ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා INSEE–දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය අතර සහයෝගීතා අවබෝධතා ගිවිසුම

Image (LBN)

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ තාක්ෂණික නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින්, INSEE සමාගම සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා ගාල්ලේ Radisson Blu හෝටලයේදී පැවැත්වුණි.

INSEE සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තුසිත් ගුණවර්ණසූරිය මහතා සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම සී. මුහන්දිරම්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණු අතර ඒ සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා ද, පළාත් පාලන ආයතන, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA), ගොඩනැගිලි දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරමින් ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාස කිහිපය තුළ දකුණු පළාතේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික නිලධාරීන් වෙනුවෙන් අඛණ්ඩ පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දකුණු පළාතේ රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ශක්තිමත් සහයෝගීතාවයක් ගොඩනැගීම තුළින් නවීන තාක්ෂණික දැනුම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙත සමීප කිරීමත්, දැනුමෙන් සන්නද්ධ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් මෙරට අනාගතය වෙනුවෙන් නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ මූලික අරමුණු අතර වේ


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව