SLT-MOBITEL 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ලබයි

Capture

විවිධ ක්ෂේත්‍ර වෙනුවෙන් හඳුන්වා දුන් නිෂ්පාදන 8 කට සම්මාන හිමි වේ.

පසුගියදා පැවැත්වුණු 2026 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී [National ICT Awards (NBQSA) 2026] නව්‍ය නිෂ්පාදන 8 ක් වෙනුවෙන් සම්මාන හිමිකරගැනීමට SLT-MOBITEL සමත් විය. විවිධ ක්ෂේත්‍රවල ඩිජිටල් තාක්ෂණික හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් SLT-MOBITEL විසින් මෙම නිෂ්පාදන හඳුන්වා දෙන ලදි. සැබෑ ලෝකයේ පවතින අභියෝගවලට විසඳුම් සපයන අතරම සේවා සම්පාදනය වැඩිදියුණු කරමින් ව්‍යාපාර ක්ෂේත්‍රයට ප්‍රතිලාභ අත්කර දීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

සයිබර් ආරක්ෂාව, සන්නිවේදනය, සෞඛ්‍ය සේවා, වෘත්තීය සේවා සහ ඩිජිටල් යෙදුම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන SLT-MOBITEL විසින් හඳුන්වා දෙන ලද නිෂ්පාදන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. මෙය SLT-MOBITEL හි නවෝත්පාදන හැකියාවන්ට මෙන්ම, විවිධ ක්ෂේත්‍රවල වෙනස් වන තාක්ෂණික අවශ්‍යතාවන්ට ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම සඳහා සමාගම දක්වන උනන්දුවටද මනා සාක්ෂියකි.




සම්මානයට පාත්‍ර වූ නිෂ්පාදන අතරින් SASE 361 සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘Security Solutions’ යටතේ රන් සම්මානය හිමි වූ අතර, VoiceX සඳහා ‘Industrial’ කාණ්ඩයේ ‘ICT Networks & Communications’ යටතේ රන් සම්මානය හිමි විය. ඩිජිටල් තාක්ෂණය පුළුල් ලෙස භාවිතා කරන සමාගම් හා ආයතන සඳහා වැදගත් වන උසස් ආරක්ෂක හා සන්නිවේදන තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා SLT-MOBITEL සතු හැකියාව මෙම නිෂ්පාදන දෙක මඟින් පිළිබිඹු වේ.

එමෙන්ම Digital Queue Management System සඳහා මෙම සම්මාන උළෙලේදී ‘In-House (ICT Company)’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් හිමි විය. මෙය ආයතනික ක්‍රියාවලි වඩාත් කාර්යක්ෂම කිරීමට සහ සේවා අත්දැකීම් වැඩිදියුණු කිරීමට ඩිජිටල් නවෝත්පාදන සාර්ථක ලෙස භාවිතා කළ හැකි ආකාරය විදහා දක්වන නවෝත්පාදනයකි.

මීට අමතරව Suwatha සඳහා ‘Inclusions and Community Services’ කාණ්ඩය යටතේ ‘Health and Well-being’ සම්මානයකුත්, Legal Digital Management Platform සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘Professional Services Solutions’ අංශය යටතේ සම්මානයකුත්, SecureGate VMS සහ Blitz.ai සඳහා ‘In-House (ICT Company)’ කාණ්ඩය යටතේ සම්මාන දෙකකුත්, Akaza ChatX සඳහා ‘Business Services’ කාණ්ඩයේ ‘ICT Services Solutions’ සම්මානයකුත් හිමි විය.

මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ VoiceX සහ Suwatha නිෂ්පාදන, 2026 වසරේ දෙසැම්බර් මාසයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ සම්මාන උළෙලක් වන Asia Pacific ICT Alliance (APICTA) Awards 2026 සඳහාද නිර්දේශ වී ඇත. මෙය SLT-MOBITEL හි නවෝත්පාදනයන් වඩාත් පුළුල් කලාපීය වේදිකාවක ප්‍රදර්ශනය කිරීම සඳහා ලැබෙන අනගි අවස්ථාවකි.

SLT-MOBITEL හි අරමුණ වන්නේ නවෝත්පාදනය සාම්ප්‍රදායික තාක්ෂණික සීමාවන්ගෙන් ඔබ්බට ගෙන ගොස්, පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ප්‍රායෝගික ප්‍රතිලාභ ලබාදෙන විසඳුම් බවට පරිවර්තනය කිරීමය. එම අරමුණ ඔස්සේ ඩිජිටල් ආරක්ෂාව, සන්නිවේදනය, සෞඛ්‍ය සේවාවන් සහ වෘත්තීය සේවාවන් ඇතුළු අංශ රැසක් පූර්ණ පරිවර්තනයකට ලක්කරමින්, තාක්ෂණය වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි, කාර්යක්ෂම සහ ඵලදායී දෙයක් බවට පත්කිරීම සඳහා SLT-MOBITEL සෑම විටම උත්සාහ දරයි.

ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනය ඔස්සේ ඉදිරියට යන අතරතුර, ව්‍යාපාර හා ප්‍රජාවන් සවිබල ගන්වමින් වඩාත් සම්බන්ධිත රටක් ගොඩනැංවීමට දායක වන ඵලදායී හා සුරක්ෂිත ඩිජිටල් නිෂ්පාදන හඳුන්වා දීම සඳහා SLT-MOBITEL අඛණ්ඩව කැප වී සිටී



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව