
2026 LMD Readers’ Choice ‘වඩාත්ම ජනාදරයට පත් සන්නාම’ ශ්‍රේණිගත කිරීම්හි, උසස් අධ්‍යාපන (පෞද්ගලික) කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සමත්ව ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාම අතර සිය අද්විතීය ස්ථානය නැවත වරක් සනාථ කිරීමට SLIIT ආයතනයට හැකි වී තිබේ.
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු ලෙස SLIIT සතු අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් නොව, රටේ වඩාත්ම ප්‍රිය කරන සන්නාම අතරට එක්වීමට ද මෙම ඇගයීම මහෝපකාරී වී ඇත. එමෙන්ම, එය වසර ගණනාවක් පුරා ආයතනය විසින් ගොඩනගා ඇති විශ්වාසය, සමීපභාවය සහ ධනාත්මක සන්නාම ලැදියාව (brand affinity) මනාව පිළිබිඹු කරයි. විශ්වසනීයත්වය, ශාස්ත්‍රීය ගුණාත්මකභාවය සහ උපාධිධාරීන්ගේ සාර්ථකත්වය මහජන විශ්වාසය ගොඩනැගීමේ ප්‍රධාන සාධක වන මෙවැනි ක්ෂේත්රයක, මෙම ඇගයීම සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
සිසුන්ට මෙන්ම කථිකාචාර්ය මණ්ඩලයට ද තම දක්ෂතා ඔප්නැංවිය හැකි සුරක්ෂිත, විශිෂ්ටත්වය මුල් කරගත් අධ්‍යාපනික පරිසරයක් නිර්මාණය කිරීමට SLIIT සතු කැපවීම මෙමගින් නැවත වරක් තහවුරු වේ. SLIIT උපාධිධාරීන්ගේ 98%ක ඉහළ රැකියා නියුක්ති අනුපාතය, ශ්‍රී ලංකාවේ අනාගත වෘත්තීය ශ්‍රම බලකාය හැඩගැස්වීම සඳහා උසස් අධ්‍යාපනය දක්වන දායකත්වය මැනවින් කියාපායි. වර්තමාන සිසුන් සහ දෙමාපියන් අධ්‍යාපන ආයතනයකින් අපේක්ෂා කරන්නේ ශාස්ත්‍රීය සුදුසුකම් පමණක් නොවේ; ක්ෂේත්රයට ඇති අදාළත්වය, ජාත්‍යන්තර අත්දැකීම්, රැකියා අවස්ථා මෙන්ම දිගුකාලීන පුද්ගලික සහ වෘත්තීය වර්ධනයට මග පාදන ගුණාත්මක ඉගෙනුම් පරිසරයක් ඔවුන්ගේ මූලික අපේක්ෂාවන් අතර වේ.
ගුණාත්මක ඉගැන්වීම්, පර්යේෂණ, නවෝත්පාදන, ක්ෂේත්‍ර සබඳතා සහ ශිෂ්‍ය කේන්ද්‍රීය ඉගෙනුම් ක්‍රමවේද කෙරෙහි SLIIT දක්වන විශේෂ අවධානය හේතුවෙන්, දිනෙන් දින තරඟකාරී වන ශ්‍රම බලකායකට පිවිසීමට සූදානම් වන සිසුන්ගේ විශ්වාසදායක තේරීම බවට පත්වීමට මෙම ආයතනයට හැකි වී තිබේ. ප්රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන සමඟ සහයෝගීතාවන් ඇති කර ගැනීම, මෙරට ප්‍රථම කෘතිම බුද්ධි (AI) උපාධි පාඨමාලාව හඳුන්වා දීම සහ සියලුම උපාධි පාඨමාලා සඳහා කෘතිම බුද්ධිය අනිවාර්ය නිපුණතාවයක් ලෙස ඇතුළත් කිරීම, සිසුන්ගේ අනාගත උන්නතිය වෙනුවෙන් SLIIT තැබූ පුරෝගාමී පියවර කිහිපයකි.
SLIIT ආයතනය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ එහි පවතින විශිෂ්ටත්වයේ සංස්කෘතියයි. තමන්ගේ ක්ෂේත්රවල ලොව ඉහළම විද්‍යාඥයින් 2% අතරට තේරී පත් වූ, Stanford–Elsevier ලැයිස්තුවට ඇතුළත් විද්‍යාඥයින් හය දෙනෙකු ඇතුළු ප්රමුඛ පෙළේ වෘත්තිකයන් සහ පර්යේෂණ විශේෂඥයන්ගෙන් සමන්විත කථිකාචාර්ය මණ්ඩලයක් හරහා ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලැබීමට සිසුන්ට මෙහිදී අවස්ථාව හිමි වේ. මෙම ඉහළ ප්‍රවීණතාවය හේතුවෙන් සිසුන්ට මගපෙන්වීම ලැබෙන්නේ තම විෂය ක්ෂේත්රයේ ප්‍රමුඛයන්ගෙන් පමණක් නොව, ගෝලීය දැනුම වර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරීව දායක වන විද්වතුන්ගෙනි.
SLIIT ආයතනයේ උපකුලපති සහ ප්‍රධාන විධායක නිලධාරී, මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව මෙසේ අදහස් දැක්වීය: “උසස් අධ්‍යාපන (පෞද්ගලික) කාණ්ඩයේ වඩාත්ම ජනාදරයට පත් සන්නාමය ලෙස ඇගයීමට ලක්වීම SLIIT ආයතනයට සුවිශේෂී වූත් අභිමානවත් වූත් ඇගයීමක්. මන්දයත්, මෙරට විචාරශීලී පාඨක ප්‍රජාව අප කෙරෙහි තබා ඇති විශ්වාසය මෙයින් මනාව පැහැදිලි වන බැවිනි. උසස් අධ්‍යාපනය යනු ශිෂ්‍යයෙකු සහ ඔවුන්ගේ පවුලේ අය ගන්නා වඩාත්ම වැදගත් තීරණවලින් එකක්. මෙම ඇගයීම අපගේ ශාස්ත්‍රීය විශිෂ්ටත්වය, ක්ෂේත්රයට ඇති අදාළත්වය, ජාත්‍යන්තර සබඳතා සහ සමස්ත ශිෂ්‍ය අත්දැකීම තවදුරටත් ශක්තිමත් කිරීමට අපව දිරිමත් කරනවා. SLIIT හි අපගේ එකම අරමුණ වන්නේ හුදෙක් උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම නොව, ශ්‍රී ලංකාවට මෙන්ම සමස්ත ලෝකයටම අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි, දක්ෂ, ඕනෑම පරිසරයකට හැඩගැසිය හැකි කුසලතා පූර්ණ වෘත්තිකයන් පිරිසක් රටට දායාද කිරීමයි.”
මෙම සුවිශේෂී ජයග්‍රහණය, ආයතනයේ ප්‍රගතිය සහ කීර්තිනාමය වෙනුවෙන් දායක වූ 25,000කට අධික වර්තමාන සිසුන්, 40,000කට අධික ආදි සිසුන්, 1,000කට ආසන්න අධ්‍යයන හා පරිපාලන කාර්ය මණ්ඩලය, දෙමාපියන්, ක්ෂේත්‍ර හවුල්කරුවන් සහ ආයතනික සහයෝගීතාවන් ඇතුළත් සමස්ත SLIIT ප්‍රජාවගේම සාමූහික ශක්තිය පිළිබිඹු කරන්නකි.
ආයතනය කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ LMD පාඨකයන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට SLIIT සිය හෘදයාංගම කෘතඥතාව පළ කර සිටියි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රය නිරන්තර වෙනස්වීම්වලට ලක්වන පසුබිමක, ගුණාත්මක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමටත්, තරුණ පරපුර බලගැන්වීමටත්, නවෝත්පාදනය, විශිෂ්ටත්වය සහ අර්ථවත් මෙහෙවරක් තුළින් රටේ දැනුම පාදක කරගත් ආර්ථිකයට සක්‍රීයව දායක වීමටත් SLIIT ආයතනය සැමවිටම කැපවී සිටී.


