ හි වාසනාවන්ත ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් බවට පත්වෙමින් iPhone 17 Pro දුරකථන දිනාගැනීමට සමත් වූහ.
පසුගිය උත්සව සමයේ සෙලාන් බැංකුවේ ප්‍රවර්ධන වැඩසටහන්වල තේමාව වූ ‘Discover the heartfelt magic of the season with Seylan Cards’ යන්නට සමගාමීව දියත් කළ ‘Swipes & Surprises’ ගනුදෙනුකරුවන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. මෙවැනි වැඩසටහන් ඔස්සේ විවිධාකාර වූ ජීවන රටාවන්ට ගැළපෙන මිලදීගැනීම් සඳහා භාවිතා කිරීමට සුදුසුම කාඩ්පත් පෙළක් ලෙස තම කාඩ්පත් ස්ථානගත කිරීමට සෙලාන් බැංකුවට හැකි වී ඇත.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය ඔස්සේ ඉදිරියට යමින්, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන්ද සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන් හා දීමනා එකතුවක් හඳුන්වා දීමට සෙලාන් බැංකුව මේ වන විට සැලසුම් කර තිබේ. මේ ආකාරයට වසර පුරාම ආකර්ෂණීය ප්‍රවර්ධන වැඩසටහන් ඔස්සේ තම ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට විවිධාකාර වූ වාසි පිරිනැමීමට සෙලාන් බැංකුව සෑම විටම සූදානමින් සිටී.
සෙලාන් බැංකුව දැනට ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රවර්ධන වැඩසටහන් සහ කාඩ්පත් දීමනා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා සෙලාන් බැංකුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 011 200 88 88 අමතන්න.


