ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් E මෝටර් කාඩ්පත හඳුන්වා දෙමින් ශ්‍රී ලංකා පොලීසියට ටැබ් 500ක්  පරිත්‍යාග කිරීමට පියවර ගනියි

IASL-logo (LBN)

ශ්‍රී ලංකා රක්ෂණ සංගමය විසින් (IASL) 2026 ජනවාරි 07 වන දින විද්‍යුත් මෝටර් රක්ෂණ ඩිජිටල් කාඩ්පත දියත් කිරීමට කටයුතු යොදා ඇත. බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී මෙම දියත් කිරීම සිදු කිරීමට නියමිත අතර ඊට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් පරිගණක 500ක් ලබා දීමටද කටයුතු කර ඇත.

මෙම අවස්ථාව සඳහා IASL හි නිලධාරීන්, ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL), සියලු සාමාන්‍ය රක්ෂණ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, ශ්‍රී ලංකා පොලීසිය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ නිලධාරීන්,  ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ නියෝජිතයින්, විදුලි සංදේශ හවුල්කරුවන්, සාමාන්‍ය රක්ෂණ සංසදයේ (GIF) සාමාජිකයින්, සහ අලෙවි හා විකුණුම් සංසදයේ (MSF) සාමාජිකයින් සහභාගී වනු ඇත.




ඩිජිටල්කරණ මෝටර් රථ රක්ෂණයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන මෙම සුවිශේෂී දියත් කිරීම තුලින් රක්ෂණ කාඩ්පතක් වෙනුවට විද්‍යුත් රක්ෂණ කාඩ්පතක් පාරිභෝගිකයින් වෙත හිමිවනු ඇත. එමෙන්ම සාමාන්‍ය රක්ෂණ සමාම් 13ක් විසින් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ටැබ්ලට් 500ක් පරිත්‍යාග කිරීමද සිදු වනු ඇති අතර එය නව අනතුරු කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීමට, එවේලේම සිදුකරන ඩිජිටල් වාර්තාකරණයන් ඉහළ නැංවීමට මෙන්ම මාර්ග ආරක්ෂණ කළමනාකරණය වැඩි දියුණු කිරීමටද අවස්ථාව උදා කර දෙනු ඇත.

මීට අමතරව 2026 වසරේ ජනවාරි මස සිට USSD, SMS හෝ හරහා සරල හා පහසු තහවුරු කිරීමේ කේතයක් මඟින් (2252) මහජනතාවට ලබා ගත හැකි ජාතික රක්ෂණ සත්‍යාපන ක්‍රමවේදය (National Insurance Verification System)  ඇතුලු ඩිජිටල් වැඩසටහන් රැසක් ෂ්ීඛ විසින් හඳුන්වා දෙනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව