ජෙෆ්රි බාවා භාරය හා LANKATILES එක්ව ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණයට නව මානයක් ගෙන දෙයි

Capture

ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය, 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්විය.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය මෙහෙයවනු ලැබුවේ junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී Junya Ishigami විසිනි. සම්ප්‍රදායික වාස්තු නිර්මාණ සංකල්පවලට නව මානයන් එක් කරමින්, සොබාදහම සහ මානව අත්දැකීම් අතර ඇති සබඳතාවය සිය නිර්මාණ හරහා ගවේෂණය කිරීම හේතුවෙන් ඔහු ලොව පුරා අවධානයට ලක්ව සිටී.




මෙම වාර්ෂික අනුස්මරණ දේශනය, LANKATILES සහ ජෙෆ්රි බාවා භාරය අතර පවතින සහයෝගීතාවයේ එක් වැදගත් පියවරක් වන අතර, වාස්තු නිර්මාණ හා සැලසුම් ක්ෂේත්‍රයේ නව අදහස්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා වටිනා අවස්ථාවක් නිර්මාණය කරයි. මෙම සහයෝගීතාවය යටතේ වසර පුරා පැවැත්වෙන ‘DesignTalk’ සංවාද මාලාව ද ක්‍රියාත්මක වන අතර, එය ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් අතර අදහස් හුවමාරුව සහ දැනුම බෙදාගැනීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත.

මෙම සහයෝගීතාවයේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ පැවසීය. ‘‘වාස්තු නිර්මාණය සහ සැලසුම්කරණය සැමවිටම LANKATILES හි අනන්‍යතාවයේ වැදගත් කොටසකි. ජෙෆ්රි බාවා භාරය සමඟ ඇති අපගේ සහයෝගීතාවය තුළින් නිර්මාණශීලීත්වය, අදහස් හුවමාරුව සහ නව සංකල්ප සඳහා අවස්ථාවන් නිර්මාණය කිරීමට අපට හැකි වී තිබේ. ශ්‍රී ලංකාවේ නිර්මාණ සහ වාස්තු නිර්මාණ ක්ෂේත්‍රයේ අනාගතය ගොඩනැගීමට දායක වන මෙවැනි වැඩසටහන් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වන්නෙමු’’

නිෂ්පාදන නවෝත්පාදනයට අමතරව LANKATILES ආයතනය, නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීම, දැනුම බෙදාගැනීම සහ ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර අදහස් හා අවස්ථා සමඟ සම්බන්ධ වීමට අවකාශ සැලසීම සඳහා ද කැපවී කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණ සහ සැලසුම් ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරු කරගැනීම සඳහා වැදගත් වේදිකාවන් නිර්මාණය කරමින්, ජෙෆ්රි බාවා භාරය මෙරට නිර්මාණ ක්ෂේත්‍රයේ වර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය, ‘DesignTalk’ සංවාද මාලාව සහ අනෙකුත් වැඩසටහන් හරහා වාස්තු නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන්, සිසුන් සහ මහජනතාව එකිනෙකා සමඟ සම්බන්ධ කරමින් නව අදහස් සහ දැනුම බෙදාගැනීමට අවස්ථා සලසා දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයන්හි සභාපති චන්න දාස්වත්ත මහතා මෙසේ පැවසීය. ‘‘LANKATILES සමඟ ඇති අපගේ සහයෝගීතාවය, ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනය වැනි වැඩසටහන් හරහා ශ්‍රී ලාංකිකයන් වෙත නව අදහස් සහ ජාත්‍යන්තර නිර්මාණාත්මක දැක්මන් ගෙන ඒමට ඉවහල් වන වැදගත් හවුල්කාරීත්වයකි. ජෙෆ්රි බාවාගේ උරුමය ඉදිරියට ගෙන යමින්, නිර්මාණශීලීත්වය දිරිගැන්වීමට සහ අනාගත පරම්පරාවන් නව ආකාරයෙන් සිතීමට පෙළඹවීමට මෙවැනි වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත’’

මේ අතර, හොංකොංහි බටහිර කොව්ලූන් සංස්කෘතික දිස්ත්‍රික්කයේ M+ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සහ ජෙෆ්රි බාවා හා ලුණුගඟ භාරයන්හි භාරකාරිනියක වන Suhanya Raffel අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ‘‘අප සතු උරුමයන් ආරක්ෂා කිරීම තුළින් අපගේ අනන්‍යතාවය සහ වටිනාකම් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ. ජෙෆ්රි බාවාගේ නිර්මාණ උරුමය අපට අතීත පාඩම් උගන්වමින්, වඩාත් වගකීම් සහගත සහ තිරසාර අනාගතයක් උදා කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ’’

මෙවැනි සහයෝගීතා හරහා LANKATILES ආයතනය, නිර්මාණශීලීත්වය, දැනුම සහ නව අදහස් එකට එක්වන අවස්ථාවන් තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණ ක්ෂේත්‍රයේ අනාගතයට වටිනා දායකත්වයක් ලබා දෙයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව