අමානා බැංකුව කොළඹ විශ්ව විද්‍යාලය සමග එක්ව ලෝක ජල දිනය සමරයි

Water Day UOC

ලෝක ජල දිනය නිමිත්තෙන් ජලය සුරැකීමේ වැදගත්කම සහ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා අමානා බැංකුව විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පරිසර කමිටුව සමග අත්වැල් බැඳගැනීම පසුගියදා සිදු විය. ඒ අනුව ලෝක ජල දිනයේ මෙවර තේමාව වූ ‘සාමය සඳහා ජලය’ යන්නට සමගාමීව විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පෝස්ටර් තරගයක් පවත්වන ලද අතර, නවක පර්යේෂකයන්ට තම නව සොයාගැනීම් පිළිබඳ ඉදිරිපත් කිරීමටත්, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටත් අවස්ථාව සලසා දෙන ලදි. මෙම අවස්ථාවට කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලසන්ත මානවඩු මහතාද සහභා වූ අතර, එහිදී ඒ මහතා විසින් ජලයේ වැදගත්කම හඳුනන සමාජයක් නිර්මාණය කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අගනා දේශනයක්ද පවත්වන ලදි.

 



 

මෙම වැඩසටහන සම්බන්ධයෙන් අමානා බැංකුවේ උප සභාපති (ක්‍රමෝපාය කළමනාකරණය හා තිරසාරත්වය) ෆස්ලි මරික්කාර් මහතා මෙසේ තම අදහස් දැක්වී ය. “පාරිසරික තිරසාරත්වය ප්‍රවර්ධනය කරන මෙවැනි වැඩසටහන්වලට සහය දැක්වීමට අමානා බැංකුව සෑම විටම සූදානමින් පසුවෙනවා. මෙවැනි අර්ථවත් ප්‍රයත්නයන් තුළින් අප උත්සාහ කරන්නේ, අපගේ මානුෂ හිතවාදී බැංකුකරණ ප්‍රවේශයට සමගමීව සමාජය තුළ යහපත් වෙනසක් ඇතිකරවීමටයි. සහයෝගීත්වය තුළින් අභියෝග ජයගන්නා අතරම, රටේ අනාගත පරපුර අතර තිරසාර ආකල්ප ප්‍රවර්ධනය කරවීම අපගේ අරමුණ වී තිබෙනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත. අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව