
Samsung ශ්‍රී ලංකා, මෙරට පාරිභෝගිකයින් හට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා මාසික වාරික ගෙවීම් (EMI) විසඳුම් ලබා දීමට පසුගියදා කටයුතු කරන ලදී. එම සුවිශේෂී පහසුව සමඟින් ක්‍රෙඩිට් කාඩ් ඇති වුවද, නැති වුවද ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකතනක් මිලදී ගැනීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයින්ට උදා වනු ඇත. අති නවීන තාක්ෂණය වැඩි පාරිභෝගික පිරිසක් වෙත ගෙන යාම හා පාරිභෝගිකයින්ට ස්මාර්ට් ජංගම දුරකතන මිලදී ගැනීමේ පහසුව සලසාදීම අරමුණු කරගනිමින් Samsung විසින් මෙම දීමනාව හඳුන්වා දෙනු ලැබීය. ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතයෙන් තොරව සිය ස්මාර්ට් ජංගම දුරකතන මිලදී ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති Samsung ශ්‍රී ලංකා පහසු හා නම්‍යශීලී මාසික වාරික ගෙවීම් හරහා අසමසම ජංගම දුරකතන අත්දැකීමක් ලබා ගැනීමට මේ තුලින් පාරිභෝගිකයින් වෙත අවස්ථාව හිමිකර දෙයි.
හෙට දවසට ගැලපෙන ඉහළ කාර්යසාධනයක් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන පාරිභෝගිකයින් හට 6GB RAM සහ 128GB storage සහිත Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය කදිම විසඳුමක් සපයනු ඇත. 5G සම්බන්ධතාව සහිත මෙය වේගවත් ඩවුන්ලෝඩ් කිරීම්, භාවිතයේ පහසුව හා ඉහළ කාර්යක්ෂමතාවය යනාදී සුවිශේෂී ගුණාංගයන්ගෙන් සමන්විත වේ.
විශේෂයෙන් Samsung හි ප්‍රමුඛතම software සඳහා වන කැපවීම මනාව පිළිබිඹු කරන මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය වසර 6ක ආරක්ෂණ යාවත්කාලීන කිරීම් හා වසර 6ක Upgrades වලින් සමන්විත වේ. නව වාරික ගෙවීම් සැලසුම් යටතේ මාස 12ක් සඳහා රු. 5,073 ක්, මාස 9ක් සඳහා රු. 6,457ක්, මාස 6ක් සඳහා රු.9,240ක්, මාස 3ක් සඳහා රු. 17,614ක් වශයෙන් මාසික ගෙවීම් සිදු කරමින් නවතම F16 5G ස්මාර්ට් ජංගම දුරකතනයක් තමන් සතු කර ගැනීමට දැන් මෙරට පාරිභෝගිකයාට හැකියාව ඇත. මෙහි තවත් සුවිශේෂී දීමනාවක් වන්නේ වසර 2ක් සඳහා නොමිලේ දුරකතන තිරය නැවත යෙදීමේ අවස්ථාවද උදා කර දීමයි. ඒ තුලින් රුපියල් 16,960ක් දක්වා ඉතිරියක් හිමි කර ගැනීමටද පාරිභෝගිකයින්ට හැකියාව උදා වේ.
ආකර්ෂණීය බව, කාර්ය සාධනය හා වටිනාකම එකට එක් කළ තවත් සුවිශේෂී නිෂ්පාදනයක් වන්නේ Galaxy F06 5G ස්මාර්ට් ජංගම දුරකතනයයි. මේ සමඟ සිය F මාදිලි පෙළ පාරිභෝගිකයා අතරට ගෙන යාමට කටයුතු කර ඇති Samsung මෙරට පාරිභෝගිකයා වෙත පහසු මිලකට 5G ස්මාර්ට් දුරකතනයක් ලබා දීමට කටයුතු කර ඇත. රුපියල් 53,979/- ක මිලකට එහි 4GB + 128GB ධාරිතාව ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇති අතර වාරික ගෙවීම් විසඳුම් තුලින් පාරිභෝගිකයින් වෙත මිලදී ගැනීමේ අසමසම පහසුවද උදා කර දී ඇත. ඒ අනුව මාස 12ක් සඳහා රු. 4,026ක්ද, මාස 9ක් සඳහා රු. 5,124ක්, මාස 6ක් සඳහා රු.7,332ක්, මාස 3ක් සඳහා රු. 13,978ක් වශයෙන් සමාන මාසික වාරික ගෙවීම් මඟින් Galaxy F06 5G ස්මාර්ට් ජංගම දුරකතනයක හිමිකරුවකු වීමේ අවස්ථාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබේ. උසස් තත්වයේ Hardware සහ software සමඟින් සුවපහසු හා අසමසම පාරිභෝගික අත්දැකීමක් ලබා දීමට Galaxy F06 5G සමත් වනු නිසැකය.
සියලු පාරිභෝගිකයින් හට අති නවීන තාක්ෂණයෙන් යුත් ස්මාර්ට් ජංගම දුරකතනයක හිමිකරුවකු වීමේ අවස්ථාව උදා කර දීමේ Samsung හි මෙහෙවර පිළිබිඹු කරන මෙම සුවිශේෂී වාරික ගෙවීම් සැලසුම් ක්‍රමය හේතුවෙන් ක්‍රෙඩිටි කාඩ්පතක් නොමැතිව ස්මාර්ට් ජංගම දුරකතනයක් තමන් සතු කර ගැනීමට හැකියාව උදා වේ. ඉහළ කාර්ය සාධනයක් සහිත, 5G තාක්ෂණයෙන් සුසැදි නවීන තාක්ෂණය අත් විඳීමට කැමති පුලුල් පරාසයක විහිදුණු පාරිභෝගිකයින් සඳහා Galaxy F16 5G අසමසම අත්දැකීමක් එක් කරනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවෝත්පාදනය හා පහසු මිල පිළිබඳව සඳහන් කළ Samsung ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්යක්ෂ SangHwa Song මහතා “ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තත්වයෙන් උසස්, ඉහළ කාර්ය සාධනයක් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් පහසු මිලකට මිලදී ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. ඒ සඳහා වන අපගේ කැපවීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස මාසික ගෙවීම් විසඳුම් (EMI) හඳුන්වා දීම පෙන්වා දිය හැකියි. ඒ තුලින් මාසික ගෙවීමේ ක්‍රමයට තමන්ගේ සිහින දුරකතනය මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදාකර දී තිබෙනවා.” යනුවෙන් පැවසීය.
Samsung ශ්‍රී ලංකා විසින් හඳුන්වා දෙනු ලැබූ මෙම නවතම දීමනාව ළඟම ඇති Samsung බලයලත් අලෙවි නියෝජිත ආයතනයෙන් දැන් අත්විඳිය හැකිය. Galaxy F කාණ්ඩයේ නිෂ්පාදන සඳහා වාරික ගෙවීමේ සැලසුම් එම ස්ථානයේදීම අයදුම් කළ හැකිය. ඔබ මිලදී ගන්නේ 5G ස්මාර්ට් ජංගම දුරකතනයක්ද, මෙය ඔබගේ පළමු ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමද යන්න නොසලකා මෙම වාරික සැලසුම යටතේ ඉහළම කාර්ය සාධනයක් සහිත නවීන තාක්ෂණයේ ජංගම දුරකතන අත්දැකීමක් හිමි කර ගැනීමට ඔබට හැකිවනු ඇත. තවද Samsung Members යෙදුම හරහා තමන්ට හිමිවන විශේෂ දීමනා හා වට්ටම් පිළිබඳ දැන ගැනීමේ අවස්ථාව උදා කර දී ඇති Samsung, OGF mall හි Samsung Experience Store හිදී එම සුවිශේෂී අත්දැකීම් හා ප්රතිලාභ විඳ ගැනීමේ හැකියාවද උදා කර දී තිබේ.
කාලයක් Most Loved Electronics Brand’ ලෙස මෙරට වටිනාම සන්නාම ඇගයීම පිළිබඳ කීර්තිමත් LMD සම්මාන උළෙලේදී පිළිගැනීමට ලක්ව ඇති Samsung, SLIM සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය ලෙසද ගෞරවය හිමිකර ගනු ලැබුවේ අඛණ්ඩව වසර 4ක් පුරා ‘People’s Youth Choice Brand of the Year’ සම්මානයද තමන් සතු කර ගනිමිනි. වයස් භේදයකින් තොරව සියලු වයස් කාණ්ඩයන්හි පාරිභෝගිකයින් විශාල ප්රමාණයකගේ විශ්වාසය දිනාගෙන ඇති Samsung විශේෂයෙන් Gen Z සහ Millennial වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කැපවී කටයුතු කරයි.