ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින්, Visa ආයතනය ගෝලීය වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා නව අවස්ථා නිර්මාණය කරයි

Minister speech (LBN)

Visa ආයතනය ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද “Scale Up 2.0” ජාතික SME සමුළුව 2026 සඳහා අනුග්‍රහය දක්වමින්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා සිය සහයෝගය තහවුරු කළේය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා හඳුනා ගැනීමට, තාක්ෂණය හරහා තම ව්‍යාපාර පුළුල් කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සමුළුව පැවැත්විණි.

“Connected. Competitive. Ready to Grow” යන තේමාව යටතේ පැවැති “Scale Up 2.0” සමුළුවේ අරමුණ වූයේ ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව වෙළෙඳපොළ අවස්ථා වෙත ප්‍රවේශ වීමට, ශක්තිමත් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට සහ තරගකාරීත්වය වැඩිදියුණු කරමින් තිරසාර වර්ධනය කරා ගමන් කිරීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදීමයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඉදිරි ගමනට අත්‍යවශ්‍ය වන නව වෙළෙඳපොළ අවස්ථා දිනාගැනීම, අගය දාමයන් හා එක්වීම, ප්‍රමිතිකරණය, ආයෝජන ලබාගැනීමේ සූදානම, ව්‍යාපාර පුළුල් කිරීම සහ ඩිජිටල්කරණය වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරිණි.




මෙහි Platinum Partner ලෙස “Scale Up 2.0” සමුළුවට සහාය වූ Visa ආයතනය වෙනුවෙන් අදහස් දැක්වූ Visa හි ශ්‍රී ලංකා සහ මාලදිවයින කළමනාකාරිණී අවන්ති කොළඹගේ මහත්මිය කියා සිටියේ, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනය සහ සුරක්ෂිත ගෙවීම් යටිතල පහසුකම් තීරණාත්මක සාධක වන බවයි. ව්‍යාපාරවලට නව අවස්ථා විවෘත කරමින්, දේශීය හා ගෝලීය වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට මෙම පහසුකම් වැදගත් පදනමක් සපයන බවද ඇය පෙන්වා දුන්නා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත්ම පදනමක් වන අතර, රටේ ව්‍යාපාරික පරිසරයේ නවෝත්පාදන සහ වර්ධනය සඳහා ඔවුන් විශාල දායකත්වයක් ලබා දෙයි. වර්තමානයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකයින් ඩිජිටල් තාක්ෂණය භාවිත කරමින්, නව වෙළෙඳපොළ අවස්ථා සොයමින් සහ තම ව්‍යාපාර ගෝලීය මට්ටමට ගෙන යාම සඳහා සූදානම් වෙමින් සිටී. මෙම ගමනේදී ඩිජිටල් ගෙවීම්, තාක්ෂණික විසඳුම්, දැනුම සහ සබඳතා ඔවුන්ට අත්‍යවශ්‍ය පහසුකම් සපයයි. ඇය වැඩිදුරටත් කියා සිටියේ Visa හි අපගේ අරමුණ වන්නේ නව්‍ය විසඳුම් සහ සහයෝගීතා හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව වර්ධනය වීමට අවශ්‍ය ශක්තිය ලබාදීම බවයි.

අවන්ති කොළඹගේ මහත්මිය තවදුරටත් පෙන්වා දුන්නේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල අනාගතය නිර්මාණය කිරීමේදී ඩිජිටල් සේවාවන්, සරල ව්‍යාපාරික විසඳුම්, පහසු මූල්‍ය ප්‍රවේශයන් සහ විශ්වාසනීය ගෝලීය ගෙවීම් හැකියාවන් කෙරෙහි පවතින ඉල්ලුම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ව්‍යවසායකයින්ගේ අවශ්‍යතා එකිනෙකට වෙනස් වන බැවින්, ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතීන් සහ වර්ධන අරමුණුවලට ගැලපෙන පරිදි සකස් කළ විසඳුම් ලබා දීම මෙම ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා තීරණාත්මක වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේදී දේශසීමා හරහා ගනුදෙනු කිරීමේ පහසුව ප්‍රධාන සාධකයක් බවට පත්වේ. ඩිජිටල් වාණිජ්‍යය සහ නව්‍ය ගෙවීම් පද්ධති මඟින් ව්‍යාපාරවලට ජාත්‍යන්තර පාරිභෝගිකයන් හා සැපයුම්කරුවන් සමඟ සබඳතා ගොඩනගා ගැනීමටත්, වඩාත් කාර්යක්ෂම ගනුදෙනු ක්‍රමවේදයන් අනුගමනය කිරීමට හැකියාව ලැබේ.

SME ව්‍යාපාරවලට අවශ්‍ය වන්නේ තනි විසඳුම්වලට සීමා වූ සේවාවන් නොව, ඔවුන්ගේ වර්ධනයට දිගුකාලීනව සහාය වන හවුල්කාරීත්වයන් බව අවන්ති කොළඹගේ මහත්මිය සඳහන් කළා. අප විසින් සුරක්ෂිත සහ පහසු ගෙවීම් විසඳුම් හරහා SME ව්‍යාපාරවලට දෛනික මෙහෙයුම් පහසු කිරීමට, නව ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමට සහ ව්‍යාපාර පුළුල් කිරීමට සහාය වීමට කටයුතු කරනවා. එහිදී අප  ගනුදෙනු සක්‍රීය කිරීම පමණක් නොව, ව්‍යාපාරවල වර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කිරීමද සිදු කරනු ලබනවා.

ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට වඩාත් ශක්තිමත් මාවතක් නිර්මාණය කිරීම ‘Scale Up 2.0’ හි මූලික අරමුණ බවයි. ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර වඩාත් විශ්වාසයෙන් යුතුව ව්‍යාප්ත කිරීමට සහ ගෝලීය තරගකාරීත්වයට සූදානම් වීමට වෙළෙඳපොළ, මූල්‍ය, තාක්ෂණික සහ උපායමාර්ගික සම්පත් වෙත ප්‍රවේශය අවශ්‍යයි. ලංකා වාණිජ මණ්ඩලය ලෙස, මෙම සියලු පාර්ශ්ව එකට සම්බන්ධ කරමින් SMEs වෙත අවශ්‍ය දැනුම, සබඳතා සහ ව්‍යාපාරික අවස්ථා ලබාදීමට අප කටයුතු කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, “ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ආර්ථික වර්ධනය, අපනයන සහ රැකියා උත්පාදනය සඳහා තීරණාත්මක දායකත්වයක් ලබාදිය හැකි ක්ෂේත්‍රයක් වනවා. එහි පූර්ණ හැකියාව ප්‍රයෝජනයට ගැනීම සඳහා අනාගතයට සූදානම් ව්‍යාපාරික පරිසරයක්, ඩිජිටල් තාක්ෂණය වෙත පුළුල් ප්‍රවේශයක් සහ මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව ශක්තිමත් කළ යුතුයි. ඒ සඳහා රජය, කර්මාන්තය, ගෙවීම් පද්ධති සපයන්නන් සහ සංවර්ධන හවුල්කරුවන් අතර සහයෝගීතාව අත්‍යවශ්‍ය කාරණයක්. අපගේ අවධානය යොමු වී ඇත්තේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරහට වඩාත් තරගකාරීව ක්‍රියා කිරීමට, ව්‍යාපාර පුළුල් කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනයට සක්‍රීයව දායක වීමට හැකි පරිසරයක් ගොඩනැඟීම බවයි.

‘Scale Up 2.0’ සමුළුව සඳහා Visa දක්වන ලද මෙම දායකත්වය මගින් පිළිබිඹු වන්නේ, ව්‍යාපාර ඩිජිටල් ලෙස බලගැන්වීමට සහ මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට එකිනෙකා හා සම්බන්ධ වීමට, තරග කිරීමට සහ වර්ධනය වීමට හැකි ව්‍යාපාරික පරිසර පද්ධතියක් ශක්තිමත් කිරීමට දක්වන නිරන්තර කැපවීමයි. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය නව අවස්ථා සහ අභියෝග සමඟ අඛණ්ඩව පරිණාමය වන බැවින්, ව්‍යවසායකයින්ගේ වර්ධන අපේක්ෂාවන් තිරසාර ආර්ථික වටිනාකමක් බවට පත් කිරීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව තවදුරටත් වැදගත් වනු ඇත. රාජ්‍ය සහ පෞද්ගලික අංශය, මූල්‍ය ක්ෂේත්‍රය, වාණිජ මණ්ඩල සහ තාක්ෂණික පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාවය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දිගුකාලීන සාර්ථකත්වය සඳහා ප්‍රධාන සාධකයක් වනු ඇත.

‘Scale Up 2.0’ සඳහා Visa හි දායකත්වය, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ඩිජිටල් හැකියාවන් ශක්තිමත් කරමින්, ඔවුන්ට නව සබඳතා ගොඩනඟා ගැනීමට, තරගකාරීත්වය ඉහළ නංවා ගැනීමට සහ නව වර්ධන අවස්ථා වෙත ප්‍රවේශ වීමට සහාය වන පරිසරයක් ගොඩනැඟීම සඳහා Visa දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි. ඉදිරියේදීද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ වර්ධන අරමුණු ප්‍රායෝගික ව්‍යාපාරික අවස්ථා බවට පත් කිරීම සඳහා ප්‍රධාන පාර්ශ්වකරුවන් අතර ශක්තිමත් සහයෝගීතාව තවදුරටත් වැදගත් වනු ඇත.

සම්බන්ධ කරගැනීමට:

රශ්මි රන්දුන්නේ

rashmi.r@hardtalk.lk



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව