Japlan Shades and Styles සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම උත්කර්ෂවත් අයුරින් සිදු කරයි

1711776460027 (LBN)

ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගමේ සත්කාරකත්වයෙන් Japlan Shades and Styles  සිව්වැනි සංවත්සරය සහ නිෂ්පාදන එළිදැක්වීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි.

ජපානයේ TBK සහ එහි ශ්‍රී ලාංකික හවුල්කරුවන් වන ජප්ලන් හෝල්ඩිංග්ස් සමාගම එක්ව ලොව අංක එකේ කේෂාලේපන සන්නාමය වන Wella  අලෙවි කිරීම සහ බෙදාහැරීම තුළින් මෙරටට හඳුන්වා දී  සිව්වසර සම්පූර්ණ කිරීම මෙහිදී සිහිපත් කරනු ලැබීය.

 



 

වසර 1880 දී ජර්මනියේ ආරම්භ කිරීමෙන් පසු එහි කීර්තිමත් උරුමයට නව මානයක් එක් කළ Color Fresh සහ Color Touch ඇතුළුව ලෝක මට්ටමේ  නවතම Wella නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දීම ද මෙහි දී සිදු කෙරිණි.

IKONIC  නිෂ්පාදන ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ එකම නියෝජිතයා ලෙස එම නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීම ද ජප්ලන් කන්සියුමර් පෞද්ගලික සමාගම විසින් මෙම උත්කර්ෂවත් උත්සවයේදී සිදු කරනු ලැබීය.

විලාසිතා සහ රූපලාවන්‍ය වැනි පුළුල් ක්ෂේත්‍ර අතරට නිර්මාණශීලීත්වය සහ අලංකාරත්වය ගෙන දෙන IKONIC එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රූපලාවන්‍ය උපකරණ අතර ප්‍රමුඛයන් බවට පත්වී ඇති සන්නාමයකි.

Wella සහ IKONIC නිෂ්පාදන ශ්‍රී ලංකාවේ  එකම බෙදාහරින්නා සහ අලෙවි නියෝජිතයා වන ජප්ලන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම මෙවැනි උසස් මට්ටමේ උත්සවයක් සංවිධාන කිරිමේ භූමිකාව නැවත වරක් කදිමට නිරූපනය කරමින් මෙරට පැවැත්වෙන පළමු විශේෂිත කේෂාලංකාර ප්‍රදර්ශනයකින් ද උත්සවය වර්ණවත් කළේය.

හිසකේ වර්ණ ලෝකයේ විවිධත්වය සහ විචිත්‍රවත්වය ද මෙහිදී සැමරූ අතර, මෝස්තර නිර්මාණයේ නව මානයන් ගවේෂණය කිරීමට විස්මයජනක අත්දැකීමක් ලබා දුන්නේය. රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන්ගේ ඒකරාශිවීමත් සමඟ එය හැකියාවන්, නවෝත්පාදන සහ ප්‍රවීණත්වයෙන් යුතු අලංකාර දර්ශනයක් බවට පත්විය. රට පුරා සිටින රූපලාවන්‍ය අලෙවිකරුවන් සහ ඉහළම මට්ටමේ රූපලාවන්‍යාගාර ඇතුළුව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ආකර්ෂණය ද මෙම උත්සවයට ලැබිණි.

Japlan Shades and Styles හුදෙක් සැමරුමක් පමණක් නොව එය විශිෂ්ටත්වය සඳහා වන ජප්ලන් හි කැපවීම පිළිබඳ කදිම සාක්ෂියක් වන අතර, මෝස්තර සහ විලාසිතා සඳහා ඇති සදාතනික ඉල්ලුමට උපහාරයක් ද විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව