Rotary ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් නව බලාපොරොත්තුවක් දල්වයි

Image 01-Rotary International District 3220 Conference Creates Hope for Sri Lanka (LBN)

ලොව පුරා රටවල් 200කට අධික සංඛාවක් තුළ මිලියන 1.2ක ආයතනික නායකයන්ගෙන් සමන්විත Rotary international සංවිධානය පුද්ගල ජීවන තත්ත්වය ඉහළ නංවමින් වඩාත් යහපත් ලොවක් නිර්මාණය කිරීම සඳහා සිය දායකත්වය සැපයීම වෙනුවෙන් සැමවිටම කැප වී සිටියි. ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව වෙනුවෙන්  නොමිලේ සහ සහනදායි ලෙස සෞඛ්‍ය සේවා වැඩි දියුණු කිරීම සඳහා පුළුල් සේවාවක් සපයන Rotary සංවිධානය විසින්  පෝලියෝ, HIV ඒඩ්ස් සහ මැලේරියාව වැනි මාරාන්තික රෝග පැතිරීම වැළක්වීම සඳහා ප්‍රජාව දැනුවත්භාවයෙන් සන්නද්ධ කිරීම වෙනුවෙන් ද වැඩසටහන් රැසක් දියත් කර තිබේ.එමෙන්ම මෙය ජාතීන් අතර සාමය සහ සුහදතාවය ප්‍රවර්ධනය කිරීමේ මෙහෙවර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථිර ආසනයක් හිමිකරගත් ලොව එකම සේවා සංවිධානය ද වේ.

 



 

Rotary ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 ශ්‍රී ලංකාව සහ මාලදිවයින යනු Rotarians 2,100කට අධික සංඛ්‍යාවක් සහ Rotaractors 8,000ක් මෙන්ම අන්තර් ක්‍රියාකාරීන් 7,000කින් සමන්විත දැවැන්ත ජාලයකි.1929 වසරේ ආරම්භ කරන ලද මෙම සංවිධානයේ මූලිකත්වයෙන් පෝලියෝ රෝගය ශ්‍රී ලංකාවෙන් සාර්ථකව තුරන් කිරීම, 2004 සුනාමි ව්‍යයසනයෙන්  පසු පාසල් 24ක සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු  සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සිදු කර ඇත.  එපමණක් නොව,  රිජ්වේ ආර්යා රෝහලේ මානව හෘද කපාට බැංකුව ප්‍රතිපාදනය කිරීම, මහනුවර ප්‍රදේශයේ පිහිටි ආබාධිතයන් සඳහා වූ මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම, වියළි කලාපය වෙත Reverse Osmosis (RO) පැල බෙදාදීම සහ නාරාහේන්පිට පිළිකා පූර්ව හඳුනාගැනීමේ මධ්‍යස්ථානය වෙත ඩිජිටල් මැමෝග්‍රැෆි උපකරණ  (digital mammography system) පිරිනැමීම  වැනි සුවිශේෂී සේවාවන් රැසක් වෙනුවෙන් ද ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබාදී ඇත.

Rotary සංවිධානයේ ප්‍රධානතම අවස්ථාවක් වන 2024 වසරේ Rotary ජාත්‍යන්තර දිස්ත්‍රික් 3220 සම්මන්ත්‍රණය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම විදෙස් රටවල සිටින Rotarians සාමාජිකයන් 400කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම සමුළුවේ සමාරම්භක උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ , අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සහ තමිල්නාඩු ප්‍රාන්තයේ

රජයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය , ප්‍රධාන කථානායක ගරු ආචාර්ය පලනිවේල් ත්‍යාග රාජන් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අතර Rotary ජාත්‍යන්තර සභාපතිගේ නියෝජිත පර් හොයන් (Per Hoyen) මහතා  ද අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිත ය.

මෙම සමාරම්භක උත්සවයෙන් අනතුරුව අප්‍රේල් 27 වැනි දින Monarch Imperial හිදී  තාක්ෂණික සමුළුවක් ද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එහිදී Rotary හි කේන්ද්‍රීය ක්ෂේත්‍ර වන කාන්තාවන් සවිබල ගැන්වීම, ප්‍රජා සහ ආර්ථික සංවර්ධනය, සාමය ගොඩනැගීම සහ ගැටුම් වැළැක්වීම මෙන්ම පරිසර සුරක්ෂිතතාවය  වැනි ප්‍රධාන තේමාවන් පිළිබඳව  සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි. මෙහි දේශන පවත්වන කථිකයන්ගේ නාමාවලිය සඳහා මණ්ඩල සාමාජිකයන් සහ උප පරිපාලකවරුන් රැසක් ඇතුළත් වේ. එක්සත් ජාතීන්ගේ හිටපු ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ විශේෂ නියෝජිත  රාධිකා කුමාරස්වාමි මහත්මිය,  ශ්‍රී ලංකා ජාතික සාම කවුන්සිලයේ විධායක අධ්‍යක්ෂක ජෙහාන් පෙරේරා මහතා, ජාත්‍යන්තර කාන්තා  පදනමේ සභාපති සෙරෝෂි ඩී නන්දසිරි මහත්මිය, Kaleidoscope හි සම-නිෂ්පාදක සාවිත්‍රි රුද්‍රිගු මෙනවිය , නීතිය සහ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නිලන්ත නිරූදන් මහතා, ‘දහම් පහන’  හි නිර්මාතෘ චාල්ස් තෝමත් පියතුමා, Rotary international  දිස්ත්‍රික් 3300 මැලේසියාවේ හිටපු දිස්ත්‍රික් ආණ්ඩුකාර ඩේටෝ බින්දි රාජසේකරන් මහත්මිය, Rotary international දිස්ත්‍රික් 1470 ඩෙන්මාර්කයේ හිටපු දිස්ත්‍රික් ප්‍රධානි හෙල්ජ් ඇන්ඩර්සන් මහතා, JB Securities Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ර්ටාසා ජැෆර්ජි මහතා, කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ සීමාසහිත කාගිල්ස් බැංකුවේ නියෝජ්‍ය සභාපති අශෝක පීරිස් මහතා ඇතුළු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

“පසුගිය වසර 95ක දිගු කාල පරිච්ඡේදය පුරා Rotary  සංවිධානය විසින්  සිදුකළ ප්‍රජා සත්කාරයන් සහ  ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය පිළිබඳ අපේක්ෂාවන් දල්වා ගැනීම වෙනුවෙන්  සංවිධානයක් ලෙස අපි සිදුකළ මෙහෙවර  සැමරීමට සියලුම Rotary සාමාජිකයන්ට මෙම සමුළුව සුවිශේෂී  අවස්ථාවක්” යනුවෙන් මෙම සමුළුව පිළිබඳ අදහස් දක්වමින්  2023/2024 දිස්ත්‍රික් ආණ්ඩුකාර ජෙරොම් රාජේන්ද්‍රම් මහතා මෙසේ ප්‍රකාශ කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව