ලෝක කාන්තා දිනය සහ මෙරට කාන්තාවන් වෙනුවෙන් ජෝන් කීල්ස් පදනම ඉටුකරන මෙහෙවර

Visitors at Kala Pola 2 (LBN)

“මම බිම්මල් වවන්න පටන් ගත්තේ හිත සැහැල්ලු කරගන්න. මම හිතුවේ නෑ මේක මේ තරම් සාර්ථක ව්‍යාපාරයක් වෙයි කියලා. ජෝන් කීල්ස් පදනම මට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල සපයලා දුන්නා. දැන් මම කීල්ස් සුපිරි වෙළඳසැල්වලට බිම්මල් සපයනවා. දැන් මේ අවට තවත් කාන්තාවන් කීප දෙනෙක්ම මේ ව්‍යාපාරය පටන් අරන්.” ජාඇල ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ බිම්මල් වගා කරන ඉන්දිකා ලසන්ති පවසයි.




ඉන්දිකා ලසන්ති වැනි කාන්තාවන් දහස් ගණනකට ජෝන් කීල්ස් පදනම නිසා ජීවිතය ජයගැනීමට හැකි වී තිබේ. 2005 වසරේදී ආරම්භ වූ එන පදනම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ වගකීම් අංශයයි. ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන තේමාව යටතේ එම පදනම මඟින් කාන්තාවන් වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු වේ.

2026 වසරේ කාන්තා දිනයේ තේමාව වූයේ ‘Give to Gain’ යන්නයි. කාන්තාවන්ට නිසි අවස්ථා, ගෞරවය සහ නිසි තැන ලබාදුන් විට ඉන් සමස්ත සමාජයටම යහපතක් සිදු වන බව ඉන් ගම්‍ය වේ. ජෝන් කීල්ස් පදනමේ මෙහෙවර තුළින් පිළිබිඹු වන්නේ එම තේමාවේ අර්ථයයි.

රටේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ද ජෝන් කීල්ස් පදනම සුවිශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. විශේෂයෙන්ම උසස් පෙළ සහ විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් හඳුන්වා දී ඇති ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. මෙමඟින් තෝරාගත් සිසු සිසුවියන්ට තමන් අධ්‍යාපනය ලබන කාලසීමාව පුරාවටමට මාසික දීමනාවක් හිමි වේ.

කාන්තා දිනය

“උසස් පෙළ හදාරන කාලයේ මගේ අධ්‍යාපන සහ ඉඳුම් හිටුම් වියදම් පියවාගන්න මේ මාසික දීමනාව මට විශාල උදව්වක් වුණා. ඒකෙන් මගේ දෙමව්පියන් මත පැටවුණු බර අඩු වුණා. ඒ නිසා අධ්‍යාපන කටයුතු වඩාත් හොඳින් කරගන්න මට පුළුවන් වුණා.” ශිෂ්‍යත්වලාභිනියක වූ සුරනි හිමායා පැවසුවාය.

කලා කටයුතුවල නියුතු කාන්තාවන්ටද ජෝන් කීල්ස් පදනම මහඟු අත්වැලක් වී තිබේ. දිවයිනේ ජනප්‍රියම වාර්ෂික එළිමහන් චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ වැඩසටහනට පසුගිය වසර 32 පුරාවටම ජෝන් කීල්ස් අනුග්‍රහය හිමි වී ඇත.  කලා පොළ 2026 අදියරට සහභාගී වූ යූ. වී. රූපිකා ජයන්ති තම අත්දැකීම විස්තර කළේ මෙසේය. “ජෝන් කීස්ල් පදනමෙන් ලැබුණු අත්වැල නිසා මගේ නිර්මාණ කලා පොළ 2026 වැඩසටහනට ඉදිරිපත් කරන්න මට පුළුවන් වුණා. එතැනදී මගේ නිර්මාණවලට ලැබුණු ප්‍රතිචාර ගැන මට ආඩම්බරයි. ඒ අත්දැකීම මට කවදාවත්ම අමතක වෙන්නේ නෑ.”

ජෝන් කීල්ස් පදනම මඟින් ජෝන් කීල්ස් සමූහය අයත් Infomate (පුද්.) සමාගම සමඟ එක්ව දීර්ඝකාලීනව පවත්වාගෙන යන Rural BPO වැඩසටහන, ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් මහඟු කාර්යභාරයක් ඉටුකරයි. ඒ සම්බන්ධයෙන් සීනිගම BPO හි සාමාජිකා අශානි කවුන්දිකා මෙසේ පැවසුවාය. “Infomate ආයතනය හරහා මම තාක්ෂණික කරුණු විතරක් නෙමෙයි, කාර්යාලයක වැඩ කිරීම, නායකත්ව කුසලතා වගේ ගොඩක් දේවල් ඉගෙනගත්තා. පහුගිය අවුරුද්දක කාලය ඇතුළත මට, විශේෂයෙන්ම විවාහ වුණාට පස්සේ, පවුලේ අදායමට දායක වෙන්න පුළුවන් වෙලා තියනවා.”

ජෝන් කීල්ස් පදනම විසින් මෑතකදී කඩුවෙල පොලිස් ස්ථානයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ළමා අපචාර හා මත්ද්‍රව්‍ය පිටුදැකීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදි. එයට සහභාගී වූ තලංගම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා අංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිනී මහත්මිය මෙසේ සිය අදහස් පළකළාය: “මේක ඉතාමත් කාලෝචිත වැඩසටහනක්. විශේෂයෙන්ම අලුතින් පොලීසියට එක්වුණු නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට මේකෙන් වැදගත් කරුණු රාශියක් ඉගෙනගන්නට ලැබුණා. ඉදිරියේදී මෙවැනි වැඩසටහන් වැඩි වැඩියෙන් සංවිධානය කරන්නට ජෝන් කීල්ස් පදනමට හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඔස්සේ රට පුරා වෙසෙන තවත් කාන්තාවන් දහස් ගණනකට ජීවිතය ජයගැනීමට අත්වැලක් වීම ජෝන් කීල්ස් පදනමේ අරමුණ වී තිබේ.

ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමුවන ප්‍රධානතම අංශ වන්නේ අධ්‍යාපනය, ප්‍රජාවන් හා ජීවනෝපාය, සමාජ සෞඛ්‍යය හා සහජීවනය සහ ජෛව විවිධත්වය යන අංශ 4 යි. කොළඹ කොටස් වෙළඳ පොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන JKH ආයතනය සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියාවන් ලබා දෙන අතර වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ විසින් සිද කරන ලද ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය ඇගයීමේ සමීක්ෂණයේදී ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී අඛණ්ඩව සිව්වන වසරටත් ප්‍රථම ස්ථානයට පත් විය. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස්, ජෝන් කීල්ස් පදනම හරහා සහ සමාජ ව්‍යවසායකත්ව මුලපිරීම හරහා “බලගන්වමු දේශය හෙට දිනට”  යන දැක්ම මෙහෙයවන අතර, Plasticcycle සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ උත්ප්‍රේරකයක් ලෙසින් ද ක්‍රියා කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව