
ශ්‍රී ලංකාවේ ප්‍රෝටීන් අවශ්‍යතාවය පිළිබඳ උනන්දුවක් දක්වන සහ ක්ෂණික ආහාර සංස්කෘතිය දිනෙන් දින ඉහළ යාම නිසා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අනුව රටේ වාර්ෂික කුකුළු මස් පරිභෝජනය මේ වන විට මෙට්‍රික් ටොන් 258,000ක් දක්වා වර්ධනය වී තිබේ. මෙම සුවිසල් පරිභෝජනය පිටුපස බොහෝ පාරිභෝගිකයන් නොදකින පැතිකඩක් තිබේ. ඒ, බොහෝ සත්ත්ව ගොවිපළවල සිටින සතුන් හට වැළඳෙන රෝග සුව කිරීමට යොදා ගන්නා ප්‍රතිජීවක ඖෂධ සතුන්ගේ ඉක්මන් වර්ධනයටත් ගොවිපළවල පවතින දුර්වල ආරක්ෂණ තත්ත්වයන් වසා ගැනීමටත් ව්‍යසනකාරී ලෙස භාවිත කිරීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රතිජීවකවලින් තොර කුකුළු මස් නිෂ්පාදනය කරන එකම සමාගම වන නිව් ඇන්තනීස් ෆාම්ස් මෙම ක්‍රමවේදයට එරෙහිව වසර ගණනාවක සිට සිදු කරන ලද විද්‍යාත්මක සොයාගැනීම් ඔවුන්ගේ එම ස්ථාවරය තවදුරටත් තහවුරු කරයි.
ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවය හෙවත් AMR (Antimicrobial Resistance) යනු බැක්ටීරියා, වෛරස්, දිලීර සහ පරපෝෂිතයන් විනාශ කිරීම සඳහා නිපදවා ඇති ඖෂධවලට අනුගත වෙමින්, ඒවායින් ආරක්ෂා වීමට ක්ෂුද්‍රජීවීන් සතු හැකියාව වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවය ගෝලීය මහජන සෞඛ්‍යයට එල්ල වී ඇති බරපතලම තර්ජනයක් ලෙස හඳුන්වා දී ඇත. 2019 වසරේදී පමණක් සෘජුවම ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධී බැක්ටීරියා ආසාදන හේතුවෙන් මරණ මිලියන 1.27ක සංඛ්‍යාවක් සිදුව ඇත. ඒ අනුව සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව මිලියන 4.95ක් ලෙස සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ, මේ සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් නොගතහොත් 2050 වන විට ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවය හේතුවෙන් වසරකට සිදුවන මරණ සංඛ්‍යාව මිලියන 10ක් දක්වා ඉහළ යා හැකි බවයි. එය පිළිකා රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව ද අභිබවා යාමක් ලෙස සැලකේ.
මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වන්නේ සත්ත්ව පාලන කර්මාන්තයයි. සතුන්ට ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ආහාර දාමය ඔස්සේ පරිසරයට මුදාහැරීම නිසා, සතුන්ට මෙන්ම මිනිසුන්ට වැළඳෙන බැක්ටීරියා ආසාදන පවා ඖෂධවලට මර්දනය කළ නොහැකි තත්ත්වයට වේගයෙන් වෙනස් වී තිබේ. විශේෂයෙන්ම කුකුළු මස් කර්මාන්තය තුළ මෙම අහිතකර රටාව පැහැදිලිව දැකගත හැකිය. එහිදී, අඩු පිරිවැයකින් ඉක්මන් නිෂ්පාදනයක් බලාපොරොත්තු වන ගොවිපළවල, ප්‍රතිජීවක ඖෂධ භාවිත කරනුයේ රෝගයකට දෙන අවසන් විසඳුමක් ලෙස නොව, තමන්ගේ පාලන හා ආරක්ෂණ දුර්වලතා වසාගැනීමේ පහසු කෙටිමඟක් ලෙසයි.
ශ්‍රී ලංකාවේ දත්තවලින් හෙළි වන බරපතළ සෞඛ්‍ය අවදානම
දේශීය පර්යේෂණ මඟින් ද මෙම තත්ත්වයේ බරපතළකම තහවුරු කර ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාණිජ කුකුළු ගොවිපළවල් ආශ්‍රිතව සිදු කරන ලද ‘ශ්‍රී ලංකා පශු වෛද්‍ය සඟරාවේ’ (Sri Lanka Veterinary Journal) පළ වූ අධ්‍යයනයකට අනුව, ගොවිපළවලින් 99%ක්ම අවම වශයෙන් එක් ක්ෂුද්‍රජීවී නාශක ඖෂධයක් හෝ භාවිත කරන බව හෙළි වී තිබේ. ඒ අතරින් බහුලව භාවිතා වන ඖෂධ කිහිපයක් ලෙස සඳහන් වන්නේ, එන්රොෆ්ලොක්සැසින් (enrofloxacin), ඇමොක්සිසිලින් (amoxicillin) සහ ටෙට්‍රාසයික්ලින් (tetracycline) යන ඖෂධ කිහිපයයි.
එමෙන්ම සතුන්ගේ මලපහ සාම්පල (faecal samples) පරීක්ෂා කිරීමෙන් ලබාගත් ප්‍රතිරෝධීතා දත්තවලට අනුව, ටෙට්‍රාසයික්ලින් සඳහා 81.8% ක ඉහළ ප්‍රතිරෝධීතාවයක් ද, සිප්‍රොෆ්ලොක්සැසින් (ciprofloxacin) ඇතුළු ෆ්ලෝරෝක්විනොලෝන් සඳහා 31.8% ක ප්‍රතිරෝධීතාවයක් ද පෙන්නුම් කර ඇත. මේවා සාමාන්‍ය ඖෂධ නොවේ. සිප්‍රොෆ්ලොක්සැසින් යනු මිනිස් සිරුරේ හටගන්නා දරුණු ආසාදන සඳහා වෙනත් විකල්ප නොමැති අවස්ථාවලදී භාවිත කෙරෙන, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අතිශය වැදගත් ලෙස වර්ගීකරණය කර ඇති ඖෂධයකි.
මෙහි බලපෑම අතිශය සෘජු මෙන්ම ඉතාමත් බරපතළ ය. කුකුළන්ගේ බඩවැල් තුළ මෙවැනි ප්‍රතිරෝධීතාවයක් ගොඩනැඟුණු පසු, එම බැක්ටීරියා ආහාර දාමයට, පසට හෝ ජල සැපයුමට එකතු වන්නේ එම භයානක ප්‍රතිරෝධී ලක්ෂණ ද ඒ සමඟම රැගෙන යමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, කිසි දිනක ප්‍රතිජීවක ඖෂධයක් භාවිත නොකළ පාරිභෝගිකයෙකුට වුවද, තමන් පරිභෝජනය කරන ආහාර මඟින් මෙම ප්‍රතිරෝධී ක්ෂුද්‍රජීවීන් ශරීරගත වීමේ සෘජු අවදානමක් පවතී.
නිව් ඇන්තනීස් සමාගමේ වෙළෙඳපොළ ස්ථාවරය
නිව් ඇන්තනීස් සමාගම මගින් ප්‍රතිජීවකවලින් තොර (antibiotic-free) නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දුන්නේ හුදෙක් වෙළද ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස පමණක් ම නොවෙයි. එය දිගුකාලීන වාණිජ පැවැත්ම සහ මහජන සෞඛ්‍ය වගකීම පෙරදැරි කරගත් නිෂ්පාදන සමාගමක් ලෙස සිය අන්‍යෝන්‍යතාවය තහවුරු කිරීම සඳහාය. තවද සමාගමේ ‘හරිතහරි’ කුකුළු මස් නිෂ්පාදන පෙළ ප්‍රතිජීවකවලින් තොර බවට සහතික කර ඇති අතර ඒවා නිෂ්පාදනය කරනු ලබන්නේ සාමාන්‍ය ගොවීන්ට ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමට සිදුවන වටපිටාවන් මුලිනුපුටා දමන දැඩි ජෛව ආරක්ෂණ ක්‍රමවේදයන් (biosecurity protocols) යටතේය. සිංහල බසින් ‘කොළ පැහැති’ හෙවත් පරිසර හිතකාමී යන අර්ථය දෙන ‘හරිතහරි’ සන්නාමය ප්‍රතිජීවකවලින් තොර ආහාරවල වැදගත්කම හඳුනන, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට ලැදි පාරිභෝගිකයන් වෙත ඉලක්ක කරගත් ඉහළ ප්‍රමිතියෙන් යුතුව සිදු කරනු ලබන නිෂ්පාදනයකි.
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම ආයතනයක් ලෙස සැලකෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹීම මඟින් සමාගමට නිල ශාස්ත්‍රීය පිළිගැනීමක් ද හිමි විය. එම හවුල්කාරිත්වය තුළින් පිළිබිඹු වන්නේ තම නිෂ්පාදන ප්‍රමිතීන් හුදු ස්වයං-සහතික කිරීම් මත නොව, විද්‍යාත්මක පදනමක් මත ගොඩනැඟීමට සමාගම දක්වන දායකත්වයයි. එමෙන්ම අනෙකුත් නිෂ්පාදන සමාගම් අභිබවා ස්වාධීන සහ විශ්වසනීය සහතික කිරීමක් ‘හරිතහරි’ නිෂ්පාදන වෙත හිමි වී තිබේ.
මීට අමතරව, නිව් ඇන්තනීස් සමාගම අනාගත අපනයන අවස්ථා පුළුල් කරගැනීම ද මෙමඟින් අපේක්ෂා කරයි. විශේෂයෙන්ම දැඩි ආහාර සුරක්ෂිතතා රෙගුලාසි ක්‍රියාත්මක වන යුරෝපා සංගමය (EU) සහ ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) රටවල වෙළෙඳපොළ තුළට ඇතුළු වීම සඳහා ප්‍රතිජීවකවලින් තොර බවට වන සහතිකය (Antibiotic-Free Certification) වර්තමානයේ දී අත්‍යවශ්‍ය මූලික කොන්දේසියක් බවට පත්වී තිබේ . මෙලෙස ජාත්‍යන්තර මට්ටමින් තරඟ කිරීමට ප්‍රථම මෙවැනි උසස් නිෂ්පාදන ප්‍රමිතීන් ස්ථාපිත කිරීම නිසා, අනාගතයේදී සමාගමේ මෙහෙයුම් පද්ධති නැවත වෙනස් කිරීමට හෝ ඒ සඳහා විශාල අමතර පිරිවැයක් දැරීමට සමාගමට සිදු නොවීම මෙම සමාගම සතු සුවිශේෂත්වයයි.
සමාජය තුළ දැනුවත්භාවය ඇති කිරීම
ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවයෙහි ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ එහි අහිතකර ප්‍රතිඵල ක්ෂණිකව මතු නොවන නිසා, එමඟින් ඇති වන මහජන සෞඛ්‍ය තර්ජනයේ බරපතලකම ජනතාවට සන්නිවේදනය කිරීම තරමක් අපහසු වීමයි. මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් නිව් ඇන්තනීස් සමාගම විසින් විවිධ ක්ෂේත්‍රවල පිරිස් ඉලක්ක කරගනිමින්, ඔවුන්ට ගැලපෙන අයුරින් කරුණු වටහා දිය හැකි පරිදි සුවිශේෂී දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අදියර කිහිපයක් යටතේ ආරම්භ කර තිබේ.
එහි එක් අදියරයක් ලෙස නිව් ඇන්තනීස් සමාගම හංවැල්ල පරිශ්‍රයේ පිහිටි ආයතනයේ සිය සේවකයන් වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කොට තිබුණි. මෙහිදී ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය නිසා මතුවන අවදානම සහ ප්‍රතිජීවකවලින් තොරව කුකුළු මස් නිපදවීම වෙනුවෙන් තමන්ට කළ හැකි දේ කුමක්ද යන්න සේවකයන්ට වටහා දෙන ලදී. එමෙන්ම, සමාගමේ ‘හරිතහරි’ වැඩපිළිවෙළෙහි ඇති සදාචාරාත්මක වටිනාකම මෙන්ම පාරිභෝගිකයා අතට ලැබෙන නිෂ්පාදනයේ ගුණාත්මකභාවය රැක ගැනීම සදහා සෑම සේවකයෙකුටම පැවරී ඇති වගකීම පිළිබඳව ද මෙහිදී අවධාරණය කොට තිබේ.
ඒ අනුව නිව් ඇන්තනීස් සමාගම බාහිර පාර්ශවයන් ද සම්බන්ධ කරගනිමින් අවධාරණය කර සිටියේ වගකීම් සහගත ආහාර නිෂ්පාදන සංස්කෘතියක් බිහිකිරීම සමස්ත කර්මාන්තයේම පොදු අවශ්‍යතාවක් බවයි. මෙහි දී ඔවුන් පෙන්වා දෙන්නේ වගකිවයුතු ඖෂධ භාවිතය සඳහා බලපාන එම ප්‍රතිපත්තියම ආහාර නිෂ්පාදනයට ද අදාළ විය යුතු බවයි. ප්‍රතිජීවක ඖෂධ මිනිස් ජීවිත සුරකින නමුත්, රෝහල්වල හෝ කුකුළු ගොවිපළවල ඒවා අධික ලෙස භාවිත කිරීම හේතුවෙන් එම ඖෂධවල ඇති වටිනාකම සහ ගුණදායක බව අහිමි වී යයි.
ශ්‍රී ලංකාව ඓතිහාසිකව පෝෂණයෙන් පිරි ආහාර සංස්කෘතියක් ඇති රටක් වන අතර නිව් ඇන්තනීස් සමාගම එම උරුමය ආරක්ෂා කරමින් සිය කාර්යභාරය එම සාම්ප්‍රදායට අනුකූලවම සිදු කරමින් පවතී. නමුත් වර්තමානයේ දී ආහාර නිෂ්පාදනය සිදු කෙරෙන කාර්මික පරිසරය, තාක්ෂණික දියුණුව සහ පාරිභෝගික අපේක්ෂාවන් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින අතර, ඒ සමඟ ආහාර නිෂ්පාදකයන් සතු වගකීම ද පෙරට වඩා පුළුල් වී තිබේ.
කාලීන වැදගත්කම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවය පිළිබඳ ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම’ (Global Action Plan on AMR) මඟින් කෘෂිකර්මාන්තය සහ ආහාර නිෂ්පාදනය ඇතුළු සියලුම ක්ෂේත්‍රවලින් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක භාවිතයෙන් වැළකී ඖෂධවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට දායක වන ලෙසයි. ශ්‍රී ලංකාව ද 2017 වසරේ දී ප්‍රති ක්ෂුද්‍රජීවී නාශක ප්‍රතිරෝධීතාවය පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කළ ද, ආහාර ක්ෂේත්‍රය පුරා එය ක්‍රියාත්මක වීම ඒකාකාරී මට්ටමක නොපැවතුණී. මෙවැනි තත්ත්වයකදී, නීතිරීති සහ රෙගුලාසිවලින් පමණක් බලාපොරොත්තු වන වෙනස ඇති කළ නොහැකි අතර, ඒ සඳහා කර්මාන්ත තුළින්ම මූලිකත්වය සහ නායකත්වය සැපයිය යුතුය.
එවැනි නායකත්වයක් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන නිව් ඇන්තනීස් සමාගම ශ්‍රී ලංකාවේ සීමිත කුකුළු මස් නිෂ්පාදකයන්ගෙන් ප්‍රමුඛත්වයක් උසුලන සමාගමකි. ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදනයක් සිදු කිරීම වාණිජමය වශයෙන් සාර්ථක කරගත හැකි බවත්, විද්‍යාත්මකව තහවුරු කළ හැකි බවත්, පාරිභෝගික රුචිකත්වයට අනුව මෙන්ම නියාමන ප්‍රමිතීන්ට ගැළපෙන බවත් ඔවුන් සනාථ කොට ඇත. අපනයන ක්ෂේත්‍රය තුළ ද විශ්වසනීය ආහාර කර්මාන්තයක් ගොඩනැඟීමට වෙහෙසෙන රටක් වශයෙන්, මෙම පියවර ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු නිසැකයි.


