KasperskySecure Live in Sri Lanka වැඩසටහන හරහා සයිබර් තර්ජනවලට කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම පෙන්වා දෙයි

KasperskySecure- Live in Sri Lanka (LBN)

Kaspersky සමාගම විසින් සංවිධානය කරන ලද Kaspersky Secure: Live in Sri Lanka වැඩසටහන පසුගිය ජූලි 16 වැනිදා කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විය. සයිබර් තර්ජනයක් හඳුනාගත් පසුව, ආයතනයකට ඊට කොතරම් ඉක්මනින් ප්‍රතිචාර දැක්විය හැකිද? යන තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, බැංකු ක්ෂේත්‍රයේ නියෝජිතයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රධාන හවුල්කරුවන් ඇතුළු 80ත් 90ත් අතර පිරිසක් සහභාගී විය.

මෙම වැඩසටහන ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ විකාශනය වෙමින් පවතින සයිබර් තර්ජන පසුබිම පිළිබඳ විමසුමකිනි.  මේ සඳහා Kaspersky හි SEA & AEC හි අලෙවිකරණ කළමනාකාරිනී එලිසබෙත් ෂෙන් මහත්මිය  සහ Kaspersky හි කලාපීය කළමනාකරුවෙකු වන මොහ්නිස් මනුකුලසූරිය මහතා එක් විය.




මෙහිදී අදහස් දක්වමින් ෂෙන් ප්‍රකාශ කලේ මේ වනවිට ලොව පුරා අඛණ්ඩව පුළුල් වෙමින් පවතින අනිෂ්ට මෘදුකාංග (malware) තර්ජන පසුබිම පිළිබඳවයි. 2019 දී දිනකට හඳුනාගත් අලුත් මෘදුකාංග සාම්පල සංඛ්‍යාව 340,000 ක් පමණක් බවත් එය 2025 වන විට 500,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඇය පෙන්වා දුනි. එම සාම්පලවලින් බහුතරයක් සංකීර්ණ ඉලක්කගත සයිබර් ප්‍රහාර නොව, අඩු සහ මධ්‍යම සංකීර්ණතා මට්ටමේ සයිබර් අපරාධවලට අයත් බවද ඇය සඳහන් කරයි.  තවද, Handala ප්‍රහාරක ව්‍යාපාරය සහ Jaguar Land Rover ආයතනයේ දත්ත ආරක්ෂාව බිඳ වැටීම වැනි මෑතකාලීන සිදුවීම් හරහා ඇය පෙන්වා දුන්නේ එක් ආරක්‍ෂක බිඳ වැටීමක ප්‍රතිවිපාක සංවිධානයෙන් ඔබ්බට යමින් සමාජය පුරා කෙතරම් දුරට බලපෑම් ඇති කළ හැකිද යන්නයි.

ඉන් අනතුරුව, Safe Project (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ෆයිසාන් මරික්කාර් ශ්‍රී ලංකාව තුළ Kaspersky හි ක්‍රියාකාරීත්වය පිළිබඳ කෙටි හැඳින්වීමක් කළ අතර වත්මන් සයිබර් තර්ජන හමුවේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අවධාරණය කළේය.Safe Project (Pvt) Ltd හි පද්ධති ඉංජිනේරුවරයෙකු මෙන්ම OSMP සහ XDR විසඳුම් පිළිබඳ විශේෂඥයෙකු වන මිලින්ද නිමේෂ් මහතා විසින් Kaspersky හි Open Single Management Platform (OSMP) සහ XDR Exper හි ක්‍රියාකාරිත්වය පිළිබඳව පුළුල් ලෙස කරුණු පැහැදිලි කරන ලදී. මෙහිදී ඔහු විසින් පෙර පටිගත කරන ලද ප්‍රායෝගික නිරූපණයක් මඟින්, තර්ජන පිළිබඳ දෘශ්‍යතාව සහ ප්‍රතිචාර දැක්වීම එකම වේදිකාවක් යටතේ ඒකාබද්ධ කිරීමෙන් තර්ජන හඳුනාගැනීමට ගතවන සාමාන්‍ය කාලය සහ ප්‍රතිචාර දැක්වීමට ගතවන සාමාන්‍ය කාලය  අඩුවන ආකාරය, ආරක්ෂක විශ්ලේෂක කණ්ඩායම්වල දෛනික කාර්යබහුලත්වය සැහැල්ලු වන ආකාරය සහ පදනම් විරහිතව අනතුරු ඇඟවීම් අධික වීමෙන් ඇතිවන විඩාව  අවම වන ආකාරය පෙන්වා දුනි .

 

ඉන්පසුව මොහොනිෂ් මනුකුලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් ‘Unified Security Operations Strategy’ සකස් කිරීම පිළිබඳ සුවිශේෂි වැඩසටහන ආරම්භ විය. ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයක පදනම මානව සම්පත, ක්‍රියාවලිය සහ තාක්ෂණය යන මූලික කුළුණු තුන මත රදා ප්වතින බව පෙන්වා දුන් ඔහු, නිරීක්ෂණ ස්ථරය (Visibility Layer) ලෙස SIEM හි කාර්යභාරයත්, ප්‍රතිචාර දක්වන ස්ථරය (Response Layer) ලෙස XDR හි කාර්යභාරයත් විස්තර කළේය. එහිදී EDR Foundations, EDR Optimum සහ XDR Expert යන මට්ටම් යටතේ ලබාදෙන ‘Kaspersky Next’ පද්ධතිය ඔහු හඳුන්වා දුන් අතර, එමගින් Endpoint Detection, Threat Intelligence, Managed Detection and Response (MDR) සහ Network Detection යන සියල්ල එකම පද්ධතියකට ගෙන එනු ලබයි. මේ සඳහා භාවිත කළ හැකි ‘Out-of-the-box’ සම්බන්ධිත සේවාවන් 300 කට වඩා ඇතුළත් වේ. ඉන් අනතුරුව, Kaspersky පද්ධතිය මත නවීන SOC එකක් නිර්මාණය වන ආකාරය පිළිබඳ තාක්ෂණික පැහැදිලි කිරීමක්ද ඔහු සිදු කළේය. එහි ඇති Managed Detection and Response සේවාව AI තාක්ෂණය භාවිත කරමින් ව්‍යාජ අනතුරු ඇඟවීම් 30% කින් පමණ අඩුකර, තර්ජන වර්ගීකරණය වේගවත් කරන ආකාරයත්, අමතර සේවකයින් නොමැතිව ආරක්ෂක කණ්ඩායම්වලට ඒකාබද්ධ නිරීක්ෂණ හැකියාවන් සහ විශේෂඥ සහාය ලබාදෙන ආකාරයත් ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින්  මනුකුලසූරිය මහතා සදහන් කළේ  ශ්‍රී ලාංකීය ව්‍යාපාර වෙන කවරදාටත් වඩා වේගයෙන් ඩිජිටල්කරණය වෙන බවයි. එය හොඳ ප්‍රවණතාවයක් වුවද ඒ සමගම සයිබර් ප්‍රහාරවලට තියෙන ඉඩකඩත් වැඩිවෙන බවත් ගැටලුව පවතින්නේ ආරක්ෂක මෙවලම්වල හිඟයක නොව, එම මෙවලම් අතර ඒකාබද්ධතාවයක්  නොමැතිකම බවත් ඔහු පෙන්වා දුනි. එමෙන්ම නිරීක්ෂණය එක් ස්ථානයකින් ද ප්‍රතිචාර දැක්වීම තවත් ස්ථානයකින් ද සිදුවන විට, ප්‍රහාරකයින් එම පරතරයෙන් ප්‍රයෝජන ගන්නා බව ඔහු පවසා සිටියි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ ප්‍රමුඛතාවයක් ලෙස පවතින සයිබර් ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම යන තේමාව යටතේ පැවති මෙම විද්වත් සංවාදය  සඳහා මොහොනිෂ් මනුකුලසූරිය, Safe Project (Pvt) Ltd හි ප්‍රධාන තාක්ෂණික නිලධාරී මිතිල පෙරේරා සහ South Asian Technologies (Pvt) Ltd හි ප්‍රධාන තාක්ෂණික උපායමාර්ගික නිලධාරී ෂබීර් ෂියාම් යන මහත්වරු සහභාගි විය. ශ්‍රී ලංකාවේ සයිබර් තර්ජනවල ස්වභාවය වෙනස් වන ආකාරය, ප්‍රහාරක මෙන්ම ආරක්ෂක යන දෙඅංශයෙන්ම කෘත්‍රිම බුද්ධියේ (AI) වර්ධනය සහ කාර්යභාරය මෙන්ම ප්‍රායෝගිකව සාර්ථක වන ආරක්ෂක ක්‍රමවේද පිළිබඳවද මෙහිදී ඔවුන් විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. මීට අමතරව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නව සිදුවීම් වාර්තා අනුව පුද්ගල දත්ත ආරක්ෂණ පනත සහ ඉදිරියේදී බලාත්මක වීමට නියමිත සයිබර් ආරක්ෂණ පනත ඇතුළු නීතිමය රාමුව පිළිබඳව ද අවධානය යොමු විය. විශේෂයෙන්ම මුල්‍ය ආයතනවල නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පමණක් සැබෑ ආරක්ෂාව ලැබේද, නැතහොත් සැබෑ ආරක්ෂාව සඳහා ඊට එහා ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් අවශ්‍යද යන ගැටලුව මතු කරමින් සාකච්ඡාව නිමා විය.

දශක තුනකට ආසන්න අභිමානවත් ඉතිහාසයකින් මෙන්ම ලොව පුරා 17,500 කට අධික පාර්ශ්වකරුවන් ජාලයකින් සහ 200,000 කට වැඩි ආයතනික පාරිභෝගිකයින් පිරිසකගෙන් සමන්විත Kaspersky හි ශ්‍රී ලාංකේය නියෝජනය මගින් පෙන්නුම් කරන්නේ  කලාපීය වශයෙන් ව්‍යවසාය ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථාන පරිවර්තනය (enterprise SOC transformation ) වේගවත් කිරීම උදෙසා ඔවුන් දක්වන කැපවීමයි. සයිබර් තර්ජන හඳුනාගැනීම සහ ඒවාට කඩිනම් ප්‍රතිචාර දැක්වීම අතර පවතින පරතරය අවම කිරීම සඳහා දේශීය ආරක්ෂක කණ්ඩායම් උත්සාහ දරන වර්තමාන පසුබිම තුළ, මෙවැනි සහායක් ලබා දීම එම ක්‍රියාවලිය සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව