Plexus Global ජාත්‍යන්තර Aruba නිෂ්පාදන සමඟ එක් වෙමින් EdgeConnect SD-WAN විසඳුම් සඳහා ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ එකම බෙදාහරින්නා ලෙස පත් වෙයි

Image 01

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම IT සහ Mobility Distribution සමාගමක් වන Plexus Global මෑතකදී Aruba මෘදුකාංගයේ පළමු බෙදාහරින්නා ලෙස ආරක්ෂිත, බුද්ධිමත් edge-to-cloud networking විසඳුම්වල ගෝලීය ප‍්‍රමුඛයා වන Hewlett Packard Enterprise සමාගම Aruba සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින් ශ‍්‍රී ලංකාව සහ මාලදිවයිනේ සිය සේවා ජාලය පුළුල් ^SD-WAN& කිරීම සඳහා ආරක්ෂිත නිෂ්පාදන සහ විසඳුම් සපයනු ඇත” Aruba Plexus Global” HPE වෙනුවෙන් සම්පූර්ණ විසඳුම් සඳහා අගය එකතු කරන ලද බෙදාහරින්නා ලෙස කර්මාන්තයේ ප‍්‍රමුඛතම Aruba EdgeConnect SD-WAN edge විසඳුම් උපදේශන සහ ක‍්‍රියාත්මක කිරීමේ සහාය සේවාවන් සමඟ ව්‍යවසායන් සවිබල ගැන්වීමට දැන් සූදානම් වේ.

Aruba පසුගිය වසර 16 තුළ ව්‍යවසාය ජාලකරණයේ රුහැන් සහිත සහ රැහැන් රහිත ප‍්‍රවේශ යටිතල පහසුකම්වල ප‍්‍රමුඛයා වී ඇත. කෘතිම බුද්ධිය, ස්වයංක‍්‍රීයකරණය, ක්‍කදමා සඳහා වන යටිතලපහසුකම් සහ ආරක්ෂාව වැනි සංකල්ප සමඟ පෙළගැසී ඇති එහි නව්‍ය නිෂ්පාදන සහ තාක්ෂණයන් සමඟින් Aruba Networks යටිතල ව්‍යුහය සරල කරන අතර ලොව පුරා ව්‍යාපාරවලට නව වේගවත් බවක් ගෙන එයි. Aruba ජාත්‍යන්තර මට්ටමේ WAN Edge ටිතල පහසුකම් පිරිනමන අතර එමඟින් ව්‍යවසායයන්ට වඩාත් සුමට, වඩා සාර්ථක WAN පරිවර්තන ගමනක් භුක්ති විඳීමට හැකි වේ. වඩා හොඳ ආර්ථික කළමනාකරණය, පාලනය, විශ්වසනීයත්වය සහ කාර්ය සාධනය ලබා දීමෙන් Cloud ආයෝජනවලින් ඉහළම ප‍්‍රතිලාභ ලබා ගැනීමට ව්‍යවසායන්ට උදවු කරයි.

”ආරක්ෂිත සහ බුද්ධිමත් Edge-to-Cloud ජාල විසඳුම්වල ගෝලීය ප‍්‍රමුඛයෙකු ලෙස Aruba හි ඉදිරි චින්තන විසඳුම් අපගේ පරිශීලකයින්ට බාධාවකින් තොරව සහ ආරක්ෂිත ජාල අත්දැකීමක් ලබා දෙනවා. නව්‍යකරණයට මෙන්ම ඔවුන්ගේ කාර්ය සාධනය ඉහළ නැංවීමට ඔවුන් සවිබල ගන්වනවා. විශ්වාසදායක, කීර්තිමත් සමාගමක් සමඟ හවුල් වීමෙන් Plexus Global වැනි ප‍්‍රාදේශීය බෙදාහරින්නන් වන අපට ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින පුරා ව්‍යවසායකයින්ට නව අවස්ථා සඳහා වන ඔවුන්ගේ ජාලකරණ අභියෝගවලට මුහුණ දීමෙන් ඵලදායී ලෙස සහාය වීමට හැකි වෙනවා.” යනුවෙන් Aruba, Hewlett Packard Enterprise අධ්‍යක්ෂ සහ සාමාන්‍යාධිකාරී Growth and Emerging Markets ^GEMs&  Magic Hsu මහතා පැවසුවේය.

නව හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් Plexus Global හි ජාල උපදේශක සුමුදු පෙරේරා මහතා සඳහන් කළේ: ”ශීඝ‍්‍රයෙන් වර්ධනය වන ගෝලීය ව්‍යාපාරික පරිසරයත් සමඟ ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායන් නව ව්‍යාපාර වෙනස්කම් සමඟ පෙළ ගැසීමට සහ පැවැත්ම සඳහා ඩිජිටල් ක‍්‍රියාවලීන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි. ව්‍යවසායක ඩිජිටල් පරිවර්තනයේ ගමනේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා WAN ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.”

” මේ සඳහා ව්‍යවසාය WAN විසඳුම අනුවර්තන සහ ආරක්ෂිත විය යුතු අතර ස්වයං-ඉගෙන ගන්නා සහ ස්වයංක‍්‍රීයව ජාලයේ තත්ත්වයට ස්වයංක‍්‍රීයව හැඩගැසෙන අතරම සමස්ත ව්‍යවසාය හරහා ගමනාගමන ප‍්‍රවාහයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දිය යුතුය. Aruba විසින් පිරිනමනු ලබන SD-WAN විසඳුම් සපයන්නේ මෙයයි.” යනුවෙනි.

Plexus Global හි නිෂ්පාදන කළමනාකරු රිෂානාන්ත් තම්බයියා මහතා ප‍්‍රකාශ කළේ, , Aruba වෙතින් හොඳම SD-WAN විසඳුම් ශ‍්‍රී ලංකාවේ වර්ධනය වන සහ විකාශනය වන මෙහෙයුම් හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන බැවින් මෙම හවුල්කාරිත්වයේ කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන අපි අතිශයින් සතුටට පත්වෙනවා. ඩිජිටල් පරිවර්තනයේ නව ගෝලීය විප්ලවයක් මගින් මෙහෙයවනු ලබන ව්‍යාපාරික ක්ෂේත‍්‍රය, ඔවුන්ගේ ව්‍යාපාර ඉලක්ක විස්තාරණය කිරීම සඳහා හොඳම තත්වයේ තාක්ෂණික විසඳුම් පමණක් ලබා දීමට වෙළඳපල නායකයින් විසින් භාර දී ඇති ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක් ගොඩනැගීමට අපි පසුගිය වසර කිහිපය තුළ වෙහෙස මහන්සි වී වැඩ කළා. මෙම නව හවුල්කාරිත්වය කලාපය තුළ අපගේ ස්ථාවර කීර්තියට තවදුරටත් සාක්ෂියකි.” ලෙසයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව