John Keells CG Auto ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD රථවාහන පෙල බෙදාහැරීම අරඹයි

MPI_0949 (LBN)

නව බලශක්ති වාහන (NEV) ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන BYD, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට ආනයනය කළ ප්‍රථම BYD මගී වාහන පෙළ බෙදාහැරීම පසුගියදා ආරම්භ කරනු ලැබීය. එහි බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන John Keells CG Auto (JKCG Auto) BYD හි නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙත හඳුන්වා දීමේ සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයකදී ආනයනය කළ පළමු රථවාහන පෙල නිල වශයෙන් පාරිභෝගිකයින් වෙත භාර දෙන ලදී.
 



 
පසුගිය මාර්තු 14 වැනි දින ශ්‍රී ලංකාවට ළඟා වූ මෙම රථ වාහන අතරට BYD SEALION 6, BYD ATTO 3, BYD DOLPHIN ඇතුලු තවත් රථ වාහන මාදිලි කිහිපයක් ඇතුළත් විය. රට තුළ තිරසාර ප්‍රවාහන විසඳුම් වෙනුවෙන් ඇති ඉල්ලුම ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මාර්ගයන් වෙත උසස් තත්වයේ NEV තාක්ෂණය ගෙන ඒමේ ප්‍රමුඛ පියවරක් ලෙසද මෙම බෙදා හැරීම සඳහන් කළ හැකිය.

බාධාවකින් තොර, සහතික කළ පාරිභෝගික අත්දැකීමක්

මෙම සුවිශේෂී අවස්ථාවේදී අදහස් දැක්වූ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර මහතා සඳහන් කර සිටියේ “රථවාහන පාරිභෝගිකයින් වෙත එහි ප්‍රථම බෙදාහැරීම සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන අප ශ්‍රී ලංකාව තුල තිරසාර ප්‍රවාහන දියුණුවක් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා. ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙත ගෙන ඒම සඳහා පසුගිය වසර තුළ අප සිදු කළ ප්‍රයත්නයෙහි සාර්ථක ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රථම වාහන බෙදා හැරීම සඳහන් කළ හැකියි. සුවහසක් ශ්‍රී ලාංකිකයින්ට NEV වාහනයක හිමිකාරීත්වය ලබා දීම වෙනුවෙන් NEV වාහනවල ලොව ප්‍රමුඛයා සමඟ එක්ව කටයුතු කරන අප තිරසාර ප්‍රවාහනයේ ගෝලීය සංධිස්ථානයක් ලෙස නුදුරේදීම ශ්‍රී ලංකාව තුළ  සුවිශේෂී පරිවර්තයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

ගුණාත්මකභාවය හා ආරක්ෂාව වෙනුවෙන් සුවිසල් කැපවීමක්

පාරිභෝගිකයින් හට මිලදී ගැනීම වෙනුවෙන් බෙදාහැරීමට පෙර සෑම වාහනයක්ම පරිපූර්ණ බෙදාහැරීමේ පරීක්ෂණයකට සහ තත්ත්ව පාලන ක්‍රියාවලියකට භාජනය කිරීමට JKCG Auto කටයුතු කර ඇත්තේ ගුණාත්මකභාවය හා ආරක්ෂාව පිළිබඳ නොමඳ විශ්වාසයක් පාරිභෝගිකයා තුළ ජනිත කරමිනි. එම පරීක්ෂණයන් අතරට බැටරි ක්‍රියාකාරීත්වය, ආරක්ෂිත පද්ධති, මෘදුකාංග යාවත්කාලීන කිරීම සහ වාහනයේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂා කිරීම් ඇතුළත් වේ. සෑම මෝටර් රථයක්ම එහි හිමිකරු වෙත භාර දීමට පෙර විශ්වසනීයත්වය, කාර්යක්ෂමතාව හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් වන BYD හි ගෝලීය ප්‍රමිතීන් සපුරාලන බවට මේ තුළින් මනාව සහතික කිරීමට JKCG Auto සමත්ව සිටියි.

මෙහිදී අදහස් දැක්වූ CG Corp Global හි කළමනාකාර අධ්‍යක්ෂ නිර්වාන චෞද්‍රි මහතා “BYD වාහන ශ්‍රී ලංකාවට පැමිණීම මෙරට පාරිභෝගිකයින් හට තිරසාර ප්‍රවාහන විසඳුම් සලසා ගැනීම සඳහා වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි. වඩාත් පහසු, බලශක්ති කාර්යක්ෂමතාවකින් යුත් ප්‍රවාහන විසඳුම් සඳහා වන ඉල්ලුම වැඩි වන විට ගෝලීය වශයෙන් පිළිගත් NEV තාක්ෂණය හඳුන්වාදීම සඳහා දායකවීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. කලාපය තුල තිරසාර ප්‍රවාහනය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන ව්‍යාපාරික ක්ෂේත්‍රය වෙනුවෙන් දිගු කාලීන ආයෝජනයට අප දක්වන කැපවීම මෙම හඳුන්වා දීම තුළින් මනාව පිළිබිඹු වනවා.” යනුවෙන් පැවසීය.

ඉදිරි කාලයේදී තව තවත් BYD වාහන මෙරටට ගෙන ඒමට කටයුතු කරමින් සිටින John Keells CG Auto ශ්‍රී ලංකාවේ හරිත ප්‍රවාහන පද්ධතියේ සුවිසල් සංවර්ධනයක් වෙනුවෙන් දායක වෙමින් ශ්‍රී ලාංකිකයින් නව බලශක්ති වාහන (NEV) භාවිත කරන පාරිභෝගිකයින් බවට ක්‍රමයෙන් පරිවර්තනය කිරීමට කැපවී කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව