දේශීය ගෘහස්ත බේකරි ක්ෂේත්‍රය බලගන්වමින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ඇරඹේ

Serendib Image 3 (LBN)

ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදක (Home-baking) ප්‍රජාවට අවශ්‍ය දැනුම, අත්දැකීම් සහ සබඳතා ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම වෙනුවෙන් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ (Serendib Flour Master’s Club) නිල වශයෙන් ආරම්භ කර ඇත. මෙම උත්සවය 2026 සැප්තැම්බර් 17 වන දින කොළඹ Sheraton හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විය.

මෙම නවතම පියවර මගින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම හුදෙක් පිටි සැපයුම්කරුවෙකුගේ භූමිකාවෙන් ඔබ්බට යමින්, සිය නිර්මාණශීලී විනෝදාංශය ස්ථාවර සහ සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමට වෙහෙසෙන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදකයන්ට ශක්තිමත් පදනමක් සපයන දීර්ඝකාලීන වැඩපිළිවෙළක් නිර්මාණය කර ඇත.




මෙම නිල සමාරම්භක අවස්ථාව සඳහා ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදකයන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සුවිශේෂී ආරාධිතයන් රැසක් එක්ව සිටියහ. ඒ අතර Colombo Academy of Hospitality Management නියෝජනය කරමින් රවීන්ද්‍ර රංජිත් මහතා සහ සූපවේදී ශිරෝමා පෙරේරා මහත්මිය, සූපවේදි දුෂන්ති මදනායක මහත්මිය, භෞතචිකිත්සක නිලක්ෂි කාසිලිංගම් මහත්මිය මෙන්ම Institute of Business Advancement නියෝජනය කරමින් කෞශල්‍යා කරුණාරත්න මහත්මිය ද සහභාගී වූහ.

අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගන්නා සක්‍රීය ප්‍රජාවක් ගොඩනැගීමේ අරමුණින් ඇරඹි ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ හරහා සාමාජිකයින්ට ප්‍රායෝගික කුසලතා දියුණු කරගැනීමටත්, ව්‍යාපාරික අවබෝධය ලබාගැනීමටත් අවස්ථාව හිමිවේ. එමගින් ස්වයං රැකියාවක් ලෙස කේක් සහ බේකරි නිෂ්පාදනයේ නිරත වන්නන් පූර්ණ ව්‍යවසායකයින් බවට පත්කිරීමට අවශ්‍ය විශ්වාසය සහ මගපෙන්වීම සිදු කරනු ලබයි.

මෙම සමාරම්භක උත්සවයේදී අදහස් දක්වමින් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමිතාව් බසාක් මහතා මෙසේ පැවසීය:

“ශ්‍රී ලංකාවේ බේකරි ක්ෂේත්‍රය පිටුපස සිටින සැබෑ ශක්තිය වන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදකයින් සවිබල ගැන්වීම වෙනුවෙන් අප දක්වන කැපවීම ‘සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්’ හරහා පිළිඹිබු වෙනවා. අද වන විට දේශීය ව්‍යවසායකත්වය, ආදායම් උත්පාදනය සහ නිර්මාණශීලීත්වය වෙනුවෙන් ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදකයන්ගෙන් ලැබෙන්නේ විශාල දායකත්වයක්. මෙම වැඩසටහන මගින් ඔවුන්ගේ ඉදිරි ගමනට අවශ්‍ය දැනුම, නිවැරදි මගපෙන්වීම මෙන්ම එකිනෙකා අතර සබඳතා ගොඩනගා ගැනීමේ අවස්ථාව ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.”

මෙම එකමුතුව හරහා සාමාජිකයන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන ප්‍රායෝගික පුහුණු වැඩමුළු සඳහා මෙන්ම ප්‍රජා සබඳතා වර්ධනය කෙරෙන වැඩසටහන් රැසකට සම්බන්ධ විය හැක. මෙහි දී තාක්ෂණික දැනුමට අමතරව, නිෂ්පාදන සංවර්ධනය, ව්‍යාපාර කළමනාකරණය, වෙළඳපොළකරණය, ඇසුරුම්කරණය, ආහාර ප්‍රමිතීන් සහ සහතිකකරණය ඇතුළු සාර්ථක ගෘහස්ත කේක් සහ බේකරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම ක්ෂේත්‍රයන් ආවරණය කෙරේ.

ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා නව ආදායම් මාර්ග සහ ව්‍යවසායකත්ව අවස්ථා නිර්මාණය වන වටපිටාවක, “සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මාස්ටර්ස් ක්ලබ්” යනු හැකියාවන්, දැනුම සහ නව අවස්ථා එකිනෙක යා කරන සුවිශේෂී වේදිකාවකි. විවිධ මට්ටම්වල පසුවන ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදකයින්ට තම අත්දැකීම් හුවමාරු කරගැනීමටත්, ප්‍රවීණයන්ගෙන් කරුණු ඉගෙන ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවනු ඇත.

තම ප්‍රමුඛතම තේමා පාඨය වන “දේශය පෝෂණය කිරීම” යන්න පෙරදැරි කරගනිමින්, ගෘහස්ත කේක් සහ බේකරි ආශ්‍රිත නිෂ්පාදන හිමියන්ගේ නිර්මාණශීලී හැකියාවන් සාර්ථක වෘත්තීය ව්‍යවසායකත්වයක් බවට පත්කිරීමටත්, දේශීය බේකරි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා අඛණ්ඩව දායක වීමටත් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම ඉදිරියටත් කැපවී සිටින බව නොඅනුමානය.

 



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව