දශක ගණනාවක මතකයන් අවදි කරමින් “මැලිබන් හන්දියේ සුවඳ” රට පුරා ගෙනයයි

Capture

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ ආදරය දිනූ මැලිබන් සමාගම, සිය සන්නාමයේ සුවිශේෂී වූ අත්දැකීමක් මුළු දිවයින පුරාම ප්‍රචලිත කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා. ඒ අනුව, මීට පෙර රත්මලාන ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ, මැලිබන් සුවඳ රට පුරා සෙසු ජනතාව වෙත රැගෙන යාමට සමාගම කටයුතු කළේය.

දශක හතකට අධික කාලයක් පුරා “මැලිබන් හන්දිය” ආශ්‍රිතව ජීවත් වූ, සේවය කළ සහ ඒ හරහා ගමන් බිමන් ගිය ජනතාවගේ දෛනික ජීවිතයේ නොමැකෙන මතක සටහනක් බවට මෙම සුවඳ පත්වුණා. අසල පිහිටි මැලිබන් නිෂ්පාදනාගාරයෙන් පිටවන අලුතින් පිළිස්සූ බිස්කට් සුවඳ රත්මලාන ප්‍රෙද්ශය ආශ්‍රිත ජනතාවට සමීපතම අත්දැකීමක් විය. නමුත් රත්මලානෙන් පිටත ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකිකයන්ට එය අත්විඳීමට අවස්ථාවක් ලැබී තිබුණේ නැත.




මේ හේතුව පදනම් කර ගනිමින් මැලිබන් සුවඳ රට පුරා සිටින ජනතාව වෙත රැගෙන යාමට මැලිබන් සමාගම පසුගියදා කටයුතු කළා. LMD Readers’ Choice ‘Most Loved Brands 2026’ හි ශ්‍රී ලංකාවේ No. 1 Most Loved Product Brand ලෙස මැලිබන් ලද ඇගයීම සලකුණු කරමින්, මෙම සුවිශේෂී වැඩසටහන දියත් කරනු ලැබුවා.

ඒ අනුව බස් නැවතුම්පොළවල්, අධිවේගී මාර්ග පිවිසුම් සහ සිනමාහල් ඇතුළු ජනාකීර්ණ ස්ථාන රැසකදී මෙම මැලිබන් බිස්කට් සුවඳ ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කෙරිණි. පිටකොටුව, මාකුඹුර, ගාල්ල, මහනුවර, කුරුණෑගල සහ අනුරාධපුර වැනි ප්‍රධාන බස් නැවතුම් හා නගර ආවර්ණය කරමින් විශේෂිත වාෂ්පීකරණ සවි කරමින්, මැලිබන් බිස්කට් සුවඳ පැතිරවීමට කටයුතු යොදා තිබුණි. මීට අමතරව, කටුනායක, කුරුණෑගල, යක්කහපිටිය, කුරුඳුගහහැතැක්ම, පින්නදූව (ගාල්ල), ගොඩගම (මාතර) වැනි ප්‍රධාන අධිවේගී මාර්ග අන්තර් හුවමාරු හිදි මගීන් වෙත මැලිබන් හන්දියෙ සුවදින් සුවදවති වූ මැලිබන් බිස්කට් ඇසුරුමක් ලබාදීමටද පියවර ගෙන තිබුනා, එමගින් සුවඳ, රසය, මතකය එකට එක් කළ පූර්ණ වෙනස් අත්දැකීමක් ජනතාවට හිමි විය.

මෙම සුවිශේෂී පියවර හරහා, මීට පෙර රත්මලාන මැලිබන් හන්දියට පමණක් සීමා වී තිබූ මැලිබන් සුවඳ සමස්ත රටටම පොදු අත්දැකීමක් බවට පත් කිරීමට මැලිබන් සමත් විය. සාමාන්‍යයෙන් සන්නාමයක් ජනතාව අතර මතකයේ රැඳෙනුයේ එහි ලාංඡනය, වර්ණ, වෙළෙඳ දැන්වීම්, ඇසුරුම්කරණය හෝ සුවිශේෂී සංගීතයක් හරහා වුවද, මැලිබන් මෙහිදී සිය උරුමය සහ පාරිභෝගිකයා සමඟ ඇති සබඳතාව ප්‍රකාශ කිරීම සඳහා සුවඳ ප්‍රබල මාධ්‍යයක් ලෙස භාවිත කළේය.

මෙම ප්‍රවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් මැලිබන් සමූහ ව්‍යාපාරයේ සමූහ ආයතනික සන්නිවේදන ප්‍රධානී පෝසිත පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියේ, “මැලිබන් හන්දියෙන් එන මැලිබන් බිස්කට් සුවඳ දශක ගණනාවක් තිස්සේ අපගේ කතාවේ නොමැකෙන කොටසක් බවයි. එය අපගේ නිවස, පාසල් කාලය, තේ මේසය, පවුලේ එකමුතුව වගේම පරම්පරා ගණනාවක් පුරා බෙදාගත් එදිනෙදා සුන්දර මතකයන් නැවත අවදි කරනවා.  මෙරට වඩාත්ම ආදරණීය නිෂ්පාදන සන්නාමය ලෙස, මෙම සුපුරුදු අත්දැකීම රත්මලානෙන් ඔබ්බට ගෙන ගොස් රට පුරා සිටින ජනතාව සමඟ බෙදා ගැනීමට අපට අවශ්‍ය වූ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම වැඩසටහන මඟින් මෙරට පාරිභෝගිකයන් සමඟ මැලිබන් සමාගම පවත්වාගෙන යන දීර්ඝකාලීන සබඳතාව මෙන්ම දශකට 07කට අධික කාලයක් පුරා ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය තුළින් ගොඩනගාගත් ලෙන්ගතුකම සැමරීමට කටයුතු කෙරිණි.

මැලිබන් සුවඳ ශ්‍රී ලංකාව පුරා රැගෙන යාමෙන් සන්නාමය සිදු කළේ එම බිස්කට් සුවඳ පැතිරවීම පමණක් නොවෙයි. එය සෙනෙහෙබර මතකයන් අවදි කරමින්, මැලිබන් හන්දියෙන් ඇරඹි ඒ ලෙන්ගතුකම, අර්ථවත් හමුවීමේ අත්දැකීම දිවයින පුරා නගර රැසක සැබෑ ලෙසම ප්‍රතිනිර්මාණය කිරීමකි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව