Prime Lands Residencies PLC ‘The Colombo Border’ ව්‍යාපෘතියේ අවසන් අදියර ලෙස ‘Tower Amari’ එළිදකී

Prime Logo

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන Prime Lands Residencies PLC හි ‘Tower Amari’ පසුගියදා එළිදක්වන ලදී. මෙය Prime Lands Residencies සමාගමේ ව්‍යාපෘතීන් අතර සුවිශේෂී සන්ධිස්ථානයක් වන ‘The Colombo Border’ සංවර්ධන ව්‍යාපෘතියේ තුන්වැනි මෙන්ම අවසාන අදියරේ සමාරම්භය සනිටුහන් කරයි. මෙය මෙරට සුඛෝපභෝගී නාගරික ජීවන රටාවේ පරිවර්තනයක් සිදුකිරීමේ අරමුණින් Prime Lands Residencies සමාගම විසින් ක්‍රියාවට නංවන ලද සුවිශේෂී ව්‍යාපෘතියක කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි වේ.

 



 
ව්‍යාපෘතියේ මුල් අදියරවල සමාරම්භයෙන් සහ ඉදිකිරීම්වල අඛණ්ඩ ප්‍රගතියෙන් අනතුරුව මෙලෙස Tower Amari ව්‍යාපෘතියේ ආරම්භය නිවේදනය කරන ලදි. Tower Amari හි මූලික ඉදිකිරීමේ කටයුතු දැනටමත් අවසන් වී ඇති අතර, ව්‍යාපෘතියෙහි පළමු අදියර වූ Brielle කුලුනේ සහ දෙවැනි අදියර වූ Cosmos කුලුනේ ඉදිකිරීම් සේම Amari කුලුනේ ඉදිකිරීම් කටයුතුද කඩිනමින් සිදු වනු ඇත. මුල් කුලුනු දෙකෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සැලසුම් කරන ලද ආකාරයටම සිදුවෙමින් පවතී.

මෙම ව්‍යාපෘතියට නිදන කාමර 2 හා 3 බැගින් වන සුඛෝපභෝගී නිවාස ඇතුළත් වන අතර, රු. මිලියන 35 සිට ඉහළට එම නිවාස මිලදීගත හැකි වේ. ගැනුම්කරුවන්ට අවශ්‍ය නම් Prime Lands Residencies සමාගම හඳුන්වා දී ඇති පෙරළිකාරී Prime MAX පහසු ගෙවීමේ ක්‍රමය මේ සඳහා භාවිතා කළ හැක. මෙම ක්‍රමය යටතේ ගැනුම්කරුවන්ට මසකට රු. 175,000 ක් පමණක් ගෙවා තම සිහින නිවස තමන් සතු කර ගැනීමට හැකියාව ලැබේ. මෙය අන් කවරදාටත් වඩා පහසුවෙන් සුඛෝපභෝගී ජීවන රටාවකට හිමිකම් කීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි.

සුඛෝපභෝගී බව හා තිරසාරත්වය එක්තැන් කරන සුවිශේෂී ජීවන අවකාශයන් නිර්මාණය කිරීම සඳහා Prime Lands Residencies දක්වන උනන්දුව Tower Amari මගින් මැනැවින් පිළිබිඹු වේ. විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ සමගින් පරිසර හිතකාමීත්වය එක්තැන් කරන සංකල්පයක සමඟ ශ්‍රී ලංකාවේ නිවාස සම්ප්‍රදායේ නව සන්ධිස්ථානයක් නිර්මාණය කිරීමට, මෙම ව්‍යාපෘතිය නිසැකවම සමත් වනු ඇත.

The Colombo Border ව්‍යාපෘතිය පිහිටා ඇත්තේ කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, කොළඹ වරාය නගරය සහ නෙලුම් කුලුන ඇතුළු ස්ථාන රැසක් වෙත ඉක්මනින් හා පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකය. එය මේ වන විට කොළඹ නගරයේ වැඩිම ඉල්ලුමක් සහිත නිවාස ව්‍යාපෘතියක් බවට පත් වී ඇත. අක්කර 6.5 ක භූමි ප්‍රමාණයක ඉදි වන මෙම ව්‍යාපෘතියේදී තිරසාරත්වයට මුල් තැනක් හිමි වී තිබේ. මෙම භූමි ප්‍රමාණයෙන් ඉදිකිරීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 25% ක් පමණි. ඉතිරි 75% ම උද්‍යාන, ඇවිදීමේ මංතීරු, අවන්හල්, රැස්වීම් ශාලා, උත්සව ශාලා සහ පිහිනුම් තටාක ඇතුළු පහසුකම් හා විවෘත අවකාශයන් සඳහා වෙන් කර තිබේ.

‘The Colombo Border’ ව්‍යාපෘතිය සඳහා භාවිතා වන, පාරිසරික වශයෙන් සවිඥානික සැලසුම්කරණය සම්බන්ධ ඒකාබද්ධ ප්‍රවේශය Tower Amari සම්බන්ධයෙන්ද එලෙසින්ම ක්‍රියාත්මක වනු ඇත. මෙහි පොදු ස්ථානවල සහ රථගාල්වල සූර්ය බලශක්තියෙන් දැල්වෙන විදුලි පහන් භාවිතා වනු අතර, අපවහන ජලය කළමනාකරණ පද්ධති සහ වැසි ජලය එක්රැස් කිරීමේ පහසුකම් ඇතුළු පරිසර හිතකාමී විසඳුම් රැසක්ද ඊට ඇතුළත් වේ.

Tower Amari සැලසුම තුළ ස්වාභාවික වාතාශ්‍රයට ප්‍රමුඛත්වය හිමි වන නිසා එහි බොහෝ ස්ථානවලට යාන්ත්‍රිකව වාතාශ්‍රය සැපයීම අවශ්‍ය නොවේ. එමෙන්ම විදුලි වාහන භාවිතය ඉහළ යමින් පවතින පසුබිමක් තුළ අනාගත අවශ්‍යතා පිළිබඳව දූරදර්ශී ලෙස අවධානය යොමුකරමින්, Tower Amari පරිශ්‍රයේ විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකම් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත.

The Colombo Border ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් වීමට නියමිත කාලසීමාවන් මේ වන විට තහවුරු කර තිබේ. එහි Tower Brielle සහ Tower Cosmos යන කුලුනුවල ඉදිකිරීම් 2027 වසර වන විට අවසන් වනු ඇති අතර, Tower Amari හි ඉදිකිරීම් 2028 වසර වන විට අවසන් වීමට නියමිතය.

The Colombo Border ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනටමත් දෙස් විදෙස් ආයෝජකයන් වෙතින් විශාල උනන්දුවක් පළ වී ඇති අතර, ව්‍යාපෘතියේ මූලික අදියරවල කැපීපෙනෙන අලෙවියක් මේ වන විට වාර්තා වී ඇත. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ප්‍රයිම් සමූහ ව්‍යපාරයේ විශ්වාසය හා විශිෂ්ටත්වය පිළිබඳ තිස් වසරක උරුමය මැනැවින් පිළිබිඹු කරයි. Prime සමූහය මේ වන විට ව්‍යාපෘති 42 ක් සාර්ථක ලෙස අවසන් කරමින් දේශීය හා විදේශීය වශයෙන් ගෞරවණීය ඇගයුම් රාශියක් හිමිකර ගැනීමට සමත් වී තිබේ.

Tower Amari සහ The Colombo Border පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා www.primeresidencies වෙත පිවිසෙන්න. නැතිනම් 0710777333 අමතන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව