“MAQARA” ශ්‍රී ලාංකික අවන්හල දේශීය ආහාර කලාවේ ජනප්‍රිය සංධිස්ථානයක් බවට පත් වේ

A (LBN)

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පිහිටි “MAQARA” ඉතා කෙටි කාලයකදී නගරයේ ජනප්‍රිය අවන්හලක් ලෙස ඉහළ ප්‍රසිද්ධියක් ලබා තිබේ. දේශීය පාරිභෝගිකයන් අතර පමණක් නොව ශ්‍රී ලාංකික රසය අත්විඳීමට කැමැති විදේශීය සංචාරකයන් අතරද මෙම අවන්හල ජනප්‍රියත්වයට පත් වී තිබේ. අලංකාර පරිසරය, ගුණාත්මක සේවාව සහ විවිධාංගිකරණය වූ ආහාර මෙනුව නිසා “MAQARA” බොහෝ දෙනාට අමතක නොවන ආහාර අත්දැකීමක් සපයන අවනලක් බවට පත් වී ඇත.

“MAQARA” ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික උදෑසන ආහාර අලෙවි කරන අතර විවිධ රස කැමති පාරිභෝගිකයන්ට බටහිර ආහාර වර්ගද සපයයි. නැවුම් රසයෙන් සපිරි කෝපි පානද මෙහි ඇත. මෙහි සුවිශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ව්‍යංජන ඇතුළත් දහවල් ආහාරයයි. පාරිභෝගිකයන්ට එළවළු ව්‍යංජන වර්ග 10කට වැඩි ප්‍රමාණයකින් තම කැමැත්ත අනුව තෝරා ගත හැකිය. රාත්‍රී ආහාරය සඳහා ශ්‍රී ලාංකික මෙන්ම චීන ආහාර වර්ග රැසක්ද රස විදීමට අවස්ථාවක් මෙහි ඇත. “MAQARA” සපයන නොමිලේ බෙදා හැරීමේ සේවාව යටතේ පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් තම ආහාර නිවසේ, කාර්යාලයේ හෝ ඕනෑම ස්ථානයක සිට රස විඳීමේ හැකියාව පවතී. කාර්යාල රැස්වීම්, පුහුණු වැඩසටහන්, පවුලේ උත්සව සහ විශේෂ අවස්ථා සඳහා විශාල ඇණැවුම් භාර ගන්නා අතර ඒ සඳහාද නොමිලේ බෙදා හැරීමේ සේවාව සපයයි. වැඩි විස්තර සහ ඇණැවුම් සඳහා 0117711311 අංකයට ඇමතිය හැකිය. තවත් සුවිශේෂ කරුණක් වන්නේ “MAQARA” අවන්හල Chinese Dragon Café සමූහයට අනුබද්ධ ආයතනයක් වීමයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව