John Keells Properties හි ‘Vauxhall DSTRCT’ ඇරඹී මාස 3ක් තුළ නිවාස ඒකක 300කට අධික ප්‍රමාණයක් අලෙවි කෙරේ

NIGHT-FINAL (LBN)

කොළඹ, ශ්‍රී ලංකාව – 2026 ජුනි – John Keells Properties (JKP) කොළඹ නගර මධ්‍යයේ පිහිටි සිය නවතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT, ආරම්භ කර මාස තුනක් ඇතුළත මහල් නිවාස 300කට අධික අලෙවියක් වාර්තා කර ඇති බව නිවේදනය කරයි. මෙය වෙළෙඳපොළ තුළ පවතින ශක්තිමත් ඉල්ලුමත්, සමාගමේ නිවාස ව්‍යාපෘති කෙරෙහි පාරිභෝගිකයන් තුළ පවතින අඛණ්ඩ විශ්වාසයත් පැහැදිලිව පෙන්නුම් කරයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය, දේශීය සහ විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබී ඇති යහපත් ප්‍රතිචාරය අවධාරණය කරන අතර, ස්ථානය, ජීවන රටාව, වටිනාකම සහ අනාගත ආයෝජන හැකියාව සමබරව එක් කරන නාගරික නිවාස ව්‍යාපෘති කෙරෙහි ඇති වෙළෙඳපොළ ආකර්ෂණය තවදුරටත් ශක්තිමත් කරයි.



කොළඹ 02 වොක්ස්හෝල් වීදියේ පිහිටි Vauxhall DSTRCT, නගරයේ ප්‍රධාන ව්‍යාපාරික, ජීවන රටා, අධ්‍යාපන සහ ප්‍රවාහන මධ්‍යස්ථාන වෙත පහසු ප්‍රවේශයක් ලබා දෙන නේවාසික සංවර්ධන ව්‍යාපෘතියකි. නවීන නාගරික ජීවන රටාවට මනාව ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති මෙම ව්‍යාපෘතිය, එදිනෙදා පහසුව සහ ප්‍රවේශවීමේ හැකියාව සමඟින් ප්‍රජා සබඳතාවලට මුල් තැන දෙන සජීවී නගර මධ්‍යයක අද්විතීය ජීවන අත්දැකීමක් පිරිනමයි.

මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් John Keells Holdings PLC හි උප සභාපති සහ දේපළ සමූහයෙහි විකුණුම් සහ අලෙවිකරණ අංශ ප්‍රධානී නදීම් ෂම්ස් මහතා මෙසේ පැවසීය. “ව්‍යාපෘතිය ආරම්භ කර මුල් මාස තුන තුළ නිවාස 300කට වඩා අලෙවි කිරීමට හැකිවීම සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එමගින් ගැනුම්කරුවන් John Keells Properties කෙරෙහි තබා ඇති ප්‍රබල විශ්වාසය මැනවින් පැහැදිලි වෙනවා. දේශීය මෙන්ම විදේශීය ගැනුම්කරුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතා ඉහළයි. Vauxhall DSTRCT පිරිනමන සුවිශේෂී වටිනාකම පාරිභෝගිකයන් වටහා ගනිමින් සිටින අතර, ඒ හේතුවෙන්ම මෙහි වෙළඳපොළ ඉල්ලුමේ පැහැදිලි වර්ධනයක් අඛණ්ඩව දැකගත හැකියි.”

ප්‍රමුඛ පිහිටීම, ආකර්ෂණීය මිල ගණන්, සැලසුම්සහගත නිවාස, පුළුල් ජීවන රටා පහසුකම් සහ ස්මාර්ට් නිවාස විශේෂාංග වැනි කරුණු Vauxhall DSTRCT හි සාර්ථකත්වයට හේතු වී ඇත. එසේම, මෙම සන්ධිස්ථානය John Keells සන්නාමය කෙරෙහි ගැනුම්කරුවන් තබා ඇති විශ්වාසයත්, සුවිශේෂී ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අපගේ ශක්තිමත් ඉතිහාසයත් තවදුරටත් තහවුරු කරයි. නිවාස හිමියන්ට සහ ආයෝජකයන්ට දිගුකාලීන වටිනාකමක් ඇති තවත් උසස් නේවාසික ව්‍යාපෘතියක් ලබාදීම අපගේ අරමුණයි.”

Vauxhall DSTRCT හි මහල් 60ක නේවාසික කුළුණ, විවිධ ජීවන රටා සහ ආයෝජන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස නිර්මාණය කළ නිදන කාමර 1, 2, 3 සහ 4 සහිත මහල් නිවාස රැසකින් සමන්විත වේ. නිවැසියන්ගේ දෛනික ජීවන අත්දැකීම උසස් කිරීම සඳහා පුළුල් පරාසයක ජීවන රටා පහසුකම්, ප්‍රජා අවකාශයන්, විනෝදාස්වාද පහසුකම් සහ ස්මාර්ට් නිවාස තාක්ෂණයන් ලබා දී ඇත.

ආරම්භක මාස තුන ඇතුළත ලැබුණු මෙම ප්‍රබල ප්‍රතිචාරය හේතුවෙන්, කොළඹ නගරයේ මේ වන විට පවතින ඉහළම ඉල්ලුමක් සහිත නවතම නේවාසික ව්‍යාපෘති අතර පෙරමුණ ගැනීමට Vauxhall DSTRCT සමත්ව ඇත.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා කොළඹ 02, වොක්ෂෝල් වීදියේ, අංක 190 හි පිහිටි ‘John Keells Properties Sales Gallery’ වෙත පිවිසෙන්න. නැතහොත් +94 711 638 638 අමතන්න, නැතහොත් www.johnkeellsproperties.com වෙබ් අඩවියට පිවිසෙන්න.

ගත වූ වසර විස්සක කාලය තුළ කොළඹ නගරයේ මුහුණුවර වෙනස් කරමින් මෙරට නූතන නේවාසික ක්ෂේත්‍රය ප්‍රතිනිර්මාණය කිරීමට John Keells Properties සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ Crescat City හි Emperor සහ Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, City of Dreams Sri Lanka – Cinnamon Life, Viman සහ මහනුවර Victoria Golf Resort හි ඉහළ පෙළේ නිවාස ව්‍යාපෘති වැනි මෙරට අතිදැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් නිම කිරීමට ඔවුන් සමත් විය. මෙම සුවිශේෂී ව්‍යාපෘති ඔස්සේ නිවාස සැලසුම්කරණය සහ නූතන නාගරික ජීවන අත්දැකීම් සම්බන්ධයෙන් නව ප්‍රමිතීන් හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම නේවාසික ව්‍යාපෘති සඳහා වන ප්‍රමිතිකරණය බවට පත්වීමට John Keells Properties වෙත හැකියාව ලැබී තිබේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව