නිව් ඇන්තනීස්, තෙවැනි වරටත්  Healthy Living Expo ප්‍රදර්ශනයට එක්වෙයි

1- NAF Living Expo (1) (LBN)

ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ ශ්‍රී ලාංකික පුරෝගාමියාවන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම අඛණ්ඩව තුන්වැනි වරටත් Healthy Living Expo 2026 ප්‍රදර්ශනයට එක්වීය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුවතා ප්‍රදර්ශනයවන Healthy Living Expo 2026 පසුගිය මාර්තු 6-8 දිනවලදී කොළඹ BMICH හිදී පැවැත්වුණි. පහළොස්වැනි වරට සංවිධානය කරන ලද Medicare 2026 ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණු Healthy Living Expo 2026 මහජනතාවට නොමිලයේ නැරඹීමේ අවස්ථාව සලසා තිබුණි.

Healthy Living Expo, රෝගාබාධ වැළඳීමට පෙර සුවතාව පවත්වාගැනීම යන සංකල්පය පෙරදැරි කරගෙන සංවිධානය කෙරෙන අතර, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ද මූලික ව්‍යාපාර සංකල්පයක් ලෙස එය හැඳින්විය හැක.  ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා මාංශ නිෂ්පාදන ක්‍රියාවියේදී ප්‍රතිජීවක භාවිත නොකරන නිව් ඇන්තනීස් සමාගම ශ්‍රී ලාකික පවුල්වල දිගුකාලීන සොඛ්‍ය වෙනුවෙන් ලබාදෙන දායකත්වය සුවිශේෂී වේ.




තමන් පරිභෝජනය කරන ආහාර සකස්වන ආකාරය පිළිබඳ සෑම පාරිභෝගිකයෙකුම දැනුම්වත් විය යුතු බව තදින්ම විශ්වාස කරන නිව් ඇන්තනීස් සමාගම ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනය මගින් පොදුවේ ජාතික ආහාර සුරක්ෂිතතාවට ද විශාල  දායකත්වයක් සපයයි.  එවන් පසුබිමක් තුළ ප්‍රදර්ශන භූමිය තුළ වූ නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ප්‍රදර්ශන කුටියේ අරමුණ වූයේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම නොව සංවාදයක් ගොඩනැඟීම ය.

″ශ්‍රී ලාංකික පවුල් වෙත වඩාත්ම සෞඛ්‍යමත්, පෝෂණීය සහ ආරක්ෂිත කුකුළුමස් පිළිගැන්වීමේ 40වැනි වසර සමරන මේ මොහොතේ අපට Healthy Living Expo ප්‍රදර්ශනයට එක්වීමට හැකිවීම ඉතාම විශේෂ අවස්ථාවක්. සෞඛ්‍ය සම්පන්න ආහාර යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක් නොවිය යුතුයි. එය නීරෝගීමත් ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ පදනම බවට පත්විය යුතුයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය.

වසර 40ක් පුරාවට නිව් ඇන්තනීස් සමාගම දිනාගෙන සිටින පාරිභෝගික විශ්වාසය මෙවර ප්‍රදර්ශන භූමියේදී යළිත් වරක් තහවුරු වූ අතර, ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රතිලාභ පිළිබඳව ද නරඹන්නන්ට ඉදිරිපත් කිරීමට හැකිවිය. ප්‍රතිජීවික ප්‍රතිරෝධ අවදානම අඩුවීය, හොඳම තත්ත්වයේ ප්‍රෝටීන අඩංගු වීම, කෙටි මාර්ගවලින් තොරව සැකසූ ආහාර ආදිය එවැනි ප්‍රතිලාභ අතර වේ.

මේ අතර MasterChef Sri Lanka රියැලිටි තරගාවලිය සඳහා නිල මාංශ ආහාර සැපයුම්කරු ලෙස ද නිව් ඇන්තනීස් සමාගම එක්ව සිටීම කැපීපෙනේ. MasterChef Sri Lanka වැඩසටහන සමඟ එක්වීම තුළින් ද, සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය යනු රටක ආහාර සංස්කෘතියේ ප්‍රමිතිය විය යුතු බව තවදුරටත් පසක් කරයි.

මේ වසර මුලදී නිව් ඇන්තනීස් සමාගම, පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ද විශේෂ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. ඒ ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර නිෂ්පාදනයට අදාළ ස්වාධීන අධීක්ෂණයක් සිදුකිරීමේ අරමුණ සමඟිනි. එමඟින් ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ ආහාර ක්‍රම ගැන වැඩිදුර අවබෝධකරගැනීමට ද, ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ සාක්ෂි මත පදනම් වූ උපදේශනයක් බලගැන්වීමට ද සමාගමට හැකිවනු ඇත.

Healthy Living Expo 2026 ප්‍රදර්ශනයට සුවතා, ශරීර සුවතා, පෝෂණ ආදී සබැඳි ක්ෂේත්‍ර රැසක  කර්මාන්ත ප්‍රවීණයෝ  සහ වෘත්තීකයෝ බොහෝමයක් එක්ව සිටියහ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව