Janashakthi Life නැවතත් ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයට අනුග්‍රහය ලබාදෙයි

Capture

රක්ෂණ ක්ෂේත්‍රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්‍රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතය.




මෙම තරගාවලියේ පසුගිය අදියර දෙකම බෙහෙවින් සාර්ථක වූ වූ අතර, මෙවරත් දේශීය හා ජාත්‍යන්තර මැරතන් ධාවකයන්, සමාගම් නියෝජනය කරන කණ්ඩායම් සහ ශරීර සුවතාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු විශාල පිරිසක් මෙයට සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙය පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව දායක වීම, ක්‍රියාශීලී ජීවන රටාවක වැදගත්කම පෙන්වා දීම සහ ප්‍රජා සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී අවකාශයක් බවට පත් වනු නිසැකය. එමෙන්ම මෙය ශ්‍රී ලංකාවේ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ක්‍රීඩා සංචාරක කර්මාන්තයට උත්තේජනයක් වනු අතර, ඒ ඔස්සේ හෝටල්, පාරිභෝගික වෙළඳාම්, ප්‍රවාහන සහ සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසකටද ප්‍රතිලාභ හිමි වනු ඇත.

මෙවැනි වැඩසටහන් ඔස්සේ ප්‍රජාවන් සමඟ අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගැනීමටත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් ප්‍රවර්ධනය කිරීමටත් Janashakthi Life සෑමවිටම උත්සාහ කරයි. ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් වන මෙය තුළින් ආයතනික සහ පුරවැසි සහභාගීත්වය හා සහයෝගීත්වය උදෙසා නව අවස්ථා රාශියක් නිර්මාණය වනු ඇත.

ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පසුගිය වසරේ පැවති තරගයෙන් ලැබුණු ආදායම ඔස්සේ පාසල් සහ ළමා නිවාස සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමේ වැඩසටහනක් ඇතුළු තිරසාර ප්‍රජා සංවර්ධන වැඩසටහන් කිහිපයක්ද  ක්‍රියාවට නංවන ලදි. එම වැඩසටහන යටතේ, දිවයින පුරා දුෂ්කර පාසල් සහ ළමා නිවාස සඳහා Reverse Osmosis ජල පෙරහන් පද්ධති 54 ක් ලබාදීමට එම සංගමය කටයුතු යොදා ඇති අතර, ඒ අතරින් පද්ධති 5 ක් සඳහා Janashakthi Life සමාගම දායකත්වය ලබා දී ඇත.

ගනුදෙනුකරුවන්ට මූල්‍යමය රැකවරණය ලබාදෙන විසඳුම් හා සේවාවන් පිරිනැමීමෙන් නොනැවතී, මේ ආකාරයට ජනතාවගේ යහපැවැත්ම, සහභාගීත්වය සහ සාමූහික අත්දැකීම් ප්‍රවර්ධනය කරන වැඩසටහන් සඳහා අඛණ්ඩව දායක වෙමින් රටේ පොදු යහපත වෙනුවෙන් දිගින් දිගටම කැපවීම Janashakthi Life සමාගමේ අරමුණ වී තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව