
‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුනම හිමි කරගනී.
ප්‍රයිම් සමූහය පසුගියදා LMD වෙතින් ‘Best of the Best Brand in the Real Estate Industry’, ‘Most Loved Corporate Brand’ සහ ‘Most Loved Service Brand’ යන ඇගයීම් තුන හිමි කර ගැනීමට සමත් විය. මෙම ත්‍රිත්ව ඇගයුම ශ්‍රී ලංකාවේ නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා ලෙස ප්‍රයිම් සමූහය සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. වසර 30 කට අධික අඛණ්ඩ උරුමයක් සමඟින් Prime සමූහය පාරිභෝගික විශ්වාසය, නවෝත්පාදනය සහ වෙළඳපොළ නායකත්වය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයට ආදර්ශ රැසක් ලබාදීමට සමත් වී තිබේ. මේ සියල්ල ගොඩනැංවී ඇත්තේ පාරිභෝගිකයන් Prime සන්නාමය කෙරෙහි තබා ඇති නොබිඳෙන විශ්වාසය තුළිනි.
Prime සමූහය දශක 3 ක් තිස්සේ මෙරට නාගරික සංවර්ධනයට සහ ආර්ථික වර්ධනයට කැපීපෙනෙන ලෙස දායක වී තිබේ. මෙම කාලසීමාව තුළ එම සමූහය නේවාසික, වාණිජ සහ ජීවන රටා යන කාණ්ඩ යටතේ නිවාස සහ සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘති 70 කට අධික සංඛ්‍යාවක් සහ ඉඩම් සංවර්ධන ව්‍යාපෘති 10,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවමින්, රටේ නිවාස අවකාශයන් පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී ඇත.
පාරිභෝගික ළැදියාව යනු Prime සමූහයේ සාර්ථකත්වයට බලපා ඇති ප්‍රධානතම සාධකයකි. එමෙන්ම කිසි විටකත් වෙනස් නොවන විනිවිදභාවය සහ විශ්වාසනීයත්වය හේතුවෙන් තරගකරුවන් අතර කැපීපෙනීමට එම සමූහය සමත් වී ඇත. මේ නිසාම පාරිභෝගිකයන් විශාල පිරිසක් නැවත නැවත Prime සමූහයේ දේපළ මිලදී ගැනීමටත්, අන් අයට Prime සමූහය නිර්දේශ කිරීමටත් පෙළඹී සිටිති. රටේ ආර්ථික අවිනිශ්චිතතා පැවති කාලවලදී පවා සමූහය තම ව්‍යාපාර කටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යාමට සමත් වී ඇති අතර, රටේ ජනතාව සහ ආයෝජකයින් සමාගම කෙරෙහි තබා ඇති විශ්වාසය එමඟින් මැනැවින් පිළිබිඹු වේ.
“LMD වෙතින් කාණ්ඩ තුනක් යටතේ මෙබඳු පිළිගැනීම් හිමි වීමේ ගෞරවය මුළුමනින්ම අපගේ පාරිභෝගිකයන් වෙත හිමි විය යුතුයි. වසර 30 කට අධික කාලයක් තිස්සේ ඔවුන් තම ජීවිතයේ වැදගත්ම තීරණවලදී අප කෙරෙහි විශ්වාසය තැබුවා. මෙම ඇගයුම් මඟින් පිළිබිඹු වන්නේ අප එම විශ්වාසය නොසැලෙන ලෙස ආරක්ෂා කර ඇති බවයි. එම විශ්වාසය ඉදිරියටත් සුරකිමින්, සෑම ප්‍රතිඥාවක්ම ඉටු කරමින්, නිවැරදි තාක්ෂණයන් භාවිතා කරමින්, Prime නාමය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව වෙළඳපොළවල් වෙත රැගෙන යාම අපගේ අරමුණයි.” Prime සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසීය.
එමෙන්ම Prime සමූහය මේ වන විට පුළුල් ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීමටද යොමු වී ඇත. Prime Edge ජංගම යෙදුම, AI තාක්ෂණය භාවිතයෙන් හඳුන්වා දී ඇති සේවාවන් සහ නවීන ගෙවීම් ක්‍රම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මේ නිසා පාරිභෝගිකයන්ට මුලින්ම Prime දේපළ පිළිබඳව විමසන අවස්ථාවේ සිට අලෙවියෙන් පසු ක්‍රියාවලිය දක්වා විශිෂ්ටතම සේවාවක් ලබාදීමට Prime සමූහයට හැකි වී තිබේ.
මීට අමතරව Prime සහ Melwa එක්ව කොළඹ වරාය නගරයේ ක්‍රියාවට නංවන Prime Marina ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ගැනුම්කරුවන් අතර විශාල උනන්දුවක් ඇති වී තිබේ. ඉදිකිරීම් ආරම්භ වීමටත් පෙර ඉන් නිවාස 400 කට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආරම්භ කළ විශේෂ අලෙවි මධ්‍යස්ථානය තුළදී ඕනෑම කෙනෙකුට ව්‍යාපෘතියේ දැවැන්ත බව සහ සුවිශේෂී බව මැනැවින් දැකගත හැකි අතර, ඒ නිසාම දැනටමත් මෙය ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් වැඩිම උනන්දුවක් දක්වන ව්‍යාපෘති අතරින් එකක් බවට පත් වී තිබේ. සාගරයට මුහුණලා පිහිටා ඇති, ජාත්‍යන්තර තලයේ සැලසුම්කරුවන් සමඟ එක් වී ඉදිකරනු ලබන මෙය, ආයෝජකයන් තුළ ඒ සම්බන්ධයෙන් පවතින විශ්වාසයට මෙන්ම ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ගෙනයාම සඳහා Prime සමූහය දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි.
මෙතෙක් මුහුණ දීමට සිදු වූ සියලුම වෙළඳපොළ අභියෝග හමුවේ නොසැලී හිඳිමින්, ක්‍රමෝපායික ව්‍යාප්තිය ඔස්සේ ආයෝජන සඳහා දීර්ඝකාලීන ආරක්ෂාව සහ තිරසාර වර්ධනය සහතික කිරීමට Prime සමූහයට හැකියාව ලැබී තිබේ. සිය පාර්ශ්වකරුවන් සමඟ ශක්තිමත් සම්බන්ධතා පවත්වාගෙන යන සහ, ගැනුම්කරුවන්ට හැකි උපරිම මට්ටමින් ප්‍රතිලාභ පිරිනැමීමට කැප වී සිටින සන්නාමයක් වශයෙන් Prime ගැනුම්කරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා සිටී එමෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විදේශ ආයෝජන ඉලක්ක කරගනිමින් Prime සමූහය ශක්තිමත් ගෝලීය සන්නාමයක් ගොඩනංවමින් සිටී.
මෙම ත්‍රිත්ව ජයග්‍රහණය මඟින් ප්‍රධාන වශයෙන් නිරූපණය වන්නේ Prime සමූහයේ සාර්ථකත්වයේ මූලික පදනම වී ඇත්තේ පාරිභෝගික විශ්වාසය බවයි. ඒ වෙනුවෙන් සමූහය සිය ගනුදෙනුකරුවන්ට තම කෘතඥතාව පළකර සිටී.


