
SLT‑MOBITEL නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා සංචාරය සඳහා ලෝකඩ කාණ්ඩය යටතේ සන්නිවේදන සහකරු ලෙස කටයුතු කරයි
නවසීලන්ත කිලෝග්‍රෑම් 85 න් පහළ රග්බි කණ්ඩායමේ 2026 ශ්‍රී ලංකා සංචාරය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තරගාවලියේ පළමු තරගය 2026 අප්‍රේල් 25 දින කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණු අතර, දෙවන සහ අවසාන තරගය 2026 මැයි 03 දින මහනුවර නිත්තවෙල රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
කවදත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ට අත්වැලක් වෙමින් ජාත්‍යන්තරය තුළ මෙරටට හිමි කීර්තිනාමය ඉහළ නැංවීම සඳහා කැප වී සිටින ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT‑MOBITEL, මෙම සංචාරයේ ලෝකඩ කාණ්ඩය යටතේ සන්නිවේදන සහකරු ලෙස කටයුතු කළේය. එය ජාතික රග්බි කණ්ඩායමට අත්වැලක් වෙමින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා දරන ලද සුවිශේෂී ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකි වේ.
රටේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ තරගාවලියක් වූ මෙම තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ඇදී ආහ. මෙය ශ්‍රී ලංකාව තුළ රග්බි ක්‍රීඩාව ජනප්‍රිය වෙමින් පවතින බවට පැහැදිලි සාක්ෂියකි.
තරගාවලියේ පළමු තරගය 27 – 16 ක් ලෙස සහ දෙවැනි තරගය 25 – 10 ක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූ නමුත් විශිෂ්ට තරගයක් ලබාදෙමින් ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් SLT‑MOBITEL කණ්ඩායම් දෙකටම සිය සුභාශිංසන පිරිනමයි.
SLT-MOBITEL විසින් ශ්‍රී ලංකාවේ ඉහළම පිළිගැනීමක් සහිත IPTV සේවාව වන PEOTV හරහා මෙම තරග සජීවීව විකාශය කරන ලදී. HD දර්ශන ප්‍රමිතියෙන් යුතුව PEO SPORTS 1 (HD – CH.323 | SD – CH.150) හරහා මෙම තරග විකාශය කරන ලද අතර, එම නිසා රට පුරා වෙසෙන ප්‍රේක්ෂකයන්ට PEOTV සහ PEO MOBILE App හරහා මෙම තරග සජීවීව නැරඹීමට අවස්ථාව හිමි විය.
පොදු අරමුණක් ඔස්සේ දේශාභිමානී හැඟීම්වලින් යුතුව ජනතාව එකමුතු කිරීමේ හැකියාව ක්‍රීඩාව සතුය. එම හැඟීම් කුළුගන්වමින් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට තම ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායම් වෙනුවෙන් ඔල්වරසන් නැගීමට අවස්ථාව උදාකර දීම සඳහා SLT‑MOBITEL දීර්ඝ කාලයක පටන් ප්‍රධාන පෙළේ ක්‍රීඩා ඉසව් රැසකට අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබේ. මෙම රග්බි තරගාවලියට මෙලෙස සහය දැක්වීම, ශ්‍රී ලංකාව ලෝකය සමඟ යා කරමින් රටේ දක්ෂතාවන් ජාත්‍යන්තර තලයට රැගෙන යාමේ ජාතික වගකීම ඉටුකරන්නෙකු වශයෙන් තම භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා SLT‑MOBITEL ගත් තවත් සුවිශේෂී පියවරක් ලෙස හැඳින්විය හැකි වේ.
මෙවැනි ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට අනුග්‍රහය දැක්වීමට සහ එය සජීවීව විකාශය කිරීමට හැකි වීම SLT-MOBITEL සමාගම සලකනුයේ තමන් ලද ගෞරවයක් ලෙසිනි. මේ ආකාරයට නවෝත්පාදනය සහ නවීන සම්බන්ධතා පහසුකම් ඔස්සේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට විශිෂ්ටතම ක්‍රීඩා රසාස්වාදයක් තිළිණ කිරීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි.
එමෙන්ම SLT‑MOBITEL විසින් මෙම තරගාවලිය සඳහා ලබාදෙන ලද දායකත්වය හේතුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට මෙවැනි ඉහළ තලයේ තරගාවලියකදී අවශ්‍ය වන පිටුබලය නො අඩුව හිමි විය. ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම ඉදිරියේදී ආසියානු මට්ටමේ තරගාවලි කිහිපයකට සහභාගී වීමට සූදානමින් සිටින අතර, මෙම තරගාවලිය තුළින් ලද පුහුණුව හා අත්දැකීම් ඔවුන්ට එම තරගවලදී සුවිශාල පිටිවහලක් වනු ඇත. මෙය නවීන තාක්ෂණය සහ ක්‍රීඩා විශිෂ්ටත්වය ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලය වෙත රැගෙන යාම සම්බන්ධයෙන් SLT‑MOBITEL සතු දැක්ම යථාර්ථයක් බවට පත් වූ තවත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.
ශ්‍රී ලංකාවට තම ක්‍රීඩා ඉලක්ක හා අරමුණු ජයගැනීමට අත්වැලක් වීම සඳහා කැප වී සිටින හවුල්කරුවෙකු වශයෙන් SLT‑MOBITEL ඉදිරියටත් මේ ආකාරයට ප්‍රජාවන් එකමුතු කරමින් රටේ ක්‍රීඩාවන් නඟාසිටුවන තරගාවලි සහ වැඩසටහන් සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට සූදානමින් සිටී.


