දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන රෝයල් නර්සින් හෝම්හි ප්‍රධාන කාර්යාලය බාන්ස් පෙදෙසේ විවෘත වේ

A (LBN)

දකුණු ආසියාවේ වැඩිහිටි සත්කාර සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතනයක් වන රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගමේ නව ප්‍රධාන කාර්යාලය අංක 82, බාන්ස් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේදී විවෘත කෙරිණි. ඉන්දියාවේ පෝර්ටියා වෛද්‍ය ආයතනය අභිබවා යමින් ස්ථිර සෞඛ්‍ය සේවකයන් 1,600කට අධික සංඛ්‍යාවක් සේවයේ නිරත රෝයල් නර්සින් හෝම් සමාගම ගල්කිස්ස, මහරගම, පන්නිපිටිය, කඩුවෙල, මාලඹේ, හංවැල්ල, අතුරුගිරිය සහ එක්සත් රාජධානියේ ලන්ඩන් නගරය ආශ්‍රිතව හෙද නිවාස අටකින් සමන්විත පුළුල් සේවා ජාලයක් පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට අයත් විශාලම ගිලන් රථ සේවා ජාලයටද හිමිකම් කියන රෝයල් නර්සින් හෝම් සමාගම මෙම සුවිශේෂ වර්ධනයත් සමඟ දකුණු ආසියාවේ විශාලම වැඩිහිටි සත්කාර සේවා ආයතනය බවට පත් වී ඇත.

හෙද සේවකයන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමඟ 2007දී සභාපති මනුජ හේවාවසම් මහතාගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද රෝයල් නර්සින් හෝම් (පෞද්ගලික) සමාගම දශක දෙකකට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකාවේ වැඩිහිටි හා රෝගී සත්කාර සේවා ක්ෂේත්‍රයට සුවිශේෂ දායකත්වයක් සපයා තිබේ. ISO 9001:2015 ජාත්‍යන්තර තත්ත්ව කළමනාකරණ සහතිකයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වැඩිහිටි සත්කාර සේවා ආයතනය වන එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලත් ආයතනයක්ද වේ. කොළඹ 07 ස්ථාපිත නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම ආයතනයේ වසර 19ක අඛණ්ඩ සේවා ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් මෙන්ම ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් වැඩිහිටි සත්කාර සේවා තව දුරටත් පුළුල් කිරීමේ නව පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව