
අනාගත ක්රීඩා විශිෂ්ටයින් බිහි කිරීම අරමුණු කර ගනිමින් 2026 ජූනි මාසයේදී නිල වශයෙන් ආරම්භ කරන ලද Carnage Athlete Foundation ශ්රී ලාංකේය ක්රීඩක ක්රීඩිකාවන්ට තමන්ගේ උපරිම හැකියාවන් හා දක්ෂතාවයන් ඉහල නංවා ගැනීමට මෙන්ම ජාත්යන්තර තරඟ සඳහා සාර්ථකව මුහුණ දීමටත් අවශ්ය වටිනා අවස්ථා නිර්මාණය කරදීමට කැපවී කටයුතු කරයි.
හුදෙක් තනි පුද්ගල හෝ එක් තරඟාවලියකට පමණක් සීමා වූ කෙටි කාලීන අනුග්රහයන් වෙනුවට මෙරට ක්රීඩා ක්ෂේත්රයේ දිගුකාලීන උපායමාර්ගික සංවර්ධන මාවතක් නිර්මාණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
මෙම සුවිශේෂී ක්රීඩා සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් Carnage ආයතනයේ අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී ජොඑල් තිලකරත්න මහතා සඳහන් කර සිටියේ “ශ්රී ලංකාව තුළ ක්රීඩා කුසලතාවයන්හී කිසිදු අඩුවක් නෙැමැත. අවශ්ය වන්නේ අපගේ ක්රීඩකයින්ගේ කුසලතාවයන් සවිමත් කරනු පිණිස සහයෝගය, නිසි මගපෙන්වීම සහ ඊට අවස්ථාවන් සපයාදීමයි. Carnage Athlete Foundation හරහා පුද්ගල ජයග්රහණවලින් ඔබ්බට ගොස්, සමස්ත දේශීය ක්රීඩා ක්ෂේත්රය කෙරෙහි දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකි ස්ථාවර යටිතල පහසුකමක් ගොඩනැඟීමට අපි බලාපොරොත්තු වනවා. අපගේ ක්රීඩක ක්රීඩිකාවන් මේ වන විට ලබාගෙන ඇති ජාත්යන්තර ජයග්රහණ පිළිබඳව බෙහෙවින් ආඩම්බර වන අප මෙම සාර්ථකත්වයන් මීට වඩා හාත්පසින්ම විශාල වූ අනාගත දීර්ඝ ගමනක සාර්ථක ආරම්භයක් ලෙස දකිනවා.” යනුවෙනි.
Carnage Athlete Foundation හි ජයග්රහණයන් අතර IRONMAN 70.3 ලෝක ශූරතාවලිය සඳහා සුදුසුකම් ලබා ගනිමින් සහභාගී වූ කාලිඩ් ඔස්මාන් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ඒ ශ්රී ලංකාවේ ප්රථම දෘශ්යාබාධිත ක්රීඩකයා ලෙස ඉතිහාසයට එක් වෙමිනි. එහිදී සිය නිල මාර්ගෝපදේශකයා වන මිතුන් ලියනගේ සමඟ එක්ව අභියෝගාත්මක තරඟාවලියක් නිමා කළ කාලිඩ් පැරා විවෘත කාණ්ඩයේ ලොව ප්රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.
2026 පොදුරාජ්ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී මෙරට Carnage සන්නාමය නියෝජනය කළ ප්රමුඛ පෙළේ බර ඉසිලීමේ ක්රීඩකයන් වන උවිඳු ජයසිංහ සහ රෂිතා ද සිල්වා ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ජයග්රහණ රැසක් අත්පත් කරගැනීමට සමත් වූහ. තරඟාවලියේ මුලදී ශ්රේණිගත කිරීම්හි 10 වන ස්ථානයේ පසුවූ උවිඳු, සිය උත්සාහය තුලින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර රෂිතා ද සිල්වා රිදී පදක්කම දිනා ගන්නා ලදී.
Carnage Athlete Foundation හි ක්රීඩක ක්රීඩිකාවන් ඔවුන්ගේ ජයග්රහණයන්ගෙන් නොනැවතී සමාජයට අර්ථවත් වෙනසක් සිදුකිරීම වෙනුවෙන් තමන්ගේ ක්රීඩා හැකියාවන් භාවිත කළ අවස්ථාවන්ද බොහෝය. ඉන් එක් අවස්ථාවක් ලෙස එම පදනම නියෝජනය කරන සුප්රසිද්ධ දුර දිවීමේ ක්රීඩිකාවක වන කැත්රින් ස්මාර්ට්, අසරණ දේශීය ප්රජාවන්ට සහන සැලසීමේ අරමුණින් අරමුදල් රැස්කිරීම සඳහා ශ්රී ලංකාව පුරා කිලෝමීටර් 330කට වඩා වැඩි දුරක් දිවීම පෙන්වා දිය හැකිය.
ජාත්යන්තර මට්ටමේ ඉහළම පදක්කම් සහ ජයග්රහණ අත්පත් කරගැනීමේ සිට දේශීය කනිෂ්ඨ ක්රීඩකයන්ගේ සැඟවුණු දක්ෂතා වර්ධනය කිරීම දක්වා වූ මෙම සියලුම සුවිශේෂී ජයග්රහණ හරහා Carnage Athlete Foundation සතු ජාතික කැපවීම සහ සමාජ වගකීම මනාව පිළිබිඹු වේ.
නොසැලෙන අභිලාෂය, දැඩි කැපවීම සහ විශිෂ්ටත්වය අඛණ්ඩව හඹා යාමේ ස්ථාවර පදනම මත ගොඩනැඟුණු, ජාත්යන්තර මට්ටමේ ඉහළම ගුණාත්මකභාවයකින් යුත් ශ්රී ලාංකීය සන්නාමයක් වන Carnage ශ්රී ලංකාවේ අංක 1 ක්රීඩා සහ ජීවන රටා ඇඟලුම් සන්නාමය ලෙස සිය විශිෂ්ටත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටියි.


